Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E06] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E05] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E06] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E05] Sinhala Subtitle
  • Genres
  • Adventure
  • Legacies (2018) [S01 : E15]…

Legacies (2018) [S01 : E15] Sinhala Subtitle

March 27, 2019 Expert Subtitler

 

!…මම ඔයාට කියන්නම් කතාවක් ගැන…!

ඉතින් කට්ටිය කොහොමද, මේ කොටස පුළුවන් තරම් ඉක්මනට අනිත් එක එන්න කලින් අරං ආවා.මේක මට ඊයෙම ගේන්න තිබුණා මේ කරන්ට් කැපිල්ල නැත්නම්.මේ කොටසේ නම තමයි I’ll Tell You a Story.ඉතින් මේ කොටස ලබා ගෙන ඇති imdb අගය 8.9 වගේ ඉතා හොඳ අගයක් අරං තියනවා.

ගිය සතියේ කතාව දිහාට හැරුනොත් ඔයාලා දකින්න ඇති මිස් මිස්ටික් ෆෝල්ස් තරඟය.ඉතින් අපේ ලිසී සාල්ස්මන් තරඟයට සහභාගී වුනේ නැහැ ඩේනාගේ අම්මා ප්‍රධාන විනිසුරුවරිය නිසා.ඉතින් ඒ වෙනුවට ලිසී හෝප්ව තරඟයට යෝජනා කරා.ඒ අතරේදී අපි දැක්කා ජෝසීගේ මූණ නිකන් හපයක් වගේ වෙනවා.ඉතින් අපි අන්තිමේදී දැන ගන්නවා ජෝසීත් මේ තරඟය දිනන්න කැමැත්තෙන් හිටියා කියලා.ඒ වගේම අපේ පෙනොලොපි උත්සහ කරා කොහොම හරි ජෝසීව දිනවන්න, එත් ඉතින් ජෝසී ලිසීගේ සැලැස්ම අනුව වැඩ කරනවා.මේ අතරේදී ඔයාලා the originals බැලුවා නම් දකින්න ඇති මේකට රෝමන් එනවා.(හෝප් ගේ කලින් කොල්ලා) ඉතින් හෝප් රෝමන් එක්ක සුහදව කතා කරන එක ලැන්ඩන්ට පෙන්න බැහැ.මොකද ලැන්ඩන් අතින් අර පිහිය හොරකම් වුනාහම හෝප් එයාට දොස් කිව්ව හැටි.අන්න ඒක නිසා. ඒ වගේම පෙනොලොපි එක්ක ලැන්ඩන් පස්සේ කතා කර කර වයින් එකක් බොනකොට හෝප් ලැන්ඩන්ගේ අම්මව හම්ඹ වෙලා ඒ ගැන මතක නැති කොටස ගැන කියනවා.ඉතින් තරඟයේ නැටුම වෙලාවේ ලැන්ඩන් ඒක ගැන කියලා රණ්ඩු වෙලා යනවා.ඉතින් කොහොම හරි එතනට රෝමන් ඇවිල්ලා මේ නැටුම ඉවර කරමු කියලා කියනවා.අන්තිමේදී හෝප් තරඟයෙන් දිනනවා.ඒ වගේම අපේ ලිසී සහ ජෝසී රණ්ඩු වෙනවා පෙනොලොපි ඉස්කෝලෙන් යන එක ගැන නොකිව්වට සහ එයාට අවස්තාවක් නොදුන්නු එකට. ඉතින් තව දෙයක් අපි දැක්කා.මේඩූසා කෙනෙක් එනවා.නැත්නම් ගොර්ගන් කෙනෙක්.ඉතින් කොහොම හරි MG එයාව අල්ල ගෙන එයා කරපු වැරැද්ද තේරුම් කරවනවා.ඉතින් අපි අවසානයේදී දකිනවා පෙනොලොපි පාසලෙන් යන එක සහ අර පෙනොලොපි පෑන් පාවිච්චි කරලා කරපු හොර වැඩ ටික තියන පොතක් ජෝසීට දීලා යනවා.ඒ වගේම එයාට ඒකෙ තියන මර්ජ් එක ගැන කියවන්න කියනවා.ඇත්තම කිව්වොත් පෙනොලොපි යන එකට මටත් ටිකක් දුක හිතුණා. ඒ වගේම ජෝසී දැන ගන්නවා පෙනොලොපි එයාට ඇත්තටම ආදරය කරලා තියනවා කියලත්.ඉතින් අවසානයේදී අපිව වෙනම පැත්තකට අරං ගිහිල්ලා MG ගේ අම්මා තමයි ට්‍රයාඩ් එකේ ප්‍රධානියා කියලා අපිට දැක ගන්න පුළුවන් වෙනවා.ඒ වගේම එයා පාසලට ඇවිල්ලා ආපහු යද්දී ලැන්ඩන්වත් ට්‍රයාඩ් එකට අරං යනවා අපිට බලා ගන්න පුළුවන්.

