The Magicians [S01 : E13] Sinhala Subtitle

June 22, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් කට්ටියටම.අද මම අරගෙන එන්නෙ The Magicians පළවෙනි සීසන් එකේ අවසාන කොටස.අද කොටස නම් වෙන්නෙ Have You Brought Me Little Cakes (ඔබ මට කුඩා කේක් ගෙන ආවාද?) කියල.විකාශය වූ දිනය 2016 වසරෙ අප්‍රේල් 11.දැන් මම මතක් කරන්නම් ගිය කොටස ටිකක්…

මතකනෙ,ජූලියායි කේඩියි දේව මෑණියන්ගෙ සේවකයව හම්බවෙන්න ගියා කියපු විදියටම ත්‍යාග තුනත් අරගෙන.ඔහු ඒව පිළිඅරගෙන කරන දෙයක් හිතල බලල කරන්න කියල පොඩි අවවාදයකුත් දුන්නා.ගිය වැඩේ සාර්ථක වුණ නිසා රිචඩ්,ජූලියා ඇතුළු පිරිස පොඩි සාදයකුත් දානවා.දැන් අපි බ්‍රේක්බිල්ස් පැත්තට ගියොත්,කලින්දා රාත්‍රියේ සිදුවුණ දේ නිසා ක්වින්ටන්,මාර්ගෝ,ඇලිස්, එලියට් කට්ටියම ඉන්නෙ සෑහෙන කරදරෙන්.ඒ හින්දම ඇලිස් සහ ක්වින්ටන් දෙන්නගෙ යාළුකමත් ටිකක් පළුදු වෙනවා.

කොහොමහරි කට්ටියම මේ ප්‍රශ්ණ අතරෙම නැතිලන්තෙට යනවා.හැබැයි කට්ටිය අරගෙන යන නැතිලන්ත සිතියම ඇලිස් අතින් වැටෙනවා පෘතුවි පොකුණට.ඒක ගන්න ගිය ක්වින්ටන් ආපහු නතර වෙන්නෙ පෘතුවියෙන්.ඉතුරු කට්ටිය යනවා නැතිලන්ත පුස්තකාලෙට.එතෙන්දියි සිතියම ක්වින්ටන් ලඟ නේද කියල කට්ටියට මතක් වෙන්නෙ.කොහොමහරි එදා දවසට පුස්තකාලෙ නවතින්න පුස්තකාලයාධිපතිනියගෙන් ක‍ට්ටියට අවසර ලැබුණා.ඒ කොන්දේසි කීපයක් එක්ක,එයින් එකක්නෙ පොත් වලට කිසිම හානියක් කරන්න බෑ කියන එක.හැබැයි එලියට් ඒ කොන්දේසිය කඩ කරන නිසා කට්ටියටම සිද්ධවෙන්නෙ පුස්තකාලෙන් එලියට බහින්නයි.එලියට ආපු කට්ටියට අර බ්‍රේක්බිල්ස් පාසලේ අතුරුදන් වුණ පංතියේ ශිෂ්‍යයෙක් වෙන ජොෂ් හොබර්මන්ව මුණ ගැහෙනවා.ඔහු ඉන්නෙත් මෘගයාට බයේ හැංගිලා.ඒ වගේම අර පෙනීට ඇහෙන හඬේ අයිතිකාරිය වන වික්ටෝරියත් මේ කියන ජොෂ්ගෙ යාළුවෙක්.කොහොමහරි  මේ අතරෙ පෘතුවියේ ඉන්න ක්වින්ටන් ජූලියගෙ උදවුවෙන් අතීතයට ගිහින් ජේන් චැට්වින් පසුපස ගිහින් ෆිලොරි දේශයට යනවා තමන්ගෙ යාළුවට උදවු කරන්න.එතනිනුයි ගිය කොටස අවසන් වුණේ…

අද කොටසෙදි ෆිලොරි දේශය ඇතුලේ අපේ කට්ටිය මෘගයා මරාදැමීමට අවශ්‍ය වෙන ලියෝ තලයනම් මායා පිහිය හොයාගෙන යන ගමනයි තියෙන්නෙ.ඒ වගේම මේ දක්වා සැඟවිලා තිබුණ මෘගයා යනු සැබෑවටම කවුද කියල දැනගන්නත් පුළුවන් අද කොටසෙන්.තව රිචඩ් සහ ජූලියාගේ දේව මෑණියන් කැඳවීමේ සැඟවුණු කතාවක් ගැනත් අද කොටසේ සඳහන්.බලන්නකො කට්ටියට මෘගයාව මරාදාන්න පුළුවන් වෙයිද කියල.එහෙනම් මම ගියා.ඊලඟ සීසන් එකෙන් හමුවෙමු…

Spoiler Warning : Quentin and Julia arrive in Fillory and try to catch up with the group, who are more than 70 years ahead of them, in the search for The Beast…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (15)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.කතා මාලාවේ අවසානයත් අද ගෙනල්ලා.මේ වගේම වේගයෙන් හා උසස් ආකාරයට දෙවනි සීසන් එකටත් උපසිරැසි කිරීමට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා සහෝට…ජය!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, කවීෂ ….දෙවෙනි සීසන් එකත් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉක්මනටම!

  • asala Unregistered
    Android 4.4 UC Browser 11.3

    Thanks saho. Deveni samayen hambemu ikmanatama

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, අසේල, දෙවෙනි සීසන් එකත් දෙනවා ඉක්මනටම, රැඳී ඉන්න Subzlk එක්කම.

  • Namesh Unregistered
    Android 4.4 Chrome 55

    ThANKS bro sub ekata… hamadama comment karanna bari unath ithin uba sub denakan api balan innava.. ikmanta dunnata thx.. elama.. keep it up… ??

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, නමේෂ්!

  • උදේෂි Unregistered
    Android 4.4 UC Browser 11

    දැන් තමයි බලලා ඉවර කලේ ස්තුතියි මල්ලියි. ඔයා දෙවනි එකටත් සබ් දෙනවා නෙ ද. දැන ට ඇවිත් තියෙන ඔක්කොම ටික ඩවුන්ලොඩ් කරනවා

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, උදේෂි! දෙවෙනි සීසන් එකටත් අනිවාර්යයෙන්ම සබ් දෙනවා ..

  • Roshan Unregistered
    Android 5.1 Chrome 50

    Thnx sahooo sabata.oya dewani season ekatath sub denwa neda? Mn okkoma download kala sahooo

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      Thanks Roshan ! Ow deweni season ekatath sub denna patan gannawa langadima.

  • kasun Unregistered
    Windows 7 Chrome 59

    season 02 eka danne kawadda bro…

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      Aniwaryayenma heta denawa, kasun.

  • Nuwandika Dilshan User
    Android 7 Chrome 63

    Meka apu mulkale sub nethuwa epi 5,6 k balala.ehemma newathuna. Ada season dekama download kara tnks.sub wlata. Good luck

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Thnq Bro✌😇

  • kusal User
    Windows 10 Opera 56

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search