The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle
The Originals එකත් එක්ක තියෙන crossover එක. Rayna Cruz (වැම්පයර් හන්ටර්) ස්ටෙෆන්ව ලුහුබඳිනවා. ස්ටෙෆන් එයාගෙන් බේරෙන්න New Orleans වල තියෙන “St. James Infirmary” කියන බාර් එකට යනවා. ඒක ඇතුළේ මැජික් වැඩ කරන්නේ නැති නිසා Rayna ට ස්ටෙෆන්ව ට්‍රැක් කරන්න බැහැ.
එතනදී ස්ටෙෆන්ට Klaus ව හම්බවෙනවා. මුලින් ක්ලවුස් එච්චර කැමති වෙන්නේ නැහැ ස්ටෙෆන් ආපු එකට. හැබැයි ස්ටෙෆන්ගේ පපුවේ තියෙන හන්ටර් ලකුණ (the scar) දැක්කම ක්ලවුස් බය වෙනවා Rayna ලඟදීම එතනට එයි කියලා. ඒත් පස්සේ ස්ටෙෆන් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ක්ලවුස් ඇවිත් එයාව බේරගන්නවා…
මිස්ටික් ෆෝල්ස් පැත්තේ, Damon සහ Bonnie උත්සාහ කරනවා Rayna ව නවත්තන්න. මේ අතරේ “The Armory” කියලා අලුත් සංවිධානයක් ගැන දැනගන්න ලැබෙනවා. Enzo වැඩ කරන්නේ මේ කට්ටියත් එක්ක. ඇත්තටම එයාලට ඕන වෙන්නේ ස්ටෙෆන්ව පාවිච්චි කරලා Rayna ව කොටු කරගන්න. ඩේමන්ට සිද්ධ වෙනවා තමන්ගේ මල්ලිව බේරගන්න ලොකු රිස්ක් එකක් ගන්න.