ඉතින් අද කොටස දිහා බැලුවොත් ඔයාලට ජෙමනායි කවය ගැන තියන රහස නිවුන්නු දෙන්නට එලිවීම වගේ දේවල් බලන්න පුළුවන්.ඒ වගේම අපේ ලැන්ඩන්ට මොනවා වෙයිද සහ ඇත්තටම ලැන්ඩන් කවුද කියලත් බලා ගන්න පුළුවන් වෙයි.මම ගිය කොටසින් කිව්වේ එයාව 90% පෙන්නුවා කියලා.මේ කොටසේදී 100 % එයා කවුද කියලා අපිට බලා ගන්න පුළුවන්.ඒ වගේම අපිට මේ ඒජන්ට් ක්ලාර්ක්ගේ ගැන තියන අභිරහස ගැනත් දැන ගන්න පුළුවන්.මේ කොටස ගොඩක්ම දේවල් හෙළි කරන කොටසක්.ඒ නිසා කට්ටිය මඟ හරවා ගන්නේ නැතුව බලන්න.

විශේෂ – 

  • ජෙමනායි කවය – ජෙමනායි කවය කියලා කියන්නේ මායාකාරියන් සහ මායකරුවන්ගෙන් සමන්විත කවයක්.ඔයාලා Secret Circle (බලල නැත්නම් බලන්න) තියනවා නම් කවය කියන එක ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්.ඉතින් මේ ජෙමනායි කවය ඇමරිකාවේ පොර්ට්ලන්ඩ්,ඔර්ගන් වගේ පැති වල ඉඳලා පස්සේ මිස්ටික් ෆෝල්ස් වලට එනවා.ඔයාලා tvd බලල තියනවා නම් එකේ පහ හෝ හයවෙනි කතා මාලාවන් වල තමයි මේ ගැන සඳහන් වෙන්නේ.ඉතින් මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා සයිෆන් මායාවන් කරන එක.මේ කවයේ දැනට බේරිලා ඉන්න එකම දෙන්නා තමයි ලිසී සහ ජෝසී කියන්නේ.ඉතින් මේ කවය විනාශ කරේ මලාචි පාර්කර්(කායි පාර්කර්) කියලා කෙනෙක්.මෙයාලගේ තව මායාවන් තියනවා.ඒ අතර කෙනෙක්ව හිර ලෝකයකට යැවීම, සැඟවිලා ඉන්න පුළුවන් මායාව, ඒ වගේම තවත් මේ වගේම මායාවන් ගොඩක් කරන්න මෙයාලට පුළුවන්.ඒ වගේම මේ ජෙමනායි කියන එකේ තේරුම තමයි නිවුන්නු කියන.ඒ වගේම ලිසී සහ ජෝසී ඇරුනහම මේ කවයේ දැනට ඉතුරු වෙලා ඉන්න කට්ටිය තමයි කායි පාර්කර් සහ වැලරි ටලී.ඒ වගේම මේ කවයේ  ගොඩක් දෙනෙක් හයිබ්‍රිඩ්ලා.ඒ කියන්නේ මායාකාරියන් සහ වැම්පයර්ලගේ එකතුවක්.මේකේ සාමාජිකයෝ තමයි ජෝසෙට් පාර්කර්, ජෝයි පාර්කර්, තවත් පාර්කර්ලා තුන් දෙනෙක්, ඔලිවියා පාර්කර්, ලූකස් පාර්කර්, හැසෙල්, ජෝසී සාල්ස්මන්, ලිසී සාල්සමන්, වැලරි ටලී, නොරා හයිගාර්ඩ්, මේරි ලුයිස්, ඔස්කාර්, මැල්කම්, බෙයුයි, ජෝෂුවා පාර්කර් (නායකයෙක්), මලාචි පාර්කර්/කායි(නායකයෙක්) ජෝසී සහ ලිසී, ඒ වගේම වැලරි සහ කායි.(මේ දෙන්නා ඉන්නේ හිරේ).

