Trending

The Magicians [S01 : E04] Sinhala Subtitle

ඔන්න The Magicians රසිකයන් වෙනුවෙන්ම ඒකෙ 4වෙනි කොටස අරගෙන අද ආවා.මේක විකාශනය වූ දිනය 2016 පෙබරවාරි 8.මේ කොටස නම් කරල තියෙන්නෙ The World in the Walls (පවුරින් වටවූ ලෝකය) කියල.වැඩි කතා මුකුත් නැතුව මම ගිය කොටසෙ සිදුවීම් පොඩ්ඩක් මතක් කරල ඉන්නම්…

බ්‍රේක්බිල්ස් සරසවියෙ කුලපති ෆොග් තමන්ගෙ මැජික් ශිෂ්‍යයන්ට සමහර මැජික්වල තියන භයානකකම් විස්තර කලා.ඊලඟට ඔවුන් ක්වෙන්ට්ට අයිති වෙන්නෙ මොන මැජික්කරුවන්ගේ කාණ්ඩයටද කියල පරීක්ෂණයක් කලත් ඔහු අයිති කුමන කාණ්ඩයටද කියල හරියාකාර නිගමනයකට එන්න බැරිවුණා.ක්වින්ටන් සහ ඇලිස් ක්වින්ව භෞතික මැජික්කරුවන්ගේ නේවාසිකාරයට ඇතුලත් කලා.කට්ටියම එකතුවෙලා පොඩි පාටියකුත් දැම්ම මතකයිනෙ.ක්වින්ටනුයි ඇලිස් ක්විනුයි දෙන්න ඇලිස්ගෙ නැතිවුණ සහෝදරය චාලිව නැවත ගෙන්න ගන්න ක්‍රමයක් හොයාගත්ත.බ්‍රේක්බිල්ස් සරසවියෙ තියන වූෆ් පොකුණ නොහොත් දිවිනසාගැනීමේ පොකුණෙ යම් අද්භූත සිද්ධියක් වුණා.ඔය අතරෙ ඇලිස්ට මාර්ගෝගෙන් හෝඩුවාවක් ලැබුණ චාලි සරසවියෙ ඉගෙනගත්ත කාලෙ හිටපු එමිලි ග්‍රීන් ස්ට්‍රීට්නම් ගෑණු ලමයෙක් ගැන.එමිලි මාර්ගයෙන් ඇලිස් දැනගන්නව තමන්ගෙ සහෝදරයට ඒ දේ සිද්ධවුණේ ඔහු එමිලිව ගලවාගැනීමට කල මායාවක් වැරදීමකින් සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් බව.මරීනා ප්‍රමුඛ සරසවියට බාරනොගත් අයගේ කණ්ඩායම, කේඩිගේ මාර්ගයෙන් ලබාගත් මායා පොත සොයාගෙන ගිය එලියට් සහ ක්වින්ටන් එය ආපසු ලබාගන්නවා.එතනදී ඔවුන්ට ක්වින්ටන්ගෙ හිටපු පෙම්වතිය ජූලියාව හම්බවෙනව.අන්තිමට එය බහින්බස්වීමක් බවට පත්වෙලා ඇය ක්වින්ටන් එක්ක තරහ වෙනව.අය අතරෙ තමන්ට චෛතසික නොහොත් සිත්කියවීමෙ හැකියාව විතරක් නෙමෙයි ක්ෂණයකින් ලෝකයේ ඕනමතැනක ගමන් කරන්නත් පුළුවන් බව පෙනී දැනගන්නවා.කුලපතිතුමා සහ සැන්ඩ්ලර් කියන්නෙ ඔහුට විශේෂ පුහුණුවකින් පස්සෙ සමාන්තර ලෝක අතර පවාගමන් කරන්න පුළුවන් කියලයි. ඔය අතරෙ ඇලිස් සහ ක්වින්ටන් දෙන්න චාලිව නැවත මේ ලෝකයට කැඳවන්න කියල වූෆ් පොකුණ ලඟදි යම් මන්තරයක් කරල චාලිව නැවත ගෙන්න ගත්තත් ඔහු කලින් සිටි චාලි නොව ඊට හාත්පසින්ම වෙනස් දරුණු කෙනෙක්.ඔහු ඇලිස්ට හානියක් කරන්න කලින් ක්වින්ටන් චාලිව බන්දනය කරල නිෆින් පෙට්ටියකට දාල දානව.තමන්ට සහෝදරයව නැතිකලා කියල ක්වින්ටන්ටත් දොස් කියල ඇලිස් සරසවියෙනුත් යන්න යනව. එතනින් තමයි 3වෙනි කොටස අවසන්වුණේ…

අද කොටස ගැනනම් මම වැඩි විස්තරයක් කියන්නෙ නෑ.පොඩි ආරම්භයක් විතරක් දෙන්නම්.ඇලිස්වයි, ජූලියාවයි තරහ කරගෙනම ආපහු නේවාසිකාරයට ගිහින් නින්දට යන ක්වින්ටන් ආපහු අවදිවෙද්දි ඉන්නෙ රෝහලක.නිදාගනිද්දි නේවාසිකාරයෙ හිටපු ක්වින්ටන් කොහොමද රෝහලකට ආවෙ කියල හොයාගන්නනම් අද කොටස බලන්න වෙනවා.එහෙනම් මම නවතිනවා.ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Quentin panics when he wakes up in a mental hospital; upset over her fight with Quentin, Julia commits herself to learning more powerful spells…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Magicians US S01E13 REPACK HDTV x264-KILLERS EZTV
E13 276M
GET
The Magicians S01E10 REPACK 720p HDTV x264-KILLERS EZTV
E10 748M
GET
The Magicians US S01E08 REPACK 720p HDTV x264-FLEET EZTV
E8 758M
GET
The Magicians US S01E08 REPACK HDTV x264-FLEET EZTV
E8 246M
GET
The Magicians US S01E04 INTERNAL 720p HDTV x264-KILLERS EZTV
E4 788M
GET
The Magicians S01E04 720p HDTV x264-FLEET EZTV
E4 707M
GET
The Magicians S01E04 HDTV x264-FLEET EZTV
E4 236M
GET
The Magicians Sinhala Sub Collection
Discussion (20)
  • danu Unregistered
    Windows 7 Firefox 47

    ado dipano machooooooo pls

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      5 වෙනි කොටස අද උදේ යැව්වෙ මල්ලි. අද රෑ වෙද්දි සයිට් එකේ දායි.

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 04 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search