My Bias, My Boss (2026) [S01 : E10] Sinhala Subtitle
Kang Hoon, Kim Hye-jun, Cha Woo-min, YUNA, Chun Woo-jin, Yoon Hyun-suk, Baekseung, Jung Hyun-min, Jiho, Kim Ah-young
අලුතෙන්ම පටන් ගන්න ව්යාපෘතියක් වෙනුවෙන් හෑන් සමාගමේ සභාපතිනි හැන් ජොං-යොන් අපෙලෝ එකට පැමිණෙනවා. එයා එකපාරටම ඔන් සමාගම සහ අපෙලෝ සමාගම දෙකම මේ වැඩේට තෝරගෙන එකම පැවරුමක් දෙන්න තීරණය කරනවා. මේ අලුත් තත්ත්වය නිසා හැමෝම පුදුම වෙනවා.
ජොං-යොන් කියන්නේ බොස්ගේ ඉස්කෝලේ කාලේ හිටපු පැරණි පෙම්වතිය කියන ඇත්ත එළියට එනවා. බොස් එයා එක්ක හදිසි සාකච්ඡාවකට යන නිසා එයාට එදා හවස සැලසුම් කරපු රාත්රී කෑම වේලට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාගේ යාළුවා ඇවිත් අනික් අයට කෑම අරන් දීලා හිත හදන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී තමයි ජොං-යොන් කියන්නේ බොස්ගේ පළමු ආදරය බවත්, එයා ඒ දවස්වල හැමෝගෙම හිත දිනාගත්ත කෙනෙක් බවත් එයාගේ යාළුවෝ කියන්නේ.
මේ අතරතුර බොස් සහ ජොං-යොන් අතර පරණ මතකයන් ගැන කතාබහක් ඇති වෙනවා. අතීතයේදී සිද්ධ වුණු දේවල් නිසා තමන් තනි වුණු හැටි බොස් මතක් කරනවා. හැබැයි දැන් තමන්ට ඒ දේවල් ගැන විශේෂ හැඟීමක් නැති බවත්, ඒක හුදෙක් බිස්නස් වැඩක් විතරක් බවත් එයා පෙන්වනවා.
කතාව අවසාන හරියේදී ලොකු ප්රශ්නයක් මතුවෙනවා. ඔන් සමාගම ඉදිරිපත් කරපු යෝජනාවයි අපෙලෝ එකේ යෝජනාවයි ගොඩක් සමාන බව පෙනෙන්න ගන්නවා. ඒක අහම්බයක් වෙන්න බැරි නිසා එයාලගේ කණ්ඩායම ඇතුළේම තොරතුරු එළියට දෙන ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා එයාලට සැක හිතෙනවා. ඒ ගැන සෙවිල්ලෙන් ඉන්න එයාලා තීරණය කරනවා.