 

  • සයිෆන් මායාව – මේ මායාවේ තියන විශේෂත්වය මෙයාලට පුළුවන් මායා වස්තූන්,මායාවෙන් හැදුණු අය, ඒ වගේම මායාව ඇඟේ තියන කට්ටියගෙන් මායාව උරා ගෙන එයාලට මායාවන් කල හැකි වීම.

 

  • ඒකා බද්ධය / මර්ජ් – මේක ජෙමනායි කවයේ තියන සම්ප්‍රදායික මායා කර්මයක් සහ ශාපයක් විදිහට අපිට මේක දකින්න පුළුවන්.කවයේ ඉන්න නිව්වුන්නු තමයි මේ කවයේ ප්‍රධානියා වෙන්නේ.ඒවගේම කවයේ ප්‍රධානියා වෙන්න එක නිවුන්නෙක් අනිත් එක්කෙනාව මරන්න ඕනේ.එතකොට තමයි කවය පවත්වාගෙන යන්න පුළුවන්.මේ මර්ජ් එක සිද්ධ වෙන්න නම් නිවුන්නු දෙන්නා එකට මැජික් කරලා තියෙන්නේ ඕනේ, ඒ වගේම එයාලට අවුරුදු 22 වුනහම එයාලට සිද්ද වෙනවා මේකට පෙනී හිටින්න.මෙයාලා මෙයාලගේ අත් දෙක එකට එකතු කරගෙන මනසින් සටන් කරන්න ඕනේ.ඒ වගේම වැඩි බලයක් තියෙන කෙනා අනිත් කෙනාව පරද්දවලා බලය ලබා ගෙන කවයේ නායකයා වෙනවා.ඉතින් ඔයාලට මතක ඇති නම් tvd වල කායි සහ ජෝ මේ මර්ජ් එකට සහභාගී වෙනවා.එත් ලූක් ඇවිල්ල ජෝව අයින් කරලා එයා සහ ලූක් මර්ජ් එක කරනවා.මෙන්න මෙතනින් එක ඔයාලා ගිහින් බලන්න.

 

  • හර්ටික්ස් – මෙයාලා කණ්ඩායමක්.ජෙම්නායි කවය ගැන කියාද්දී මෙයාලා ගැන නොකියා බැහැ. මෙයාලා හරි දරුණු වැම්පයර් මායාකාරියන් ඉන්න පිරිසක්.මේකේ ඉන්නවා ලිලීයන් සැල්වටෝර්(ඩේමන් සහ ස්ටෙෆන් ගේ අම්මා), කායි සහ වැලරි සහ තවත් කට්ටිය් ඉන්න එකක්.එකේ කට්ටියව හරියට කිව්වොත් ලිලියන් සැල්වටෝර් සහ ජුලියන් නායකයන්.වැලරි ටලී, මෙලාචි පාර්කර්, ඔස්කාර් , නොරා හයිඩ්ගාර්ඩ්, මේරි ලුයිස්, බෙයු, මැල්කම්.

