මෙන්න අපේ The Magicians රසිකයින්ට 6 වෙනි කොටස.විකාශය වූ දිනය 2016 පෙබරවාරි 22.මේ කොටස නම් කරල තියෙන්නෙ” ප්‍රායෝගික නොවන උපකරණ” කියල.පසුගිය කොටස මතකයිනෙ කට්ටියට කුලපතිතුමා ඇලිස්ට ආපහු බ්‍රේක්බිල්ස්වලට එන්න කියල ආරාධනා කලා.ඔය අතරෙ බ්‍රේක්බිල්ස්වලට උපදේශකවරුන් ඇවිත් උපදේශනය සඳහා ශිෂ්‍යයින්ව තෝරගන්නවා.ආරාධනාව පිලි අරගෙන ඇලිස් ආවා බ්‍රේක්බිල්ස්වලට.ඒ තනියම නෙමෙයි එයාගෙ නැන්ද ගෙන්ජිත් එක්ක.ගෙන්ජි කියන්නෙ බ්‍රේක්බිල්ස්වල හිටපු කීර්තිමත් ආදිශිෂ්‍යාවක්. එලියට් සහ මාර්ගෝ දෙන්නව උපදේශකවරු විසින් තෝරානොගත්ත නිසා ඒ දෙන්න ඇලිස්ට කිව්ව පුළුවන්නම් එයාගෙ නැන්ද ගෙන්ජිට කියල මොකක්හරි උදවුවක් අරගෙන දෙන්න කියල,නමුත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.තව වෙල්ටර්ස් කියල මැජික් ක්‍රීඩාවක් තිබුණා.ක්වින්ටන්ගේ හැකියාවෙන් බ්‍රේක්බිල්ස් සරසවිය ඒ තරඟෙන් ජයගන්නවා.පෙනීට කාලයක් තිස්සෙ තමන්ගෙ මනසෙ හොල්මන් කරපු කාන්තාව කවුද කියල දැනගන්න ලැබෙනව, ඇයත් බ්‍රේක්බිල්ස්වල අතුරුදන්වූ තුන්වෙනි වසරෙ හිටපු ශිෂ්‍යාවක්.ඇය මෘගයගෙ සිරකාරියක. මේක ගැන යම් අදහසක් ගන්න පෙනී අකමැත්තෙන් යනව ක්වින්ටන් ලඟට.ක්වින්ටන්නම් කියන්නෙ පෙනී ඉඳල තියෙන්නෙ ෆිලොරිවල කියල. එතනින් තමයි ගිය කොටස අවසාන වුණේ…
අද කොටසෙදි අපේ යාළුවො කට්ටියට තවත් පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනව.මේක තමන් සරසවියෙ රැඳී ඉන්න නොයින්න එක තීරණ වෙන තීරණාත්මක පරීක්ෂණයක්.ඔය අතරෙ තවමත් මන්තර හොය හොය ඇවිදින ජූලියාත් ලෝක අමාරුවක වැටෙනවා.ඔන්න ඔය වගේ වැඩ ගොඩක් තියනව අද කොටසෙ.එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : The first-year students are put through The Trials, a series of unconventional tests that must be passed to stay at Brakebills…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
supiri wadak!
kollo supiri… Ikmantama Suba dunnata Thanks
Supiri aa…. ilaga epiya enakan balan innava…. thx bro…
බොහොම ස්තුතියි 06 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
ela machooo
Thanks saho