The Magicians [S01 : E09] Sinhala Subtitle

May 28, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ඔන්න සෑහෙන දවසකට පස්සෙ The Magicians කතාවෙ 9 වන කොටස ගේන්න පුළුවන් වුණා.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ප්‍රමාදයට.ප්‍රමාදත් වුණ එකේ ගිය කොටස ටිකක් මතක් කරලම ඉන්නම්…

මායාකොව්ස්කිගෙන් ඉගෙනගන්න ගිය අපේ යාළුවො ටික ආපහු බ්‍රේක්බිල්ස්වලට ආවා.ඒ වුණාට ආවෙ එක්කෙනෙක් අඩුවෙන්, ඒ තමයි කේඩි.ක්වින්ටන්, ඇලිස් සහ පෙනී විතරයි ආපහු ආවෙ.දකුණු බ්‍රේක්බිල්ස්වලදි තමන් අතර වුණ දේවල් නිසාම ඇලිස් සහ ක්වින්ටන් ටිකක් දුරස් වුණා.එලියට්ට හම්බවුණ අලුත් යාළුව මයික් ඇත්තටම යාළුවෙක් නෙමෙයි කියලත් ගිය කොටසෙ මුලදිම  පැහැදිළි වුණානෙ.ජූලියා තමන්ගේ සහෝදරියගෙ මගපෙන්වීම යටතෙ පුනුරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුලත් වුණා.එහේදි එයාට රිචඩ් කියල දේවගැතිවරයෙක්ගෙ උදවු ලැබෙනව.ඔය අතරෙ මයික් විසින් ක්වින්ටන්ට වර්ගෝ තලය නම් පිහියකින් අනින්න හැදුව.පෙනීගෙ මැදිහත්වීමෙන් ක්වින්ටන් බේරුණත් මයික්ගේ ඒ පිහිපහර පෙනීට වදිනවා.ඒ තුවාලවලින් වැල්රෝස වැලක් වැවෙන්න ගත්තා.අන්තිමේ බලද්දි ඒ පිහිය ෆිලොරිවල එකක්.ඒ විතරක් නෙමෙයි ජේන්චැට්වින්ටත් ඒ පිහියෙන්ම ඇනල තියන බවත් දැනගන්න ලැබෙනව.ක්වින්ටන්ගෙ උදවුවෙන් පෙනීගෙ ජීවිතේ බේරෙනව.පැනයාමේදී අසුවෙන මයික්ව කුලපති ෆොග් විසින් කාමරයක හිරකරල තියනව.මයික්ගෙ ප්‍රශ්ණය විසඳන්න කියල ෆොග් විසින් එලිසාව යැවුවත් එතෙන්දි ඇය මයික්ගේ පහරදීමකින් මියයනව, ඒ විතරක් නෙමෙයි සැබෑ ජේන් චැට්වින් ඇය බවත් අපිට දැනගන්න ලැබුනෙ එතනින්.එයින් පස්සෙ පැනල යන්න උත්සාහ කරන මයික්ව, එලියට් විසින් සහටම නවත්තල දානව.එතනිනුයි කතාව අවසන් වුණේ…

අද කොටස නම් වෙන්නෙ The Writing Room (ලියන කාමරය) කියල.විකාශය වූ දිනය විදියට සටහන් වෙන්නෙ 2016 මාර්තු 14.අද කොටසෙදි ඕගොල්ලන්ට  රිචඩ්ගේ මගපෙන්වීම යටතෙ ජූලියා විසින් කරන වික්‍රමයක් සහ ෆිලොරි හයවන පොතේ රචකයා ගැනත්, තව චැට්වින් සහෝදරයින්ගේ ජීවිතයේ එක් කණගාටුදායක කොටසක් ගැනත් දැනගත්තහැකි.  එහෙනම් මම ගිහින් එන්නම්.ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Quentin, Alice, Eliot, and Penny travel to England in search of a missing magic button; Julia searches for real meaning in her magic…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (9)
  • Damith asanka Unregistered
    Android 6 Chrome 50

    Download krnne kohomda bn

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      දැන් ලින්ක් දෙන්නෙ නෑ, මම හිතන්නෙ කොපිරයිට් ප්‍රශ්ණයක් ඇති. මෙතනින් ගන්න http://1337x.to.prx.torrentunblock.com/torrent/1499183/The-Magicians-US-S01E09-HDTV-x264-KILLERS-ettv/

  • Damith asanka Unregistered
    Android 6 Chrome 50

    Mewa download krnna bene bn…help ekk dennko

  • ප්‍රදීප් මැක්ස් Unregistered
    Android 4.4 UC Browser 11.2

    සුපිරි… අනිත් එපි
    ටිකත් ඉක්මනට දෙමු…
    ජය….!

  • kavisha Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

  • mayura Unregistered
    Windows 10 Chrome 58

    next epi eke sub eka thama nedda bn a

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 09 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Thnx bro sub ekata❤

  • kusal User
    Windows 10 Opera 56

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search