Adult Trainee (2021) [S01 : E03] Sinhala Subtitle
Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung
ඔන්න මං තුන්වෙනි කොටසත් අරන් ආවෝ…![]()
![]()
කලින් කොටසෙ කිව්වා වගේම මම මේ කතාව බලන්න ගත්ත හේතුව උණෙත් මේ දෙවෙනි කතාව. කතා තුනෙන් දිගම කතාවත් මේකමයි. එපිසෝඩ් තුනක මේක දිග ඇරෙනවා…
වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත්, බන් යුරා කියෙන්නෙ පාසල් යන ගතානුගතික ගෑණු ළමයෙක්. මෙයාගෙ පොඩි කාලෙ ඉඳන් ඉන්න හොඳම යාළුවා තමයි කිම් නම් හෝ කියන්නෙ.(හොඳම පිරිමි යාළුවා) මෙයාගෙ හොඳම ගැහැණු යාළුවා නමින් කන්ග් ඩා හ්යුන්. බන් යුරාගෙ පළවෙනි ආදරේ, පළවෙනි කොල්ලා තමයි සොන්ග් යී ජූන්. යී ජූන් කියන්නෙ කිස් කරන්න වගේ ශාරීරික සම්බන්ධකම් වලට ආස කොල්ලෙක්. ඒත් යූරා ගතානුගතික කෙනෙක් නිසා යී ජූන් යුරාව දාලා යනවා. නපුරුම දේ කියන්නෙ යී ජූන් යුරාට පස්සෙ යාළුවෙන්නෙ ඩා හ්යුන් එක්ක. ඒ කියන්නෙ යුරාගෙ හොඳම යාළුවත් එක්ක. මේ දෙන්නා කිස් කර කර ඉන්නකොට යුරාගෙ අතටම අහු වෙනවා… ඔන්න ඔතනින් තමා කතාව පටන් ගන්නෙ…
මම තව කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඔයාලම බලලා ඉන්නකෝ… ඇත්තම කිව්වොත් පළවෙනි කතාවට වැඩිය මේක ලස්සනයි..
Joo Yoo Jung as Bun Yu Ra
Still 17, Record of Youth, Love Alarm කියන කතා බලපු අයනම් මෙයාව දන්නවා ඇති..![]()
Ryeo Un as Kim Nam Ho
Through the Darkness (මේක මේ එන 14 ටෙලිකාස්ට් වෙන්න තියෙන එකක්), 18 Again, 365: Repeat The Year බලපු අය මෙයාව දන්නවා ඇති ![]()
Lee Chan-Hyeong as Song Yi-Joon

Hospital Playlist 2 එක බලලා තියේ නම් ඔයාලා මෙයාව දන්නවත් ඇති ![]()
Park Se-Hyun as Kang Da-Hyun
Youth of May, Record of Youth කියන කතාවල මෙයත් රඟ පාලා තියේ.. ![]()
එහෙනම් අදට ගිහින් එන්නම්… ඊළඟ කොටසත් අරන් මං ඉක්මනටම එන්නම්… ![]()
![]()
තෑන්ක්ස් සබ් එකට
කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි:blush::blush:
Thank you for sub