The Magicians [S01 : E05] Sinhala Subtitle

April 20, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

අද කොටස දෙන්න කලින් මුලින්ම The Magicians රසිකයින්ගෙන් සමාව ඉල්ලල සිටිනවා 5වෙනි කොටස දෙන්න ටිකක් ප්‍රමාද වීම ගැන. ගොඩ දෙනෙක් කමෙන්ට් කරල 5වෙනි කොටස ඉක්මනට ඉල්ලලත් තිබුණ. මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුණ නිසයි මේ කොටස ගේන්න ප්‍රමාද වුණේ.  ඉතිරි කොටස්ටික ඉක්මනට ගේන්නත් බලාපොරොත්තු වෙනවා.  මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 . ඉතිං වැඩි විස්තර නැතුව මම ගිය සතියෙ කොටස පොඩ්ඩක් මතක් කරල ඉන්නම්.

කලින් දවසෙ නේවාසිකාගාරෙ නින්දට ගිය ක්වින්ටන් ඇහැරුණේ මානසික රෝහලකින්. එයත් එක්ක එලියට්, ඇලිස් වගේ එයාගෙ යාළුවො කට්ටියත් මානසික රෝහලේ හිටිය.ක්වින්ටන්ව මානසික රෝහලට ගේන්න හේතුව  තමන්ගෙම තාත්තව මරන්න උත්සාහ කිරීම කියලයි රෝහලෙන් කිව්වෙ. ඒ විතරක් නෙමෙයි ජූලියත් ආව ක්වින්ටන්ව බලන්න.  හැබැයි ජූලියගෙ එක කතාවකින් ක්වින්ටන්ට තේරුණා මේක මායාවක් බව. කොහොමහරි    ෆිලොරි පොතේ ඉන්න ජේන් චැට්වින් ක්වින්ටන්ට කියනවා මෙතනින් බේරෙන විදිය තියෙන්නෙ ෆිලොරි පොතේමයි කියල , හැබැයි ඒ රෝහලේම ඉන්න තවත් රෝගියෙක් ෆිලොරි පොත කෑලි කෑලිවලට ඉරල දානවනෙ.  අන්තිමේ බලද්දි මේ  රෝහල් මායාව සේරම මරීනගෙයි ජූලියාගෙයි වැඩක්. කොහොමහරි පෙනීගෙයි , කුලපති ෆොග් සහ තමන් කල දේ ගැන පසුතැවිලි වෙන ජූලියාගෙත් උදවුවෙන් සහ මාතරීස් නම් කෘමි ආත්මයක මාර්ගයෙන් ක්වින්ටන් ඒකෙන් බේරුණත්, ඔහුට ඉතිරි දුර එන්න වෙන්නෙ තනියමනෙ. එතෙන්දි ඔහු දැනගන්නවා තමන් එලිස්වර්ත් ඩෝන්ස් නොහොත් උමතු මැවුම්කරු නම් මැජික්රුවකුගෙ ක්‍රීඩාවක ගොදුරක් වෙලා කියල කොහොමහරි ඔහු  ඒකෙනුත් එලියට එන මගක් හොයාගෙන ඒ මායා ලෝකෙන් ගැලවිලා ආයිත් පියවි ලෝකෙට එනවා. ක්වින්ටන් බේරුණේ ජූලියගෙ උදවුවෙන් බව දැනගන්න මරීනා ජූලියාව තමන්ගෙ මායාකාර කණ්ඩායමෙන් එලවල දානව.එතනින් තමයි 4 කොටස ඉවරවුණේ.

එතැන් සිට අද කොටස…. අද තියෙන්නෙ කුලපති ෆොග් ඇලිස්ට ආපහු සරසවියට එන්න කියල ආරාධනාවක් කරනව.  උපදේශකවරු  වගයක් ඇවිත් උපදේශන ලබාදීම සඳහා ශිෂ්‍යයින්ව තෝරගන්නව . ඇලිස්ගෙ නැන්දත් මේ බ්‍රේක්බිල්ස්වල හිටපු උපාධිධාරිනියක් වන ගෙන්ජි කියල එලියට් සහ මාර්ගෝට  දැනගන්න  ලැබෙනව. ඒ දෙන්න ඇලිස්ගෙන් පොඩි උදවුවකුත් ඉල්ලනව.  ඔය අතර වෙල්ටර්ස් කියල ලොකු තරඟයකුත් පැවැත්වෙනව. තව පෙනීට කාලයක් තිස්සෙ ගැටලුවක් වුණ දේකට උත්තරෙත් හම්බවෙනව.  එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හම්බවෙමු.

Spoiler Warning : The students each deal with a personal matter that keeps them from focusing on the upcoming Welter’s Tournament…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (10)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 56

    සබට තුති හසිත සහෝ!
    මීලග එපියෙන් හමුවෙමු!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, සමීර. අනිවාර්යයෙන්ම ඊලඟ එපියෙන් හමුවෙමු.

  • Gathsara Umesh Unregistered
    Android 5 Facebook App 120

    Gamdmm nm commnt kqranne naee..eth aniwaa kathw balanwaa ayyee…puluwan thrm iknt sub ek denn ayee..api bln innwaa…comnt kele naethi unata sinhala sub ek pen gamn gee oyt thnks karanwaaa….bohokm sthuthiy..ikmnin ikg epiyn hamuwemmooo…..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, ගත්සර. පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකටත් සබ් දෙන්නම්.

  • milinda Unregistered
    Windows 7 Firefox 52

    elma bro thnks

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, මිලින්ද.

  • D_Sapumal User
    Android 7 Opera 42

    Sub Ekata Tnx Hasitha Saho.Season 2th Sub Denna??

  • kavisha Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

  • Pc World LK User
    Android 5.1 Chrome 54

    සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 05 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search