The Boys (2020) [S02 : E02] Sinhala Subtitle
!…හොඳ සූදානමක් සහ සැලසුම්කිරීමක්…! (18+)
සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් දෙවෙනි කොටස අරගෙන ආවා. මේ කොටස නම් වෙන්නේ Proper Preparation and Planning කියලා. ඒ වගේම imdb අගය 8.1 වගේ හොඳ අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. මේ කොටස නිකුත් වුනේ සැප්තැම්බර් 4 වෙනිදා.
ඉතින් කලින් කොටස මතක ඇති නේ මොකද වුනේ කියලා. ඇනී එයාගේ යාලුවෙක්ට තර්ජනය කරලා සංයුක්ත V වල සාම්පල් එකක් ගේන්න කිව්වා. ඒ වගේම රේනර්ට කියලා උදව්වක් කර ගන්න ගියහම එයා යම් දෙයක් කියන්න හදනකොටම එයාව මැරුවා. ඉතින් විශේෂම දේ තමයි අපි කෝ කියලා බලාගෙන හිටපු මනුස්සයා අන්තිමට ආපු එක. ඒ වගේම සුපිරි ත්‍රස්තවාදියෙක් ගැනත් එයාලට දැන ගන්න ලැබෙනවා.
ඉතින් මේ කොටස මම දකිනවා කතාවේ නියම එපියක් විදිහට. මොකද ඔක්කොම වගේ බලයන් මේ කතාව තුලින් අයින් කරලා දැම්මොත් ඉතුරු වෙන්නේ විවිධ අවශ්‍යතා තියන මිනිස්සු ටිකක් සහ දරුණු මිනිස්සු ටිකක් විතරයි. කිසිම කෙනෙක්ට බැහැ එළියෙන් එයා කොයිවගේ කෙනෙක් වුනෙත් ඇතුලතින් එයා කොයිවගේ කෙනෙක්ද කියන්න. ඉතින් මේ කොටසේ ඒ හැඟීම් වලට මුල් තැන, ඒ වගේම සහෝදර බැඳීම් ගැන දේවල් ටිකක් ඉතාමත් හොඳින්ම පෙන්වනවා. හැමෝටම ආරාධනා කරනවා නරඹන්න මේ විශිෂ්ට කතා මාලාව.
එහෙනම් මම සමුගන්නවා, ආපහු ඊලඟ කොටසින් ඉක්මනට හමු වෙමු.ජය වේවා ඔයාලා හැමෝටම.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks jayawewa….!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…. සුපිරි කතාව….
meketh ithuru sub nadda, legacies ekath nawaththalane. wena kauruth nadda me tika karagena yanna
anith epi walatath dub one.
Thank you sub ekata