ඉතින් ඔය උඩ දැම්ම විස්තරය හරියටම හරි නොවෙන්නත් පුළුවන්.එත් ඉතින් පුළුවන් විදිහට දැම්මා හොඳේ.ඉතින් එහෙනම් මම යනවා.දැන් එන්න එන්නම කට්ටියගේ comment අඩුයි.මේ කොටසට මට හොඳ comment ටිකක් ඕනෙමයි.ඉතින් ඊලඟ කොටස දෙන්නේ comment තිබුනොත් විතරයි.අපි ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ අදහස විතරයි.තත්පර තිහක් වැය කරලා ඕක දාලා යන්න බැරි නම් ඉතින් අපි මේ නැහීගෙන මේවා කරලා වැඩක් නැහැ.ඉතින් ඊලඟ කොටස දෙන්නේ සැලකිය යුතු මට්ටමේ අදහස් ටිකක් තිබුනොත් විතරයි.නැත්නම් මේක නවත්වලා දානවා.හොඳයි ඊළඟ කොටසින් හම්බවෙමු.එතෙක් ඔයාලට ජය වේවා!

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
9452 Downloads
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Legacies S01E15 Ill Tell You a Story 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E15 1.18G
GET
Legacies S01E15 iNTERNAL 480p x264-mSD EZTV
E15 123M
GET
Legacies S01E15 iNTERNAL 720p WEB h264-BAMBOOZLE EZTV
E15 758M
GET
Legacies S01E15 720p HDTV x265-MiNX EZTV
E15 225M
GET
Legacies S01E15 480p x264-mSD EZTV
E15 123M
GET
Legacies S01E15 720p HDTV x264-AVS EZTV
E15 778M
GET
Legacies S01E15 HDTV x264-SVA EZTV
E15 205M
GET
SERIES COLLECTION
E14 episode thumb
PREVIOUS
Legacies (2018) [S01 :…
E16 episode thumb
NEXT UP
Legacies (2018) [S01 :…
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (17)
Newer →
  • Damindu Sulakkhana Unregistered
    Android 5.1 UC Browser 11.5
    2019-03-28

    Sub ekata thanks.meke sub dena eka nawatthanna epa.supiri kathawa.

    Reply
  • Sachintha Unregistered
    Android 6 UC Browser 12.9
    2019-03-28

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

    Reply
  • Malindu Unregistered
    Android 6 UC Browser 12.9
    2019-03-28

    Thanks For Sub….

    Reply
  • Himaru Unregistered
    Android 6 UC Browser 12.9
    2019-03-28

    මේක දෙනකල් තමයි බලන් හිටියේ…
    සිංහල උපසිරැසියට ස්තූතියි
    දිගටම සබ් දෙන්න….

    Reply
  • Roshan Unregistered
    Windows 10 Chrome 73
    2019-03-28

    thnx machooo sabata…………

    Reply
  • Maleesha Induwara Jayawardhana Unregistered
    unknown Opera Mini 4.4
    2019-03-28

    Sub nam maru. Sub dena eka nawaththanna epa. E unata kathawa awilla hena kalekata passe sub dammama e kathawe thiyana athal eka nathiwenawa. Comment danna hithenneth na tharahata. Eka nisa oka kal dada in nathuwa oka hadapu gaman danna. Borunan kathawa awilla uparima dawasakta passe dala balanna watena comment tika. Mama meka danne tharahen newei. Oya kiyapuwata witharai uththara dunne. Thanx sub ekata machan.

