The Magicians [S01 : E07] Sinhala Subtitle

April 30, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ටික දවසකට පස්සෙ ඔන්න අද The Magicians 7වෙනි කොටසත් අරගෙන ඕගොල්ලො හමුවට ආවා.මේ කොටසෙ විකාශන දිනය ලෙස සටහන් වෙන්නෙ 2016 පෙබරවාරි 26.කොටස නම් වෙන්නේ The Mayakovsky Circumstance (මායාකොව්ස්කි සිද්ධිය) කියල.අදනම් වැඩි විස්තරයක් ලියන්න වෙලාවක් නෑ…13 Reasons Why එකේ තුන්වෙනි කොටසටත් සබ් හදන්න තියන නිසා (මේ දවස්වල මේ අපේ මලයගෙ කැරකෙන කූඩුවක් නිසා වැඩ කන්දයි).ඒ හින්ද කෙටියෙන් කියන්නම් ගිය කොටසෙදි අපේ යාළුවො 4 දෙනාට ලැබුණ පරීක්ෂණය මතකයිනෙ.ඒකෙන් අන්තිමට වුණේ ඒ හතර දෙනාම කුරුල්ලන් බවට පත්වීම.කොටස අවසන් වුණේ ඔවුන් ඈතට පියාඹා යන දර්ශනයකින්.කොහේටද ඔවුන් ගියේ කියල ඔයාලට ප්‍රශ්ණයක් ඇතිනේ.ඔවුන් යන්නෙ ඇන්ටාටිකාවට ඒ ගුරුවරයෙක්ව මුණගැහෙන්න.ඔය අතරෙ එලියට් සහ මාර්ගෝ දෙන්න පොඩි සංචාරයක් සැලසුම් කරනව, එලියට්ට තව යාළුවෙක් හම්බවෙනව වගේ සිද්ධි ගොඩක්  තියනව අද කොටසෙ…

තව විශේෂයෙන් කියන්න ඕනෙ මේ කතාව දැන් එන්න එන්නම 18+ පැත්තට යනව.ඒ හා අදාළ වචන තියනව.ඒව මග ඇරල සබ් එක කිරීම අමාරු වුණත්  පුළුවන් තරම් ඒවා හංගල සබ් එක කරල තියෙන්නෙ.ඒ වුනාට සමහර තැන්වලදි ඒක කරන්නම බෑ.එහෙම කලොත් කතා රසයට හානියක් වෙනව.ඒ නිසා ඒවා එහෙම්මම යොදල තියනවා ඒ ගැන මුකුත් හිතන්න එපා.එහෙනම් මම ගියා ඊලඟ කොටසෙන් හමුවෙමු…

පැහැදිළි කිරීම්

ඉබීසා (Ibiza) :- ස්පාඤ්ඤයට අයත් දූපතක්.රාත්‍රී සමාජශාලාවලින් පිරුණ විනෝදකාමී නොනිදන නගරයක් කියලයි කියවෙන්නෙ.හැබැයි මේක හරියටම දැනගන්න වෙන්නෙ ඊලඟ කොටසකදි තමයි.

එන්කුල්තෝ ඔකුල්තෝ (Enculto Oculto) :- මේකත් රාත්‍රී සාදයක්ලු.හැබැයි නමේ තේරුම ගූගල් ට්‍රාන්ස්ලේට් කරල බැලුව එන්නෙ මායාවන්ට සම්බන්ධ අර්ථයක්.ඊලඟ කොටසකදි තමයි හරියටම දැනගන්න වෙන්නෙ.

Spoiler Warning : An uncompromising professor at Brakebills South pushes the students’ boundaries; Julia must decide whether she’s ready to accept help…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (13)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 57

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…අද නම් මට හින්ට් එකකුත් ගහලා වගේ…හේ හේ…
    දිගින් දිගටම උපසිරැසි කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා…ජය වේවා!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, කවීෂ. හින්ට් එකක්ය කිව්වෙ 13 reasons why එකද?අනේ නෑ මල්ලි ඔයාට හින්ට් ගන්නෙ මොනවටද, ඇත්තටම මේ අපේ මලයගෙ කැරකෙන කූඩුවක් හින්ද මේ දවස්වල ඒකෙ වැඩවලට හිරවෙලා ඉන්නෙ. ඒ හින්ද වෙලාවක් ලැබිච්ච වෙලේ බාරගත්ත වැඩේ කරන්න ඕනනෙ, ඒකයි මම එහෙම ලිව්වෙ. නැතුව හිතල කියපු දෙයක් නෙමෙයි ඒක.

    • kavisha Expert Subtitler
      Windows 8.1 Chrome 57

      මම නිකන් කියුවේ සහෝ…විහිලුවට වගේ…
      වැඩිය හිතන්න එපා ඒ ගැන…

  • Manoj Sachintha User
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, මනෝජ්.

  • Namesh Unregistered
    Android 4.4 Chrome 55

    Ela bn sub ekata thx.. ?????

  • hasitha Unregistered
    Windows 7 Firefox 53

    බොහොම ස්තූතියි, නමේෂ්

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 56

    හසිත සහෝගේ මල්ලිට ජයටම වෙසක් වගේ! :p
    සබට තුති සහෝ!
    ජය වේවා!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, සමීර. ඔව් මිනිහට වෙසක්, හම යන්නෙ මගේ.

  • Kosala Unregistered
    Android 4.2 UC Browser 11.2

    Thanks bro sub ekata…download karana kattiya sub eka dena ayata comment ekak dala sup ekak diyalla…nikanma sub eka download karagena yanne nathuwa

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 07 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

  • Sahan Sulakkhana User
    Windows 10 Chrome 63

    niyami saho

  • shehan Unregistered
    Android 5.1 UC Browser 11.4

    Thanks saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search