The Magicians රසිකයින්ට නැවතත් ආයුබෝවන් කියල පිළිගන්නවා. අද මම අරගෙන එන්නෙ 12වෙනි කොටස. අද කොටස නම් වෙන්නෙ Thirty-Nine Graves ( සොහොන් 39 ) කියල. විකාශය වූ දිනය 2016 වසරෙ අප්‍රේල් 4වන දිනය. ගිය කොටස ටිකක් මතක් කලොත් මෙහෙමයි… මෘගයාගෙන් තියන තර්ජනය වලක්වන්න යම් ක්‍රමයක් අපේ කට්ටියට ලැබෙනව පෙනී නැතිලන්ත පුස්තකාලෙන් පිටපත් කරගෙන ආ තොරතුරුවලින්, ඒකටත් ඔවුන්ට සිද්ධවෙනව ලියෝ නම් මායාපිහිතලයක් හොයාගන්න. හැබැයි ඒක තියෙන්නෙ ෆිලොරිවල, දන්නවනෙ ඉතිං අපේ කට්ටියට ෆිලොරි පැත්තෙ යන්න බෑනෙ මෘගය නිසා. ඒ අතරෙ මාර්ගෝ අදහසක් ඉදිරිපත් කලා මෘගයට අවශ්‍ය කරල තියෙන්නෙ ප්ලොවර් නිවසෙන් ගෙනා බොත්තම නිසා ඒක මෘගයට බාරදීල මේ ව්‍යසනයෙන් ගැලවෙන්න පුළුවන් නේද කියල. එහෙම කලොත් මොනව වෙයිද කියල දැනගන්න කට්ටියම එකතු වෙලා සම්භාවිතා මන්තරය නම් මන්තරයක් කරල බැලුවත් ඒ හැම එකකදිම වෙන්නෙ අපේ කට්ටියගෙ උත්සාහය මරණයෙන් කෙලවර වීම. ඔය අතරෙ ජූලියත් ෆ්‍රී ට්‍රේඩර් කට්ටියත් එක්ක දෙවඟනක් කැඳවන්න උත්සාහ කරනව. ජූලිය ඇතුළු පිරිසගෙ උත්සාහය යම් තරමකට සාර්ථක වෙනවා දෙවඟනක් ඇය හමුවට ඇවිත් ත්‍යාග තුනක් අරගෙන තමන්ගේ සේවකයෙක් හමුවෙන ලෙසට පවසනවා. ක්වින්ටන් ඇතුළු පිරිසත් තමන්ගේ ගැටළුවට යම් විසඳුමක් හොයාගන්නවා කේඩිගෙ උදවුවෙන්.අන්තිමේ ක්වින්ටන් පොඩි ප්‍රශ්ණෙක ( මේ කතාවෙ හැටියට ඒක මහලොකු දේකුත් නෙමෙයිනෙ, නේද? ) පැටලිලා තමයි ගිය කොටස අවසන් වුණේ..
අද කොටසෙ ඒ කියපු ත්‍යාගත් අරගෙන කේඩියි ජූලියයි යනවා දේව මෑණියන්ගේ සේවකයව හම්බවෙන්න, හැබැයි ඔහු පොඩි අවවාදයකුත් දෙනව ජූලියට. ඔය අතරෙ අර කලින් කොටසෙ ක්වින්ටන්, මාර්ගෝ සහ එලියට් අතර වුණ දෙයින් පස්සෙ අද කට්ටියම ඉන්නෙ ටිකක් අප්සට් එකෙන්. ඔය වගේ සිද්ධි ටිකක් තමයි අද කොටසෙ තියෙන්නෙ එහෙනම් බලන්නකො මේ කොටස සොහොන් 39 කියල නම් වන හේතුව හම්බවෙයි එතකොට. එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟට තියෙන්නෙ පළවෙනි සීසන් එකේ අවසාන කොටස.
Spoiler Warning : The students wake up with foggy memories and regret after a night of drinking; Penny reminds everyone that their lives depend on getting to The Neitherlands…
සයිට් එක ගැන ලගදි දැන ගත්තෙ ෆට්ට සයිට් එකක් සබට තැන්කු..
බොහොම ස්තූතියි, ප්‍රදීප්!
Thanks broo
සුපිරි ඇ..
මේක එනකංමෙ බලං හිටියේ
අන්තිම එපියත් දීලි
ඊළඟ සීසන් එකත් කරන් යමු…
ජය.. !
Digatama karamu bro api innawa. Thanks
Patt bro thnq😇✌
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!