My Bias, My Boss (2026) [S01 : E11] Sinhala Subtitle
Kang Hoon, Kim Hye-jun, Cha Woo-min, YUNA, Chun Woo-jin, Yoon Hyun-suk, Baekseung, Jung Hyun-min, Jiho, Kim Ah-young
ඔෆිස් එක ඇතුළේ තොරතුරු එළියට දුන්න ඔත්තුකාරයා සුං-වුක් බව හෙළි වෙනවා. තමන්ගේම ළඟම කෙනෙක් කරපු මේ ද්රෝහිකම නිසා බොස් ගොඩක් හිතෙන් වැටෙනවා. එයාට තමන්ගේ අතීතයේ වුණු රිදෙන මතකයන් එක්ක තනි වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ අම්මා නැති වුණු විදිය සහ ඒ වේදනාව එයාගේ හිතට ආයෙත් තදින්ම දැනෙන්න පටන් ගන්නවා.
තමන් ළඟ ඉන්න හැමෝම තමන්ව දාලා යනවා කියන බය නිසා බොස් ගොඩක් දුක් වෙනවා. ඒ වෙලාවේ එයා ළඟට එන එයාගේ හිත හදන්න උත්සාහ කරනවා. තමන් කවදාවත් එයාව දාලා යන්නේ නැහැ කියලා එයා බොස්ට පොරොන්දු වෙනවා. ඒ ලොකු සැනසීමත් එක්ක දෙන්නා අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා.
මේ අතරතුර හෑන් සමාගමෙන් අවසාන සහකරු විදියට අපෙලෝ එක තෝරා ගන්නවා. ඒ වගේම ඒ ව්යාපෘතිය වෙනුවෙන් පැරිස් නගරයට අපෙලෝ එකෙන් නියෝජිතයෙක් යවන්න ඕනේ වෙනවා. එයාට තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්න පැරිස් යන්න අවස්ථාවක් ලැබෙනවා. එයා ඒ ගැන බොස් එක්ක කතා කළාම බොස් එකපයින්ම ඒකට කැමති වෙනවා.
හැබැයි බොස් එකපාරටම කැමති වුණු එක ගැන එයාට පුංචි දුකක් හිතෙනවා. හැබැයි ඇත්තටම බොස් කරන්නේ එයාට තියෙන ආදරේ නිසා එයාගේ ගමනට බාධාවක් නොවී හිතේ දුක තනියම දරාගන්න එක. අන්තිමේදී දෙන්නා අතර තියෙන ආදරේ තවත් තදින් තේරුම් අරගෙන එකිනෙකාට තියෙන බිය නැති කරගන්නවා.