The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle
කලින් එපිසෝඩ් එකේ Phoenix Stone එක විනාශ වුණ නිසා ඒක ඇතුළේ හිරවෙලා හිටපු හැම ආත්මයක්ම එළියට විසි වෙලා එක එක සිරුරුවලට වැහුණානේ. ඉතින් ස්ටෙෆන්ගේ ආත්මය වැහුණේ බේබදු මනුස්සයෙක්ගේ සිරුරකට. ප්‍රශ්නය තමයි ඒ මනුස්සයා ඒ වෙලාවේ හිටියේ ලොකු වාහන අනතුරකට මුහුණ දීලා. ස්ටෙෆන්ට දැන් ඒ ඇඟ ඇතුළේ ඉඳගෙන ජීවිතය බේරගන්න ලොකු සටනක් දෙන්න වෙනවා.
ඩේමන්ට ඕන වෙනවා කොහොම හරි ස්ටෙෆන්ගේ ඇත්තම සිරුර (Vampire body) ඇතුළට ස්ටෙෆන්ව ආයෙත් ගේන්න. හැබැයි ස්ටෙෆන්ගේ ඇත්තම සිරුරට වැහිලා ඉන්නේ “Ambrose” කියලා හරිම භයානක වැම්පයර් කෙනෙක්ගේ ආත්මයක්. ඩේමන්ට සිද්ධ වෙනවා ස්ටෙෆන්ගේ සිරුරේ ඉන්න මේ Ambrose ව මට්ටු කරලා, ස්ටෙෆන්ගේ ආත්මය ඉන්න මනුස්සයාව හොයාගන්න.
ස්ටෙෆන් (මනුස්ස සිරුරේ ඉන්න) පාර අයිනේ හිරවෙලා ඉන්නකොට ඩේමන් එයාව ෆෝන් එකෙන් කන්ටැක්ට් කරගන්නවා. ඩේමන් ස්ටෙෆන්ට කියනවා කොහොම හරි ටික වෙලාවක් අල්ලගෙන ඉන්න කියලා. හැබැයි ස්ටෙෆන් ඉන්න මනුස්ස සිරුර මැරෙන්න කිට්ටුයි. මේ වෙලාවේ සහෝදරයෝ දෙන්නා අතර හරිම හැඟීම්බර සංවාදයක් යනවා—ඩේමන් තමන්ගේ වැරදි වලට සමාව ඉල්ලනවා.