13 Reasons Why (2017) [S02 : E08] Sinhala Subtitle
Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ අටවැනි කොටසෙ උපසිරසියත් එක්කයි. මේ කොටස නම් වෙන්නෙ The Little Girl නමින්. ලබා ඇති Imdb අගය 8ක්. ගිය කොටසින් අපි දැක්කා තවත් අභිරහස් පෝලරොයිඩ් ජායාරූපයක් කරළියට එනවා, ඒකත් බ්‍රයිස් ගැනමයි. ඒ අතරෙ ටයිලරුයි සයිරසුයි මාකස්ව බ්ලැක්මේල් කරන්නත් පටන්ගන්නවා සැක්ගේ icloud එකෙන් හොයාගත් වීඩියෝ පටය පෙන්නමින්. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ක්ලේගේ සාක්ෂිය තමයි අපි දැක්කෙ ගිය කොටසින්. අද කොතසෙ තියෙන්නෙත් තවත් වැදගත් සාක්ෂි දෙකක්, ඒ තමයි හැනාගේ මව්පියන් දෙදෙනාගේ සාක්ෂිය. ඇත්තටම අපි පලමු කතා සමයෙන් දැක්ක විදියට වෝල්ප්ලෙක්ස් ආයතනය නිසා ව්‍යාපාරික වශයෙන් හැලහැප්පීම් මැද්දෙ වුණත් හැනාගෙ පවුල සතුටින් ජීවත් වුණ පවුලක්. පිටින් එහෙම පෙනුනට ඇත්තටම ඒක එහෙමද , හැනාගේ මරණයට ඔවුනුත් යම් තරමකින් හෝ වගකිවයුතුද කියල බලන්න පුළුවන් අද කොටසින්. එහෙනම් මම ගිහින් එන්නම්. හමුවෙමු මීලඟ කොටසින්.
Thank you bro sub ekata.. 🙂 😉
Jaya wewa.!