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 73
      2019-03-28

      අදහසට ස්තුතියි සහෝදරයා, එත් ඉතින් අධ්‍යාපන වැඩ කටයුතු පස්සට දාලා මේවා කරන්න බැහැ නේ සහෝදරයා.මේක කරන්නේ අපි නිකන් විනෝදෙට වගේ.අරගෙන බලන නොබලන එක ඔයාලගේ වැඩක්.ඉවසන එක නැති එකත් ඔයාලගේ වැඩක්.ඇත්තම කිව්වොත් මේ වැඩේ කරගෙන යන්න දෙපැත්තේම සහයෝගය ඕනේ.අනික සහෝ එපිය එන්නේ realse date එකට පස්සේ.ඒ වගේම english sub එක එන්නේ ඊට පස්සේ දවසේ.ඉතින් එපිය ආව දවසට පස්සේ දවසේ sub එක ගෙන්න කොහෙත්ම බැහැ.එත් පුළුවන් හැම වෙලාවකම ඉක්මනින් sub එක දෙන්නයි අපේ බලාපොරොත්තුව.එත් ඉතින් ටිකක් විතර පරක්කු වුනහම ඔයාලට ටිකක් ඉවසීම නැති වෙනවා.ඒක ඇත්ත.එත් ඉවසන්න බැහැ කියලා දෙයක් නැහැනේ.site එකේ ගොඩක් කතා නවත්වලා තියෙන්නේ ඔයාලගේ comment අඩු නිසා තමයි.ඔයාලා ගොඩක් අය comment කරන්නේ පරක්කු වුනහම කෝ එපිය කියලා අහන්න විතරයි.ඒක ටිකක් අපේ පැත්තෙන් බලුවහම අපිට අසාධාරණයි.අනික ගිය කොටස් දෙක පරක්කු වුනේ මගේ විභාගයක් නිසා.ඒක නිසා දවස් 6 ට මම එපි තුනක්ම කරා.ඒ කරලත් comment නැත්නම් වැඩක් නැහැ නේද සහෝ.ඉතින් ඕක නිසා තමයි අපේ එකම ඉල්ලීම වෙන ඔයාලගේ අදහස් විතරක් ඉල්ලන්නේ.අපි වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැනේ.ඉතින් ඒක ඔයාලගේ පැත්තෙන් ඉටු වෙන්නම ඕන දෙයක්.site එකේ නවත්වලා තියන කතා වලට ගිහින් බැලුවොත් ඉක්මනට දීලා තියෙන එපි වල comment අඩුයි කියලා.පරක්කුයි පරක්කුයි කියලා තමයි ගොඩක් එපි වල තියෙන්නේ.ඉතින් ගොඩක් කට්ටිය tv series කෙරුවාව අත්හරින්න හේතුවත් ඕකම තමයි.ඒ නිසා මේක ගැනත් හොඳටම හිතලා බලන්න සහෝදරයා.

  • buddhi shehan User
    Android 6 UC Browser 12.1
    2019-03-28

    Thnnz sub ekata mcn

    Reply
  • kvm Unregistered
    Windows 10 Firefox 66
    2019-03-29

    jaya sahodaraya digatama denna

    Reply
  • ishaniu Unregistered
    Android 5.1 Samsung Browser 3.5
    2019-03-30

    Thax bn sub ekt.season final ektth ikmnt denn

    Reply
  • vihanga Unregistered
    Windows 7 Chrome 73
    2019-03-30

    thanks bro…

    Reply
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 73
    2019-03-31

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • Kaveen Unregistered
    Android 6 UC Browser 12.9
    2019-03-31

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
    අවසාන කොටසත් හැකි ඉක්මනින් දෙමු…
    ජය වේවා…

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 73
      2019-03-31

      ඉක්මනට දෙන්නම් සහෝ.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Update
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip
Update
Deewaanapan (2001) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 117
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
Canadian, Sniper (2023) Sinhala Subtitle
Apr 21, 2026
Update
Caddo Lake (2024) Sinhala Subtitle
Apr 19, 2026
Update
Ikk Kudi (2025) Sinhala Subtitle
Apr 19, 2026
Update
Cold Eyes (2013) Sinhala Subtitle
Apr 04, 2026
Update
V.I.P. (2017) Sinhala Subtitle
Mar 29, 2026
Update
Al Kameen (2021) Sinhala Subtitle
Mar 27, 2026
Update
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Mar 24, 2026
Update
Adult Trainee (2021) [S01 : E06] Sinhala Subtitle
Mar 22, 2026
Update
Project A (1983) Sinhala Subtitle
Feb 11, 2026
Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Feb 09, 2026
Update
Triggered (2024) Sinhala Subtitle
Jan 30, 2026
Update
Wolf Hiding (2023) Sinhala Subtitle
Jan 10, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved