The Magicians [S01 : E03] Sinhala Subtitle

April 02, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ඔන්න මගෙ උපසිරැසි ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ TV සීරීස් එකකට සබ් කරන්නෙ.මේකට සබ් කරපු සඳුන් කරුණාරත්න සහෝදරයා කාර්යබහුල වීම හේතුවෙන් මට මේ The Magicians සීරීස් එක බාරඅරගෙන කරන්න කියල අපේ ඇඩ්මින්ලගෙන් ඉල්ලීමක් ආවා.ඉතිං ඒ ඉල්ලීම ඉටුකිරීමේ ආරම්භය තමයි මේ.මේකෙ කලින් කොටස් දෙකකට සබ් දීල තියන නිසා මම අද මේ අරගෙන එන්නෙ තුන්වෙනි කොටස.ඒවගේම ඉතුරු කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.TV සීරීස් එකක් නිසා වැඩි විස්තරයක් කරන්න දෙයක් නෑනෙ.මම පොඩ්ඩක් ගිය සතියෙ සිදුවීම් මතක් කරලම අද කොටස ගැන කියන්නම්…

පසුගිය කොටසෙදි කුලපතිතුමාට ප්‍රහාරයක් එල්ල කල මෘගයා පාසලට ආවෙ කොහොමද කියන එක ගැන පරීක්ෂණයක් කරනව කිව්ව.පරීක්ෂනයෙදි ‘පෙනී’ සැන්ඩ්ලර් මහත්මියට වෙච්ච සිද්ධිය කියල ක්වින්ටන්ව අල්ලල තියල ගියානෙ.මේ අලකලංචි හින්ද තමන්ව පාසලෙන් එලියට දායි කියල ක්වින්ටන් හිටියෙ බයෙන්.මුල් කොටසෙදි බ්‍රේක්බිල්ස් පාසලට ගත්තෙ නැති ජූලියා වෙනම මැජික් කණ්ඩායමකට එකතු වෙනවනෙ.ගිය කොටසෙදි ඇය තමන්ගෙ පළවෙනි පරීක්ෂණේට මුහුණ දුන්න.ජූලියගෙ කණ්ඩායම පෙනීගෙ පෙම්වතිය වෙන කේඩි ලවා බ්‍රේක්බිල්ස් පාසලේ පොතක් හොරෙන් ගෙන්න ගන්නවා.ප්‍රහාරය ගැන පරීක්ෂණය කරන්න පාසලෙන් විශේෂඥවරියක්ව ගෙන්නනව.ඇය ක්වින්ටන්ට තව අවස්ථාවක් දෙනවා.ජූලියාට තමන්ගෙ පළවෙනි පරීක්ෂණය සාර්ථකව නිමකිරීම නිසා තරුවක් ලැබෙනව.විශේෂඥවරියගෙන් ලැබෙන අවස්ථාව නිසා ක්වින්ටන් ආයිත් තමන්ගෙ මිතුරු එලියට් සහ මාර්ගෝ එක්ක එකතු වෙනවා…

අද කොටස මෙහෙමයි…පාසලෙන් තමන්ගෙ ක්වින්ටන් අයිති මොන මැජික් ශිල්පී ගොඩටද කියල පරීක්ෂණයක් කරනවා.දන්නවනෙ සිත් කියවන්න අනාගතය දකින්න පුළුවන් අයට කියන්නෙ චෛතසික කියල.අපේ ඇසට පේන මැජික් කරන අයට කියන්නෙ භෞතිකයින් කියල.එයාලව ඒ ඒවිදියට වර්ග කරල වෙන වෙනම නේවාසිකාගාරවලට දානවා.ඔය අතරෙ ඇලිස් ක්වින්ට තමන්ගෙ නැතිවුණ සහෝදරයා චාලිව හොයාගන්න අලුත් ක්‍රමයක් හම්බවෙනව.චාලිට වුණ දේ ගැන පොඩි හෝඩුවාවකුත් ලැබෙනවා.පාසලේ තියන අභිරහස් පොකුණක යම් සිදුවීමක් වෙනව වගේ දේවල් ගොඩක් අද කොටසෙ තියනවා.ඉතිං නරඹන්න කියල ආරාධනා කරන ගමන් මං නවතින්නම් ඊලඟ කොටසෙන් හමුවෙමු…

Spoiler Warning : Quentin and Julia have an unexpected and volatile reunion; Penny is overwhelmed by his own psychic abilities; Alice is determined to find out the truth behind her brother’s disappearance…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (23)
  • Agent 47 Unregistered
    Android 10 Chrome 119

    Sub ekata thanks saho.danui balanna gatte. 23/11/11
    Ube sub hinda hodata terum athiwa balanawa.
    Jaya …👍👍👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search