The Magicians [S01 : E08] Sinhala Subtitle

May 08, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

7වෙනි කොටස ගෙනල්ල සෑහෙන දවසකට පස්සෙයි අද මේ The Magicians  කතාමාලාවෙ 8වෙනි කොටස අරගෙන එන්නෙ.මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල නිසයි ප්‍රමාද වුණේ ඉතින් සමාවෙන්න ඒ ගැන.අද කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 7 වෙනිදායි.මේ කොටස නම් කරල තියෙන්නෙ The Strangled Heart (සිරකල හදවත) කියල.

පසුගිය කොටස මතක් කරනවනම්,  6 වෙනි කොටසෙදි කුරුල්ලන් බවට පත්වුණ අපේ ක්වින්ටන් ඇතුළු යාළුවො ටික පියාඹල ගියේ දකුණු බ්‍රේක්බිල්ස් නම් ගුරු මැදුරකට.එහෙදි අපේ කට්ටියට හම්බවුණ ගුරුතුමා තමයි මායාකොව්ස්කි (කට තමයි සැර නේද?).ඔය අතරෙ එලියට් සහ මාර්ගෝ දෙන්න ඉබීසා දුපතට ගමනක් යන්න සූදානම් වෙනව.ඒ වැඩිහිටියන්ය කියල කියන කට්ටියක් බලන්න.ඒගොල්ලන්ට ගෙනියන්න තෑග්ගක් හොය හොය ඉන්න ඒ දෙන්නට මැජික් ජින් (Gin) මවන්න පුළුවන් අපූරු මන්තරයක් හම්බවුණා.තව මේ දෙන්නට ටොඩ් කියල යාළුවෙකුත් මුණ ගැහුණ. මන්තරේ කොටසක් හොයන්න ගිහින් එලියට්ට මයික් කියල යාළුවෙකුත් හම්බවුණා.ජූලියයි කේඩිගෙ අම්ම හැනායි එකතුවෙලා මරීනගෙ කබඩ් එකක් හොරකං කරන්න ගිහින් හැනාට මරීනගෙන් අනතුරක් වෙනව.ජූලියව යම් තැනකට යවන්න ජූලියගෙ සහෝදරිය කටයුතු සූදානම් කරනව.ඔය අතරෙ ක්වින්ටන් ඇතුළු කට්ටිය මායාකොව්ස්කිගෙ පරීක්ෂණ සේරම සමත් වෙනවා.එලියට්-මාර්ගෝ දෙන්න අතරට ආපු අලුත් යාළුව මාර්ගෝට මහ හිසරදයක් වෙලා තිබුණ වෙලාවෙ අර මැජික් ජින් මන්තරෙන් භූතයෙක් මැවිල හරි ජරමරයකුත් වුණා.කේඩිගෙ අම්ම හැනා මැරුණ .කේඩිටත් බ්‍රේක්බිල්ස් අතෑරල යන්න වුණා පෙනීටත් නොකියම.පරීක්ෂණ සේරම සමත්වුණ කට්ටිය ආපහු බ්‍රේක්බිල්ස් වෙත එන්න පිටත්වුණා (කේඩි ඇරෙන්න).ඔන්න ඔහොමනෙ ගිය කොටසෙ වුණේ.

එහෙනම් බලන්න එතැන් සිට…මේ කොටසෙදි ඔයාලට  බලාගත්තහැකි ජූලියා යවන්නෙ කොහාටද, මයික්-එලියට් ප්‍රේම සම්බන්ධෙට වෙන දේ ගැන සහ අර මුල් කොටසෙ හිටපු එලිසා ඇත්තටම කවුද කියලත් බලාගත්තහැකි.දැන් වෙලාව උදේ 1:00යි මට නිදිමතයි එහෙනම් මම ගියා.ඊලඟ කොටසින් හමුවෙමු.

Spoiler Warning : Penny is violently attacked by someone thought to be a friend; Quentin tries to find a connection to The Beast; Julia considers giving up magic for good…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (12)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 57

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      Thanks Kavisha!!

  • D_Sapumal User
    Windows 10 UC Browser 6.1

    Thanks Hasitha Saho Sub Ekata !

  • Ashen Unregistered
    Windows 8.1 Chrome 58

    thnx mcn…ilaga akath ikmanatama denna…

  • Dinush Unregistered
    Windows 8.1 Chrome 58

    patta series akak mcn
    a nisa digatama sub ona

  • Kasun Unregistered
    Windows 8.1 Chrome 58

    ස්තුතියි මචෝ
    ඉලග කොටස ටිකක් පරක්කුයි වගේ නේද්?
    ඉල් එකත් ඉක්මනටම දෙමු!!!

  • ආකාෂ් Unregistered
    Windows 8.1 Chrome 58

    thnx for sub bro

  • අනුර Unregistered
    Android 5.1 UC Browser 11.3

    Thankz මචෝ 9ත් දෙන්න ඉක්මනට

  • Kosala Unregistered
    Android 4.2 UC Browser 11.2

    Bro anith tikatath sub eka dennako

  • kavindu Unregistered
    Windows 10 Chrome 58

    mcn anith sub tikath dahnko ikanatama

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 08 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

  • tbsdarshana Unregistered
    Windows 10 Chrome 58

    thanks very much for subtitle

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search