The Magicians [S02 : E12] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK හැමෝටම.අද මේ අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 12වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ Ramifications කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 12.එහෙනම් වෙනද වගේම ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්…
මතකනෙ ක්වින්ටන් සහ ජූලියා දෙන්නා මළවුන්ගේ ලෝකයේ දොරටුපාලයාව හම්බවෙන්න ගියා.ඒ මකරෙක් කියලත් මතකයිනෙ.මකරා මේ දෙන්නට මළවුන්ගේ ලෝකයට යන්න අවසර දුන්න.හැබැයි ඒ ක්වින්ටන් ඇතුළු කණ්ඩායම ෆිලොරියට යන්න එන්න පාවිච්චි කරන බොත්තම මකරාට තෑගි කලාට පස්සෙයි.එහෙදි ඔවුන්ටදැනගන්න ලැබෙනවා අඳුරු වැසුම් තියෙන්නෙ එලීසියම නම් තැනක බව.එලීසියමට ගිය ඔවුන්ට ජූලියාගෙ අඳුරු වැස්ම වගේම ඇලිස්ගේ අඳුරු වැස්මත් හොයාගන්න ලැබුණ.කොහොමහරි අන්තිමේ ජූලියා තීරණය කරනවා තමන්ගේ අඳුරු වැස්ම වෙනුවට ඇලිස්ගේ අඳුරු වැස්ම මළවුන්ගේ ලෝකෙන් අරගෙන එන්න.ඔය අතරෙ පෙනී සහ කේඩිත් හොයනවා පුස්තකාලෙ විෂ කාමරේට යන ක්‍රමයක්.මේ වැඩේට හවුල් වෙනවා පුස්තකාලයේම වැඩ කරන සිල්වියාත්.පෘතුවියේ තත්වෙ ඒ වගේ වෙද්දි ෆිලොරියේ තත්වෙ හොඳටම නරක අතට හැරෙනව.එලියට් මාර්ගෝ සහ මාළිගයේ කීපදෙනෙක් ඇරුණම ඉතිරි සියලු දෙනාම හිටි හැටියේ මීයන් බවට පත්වෙනවා.මාර්ගෝ හිතන්නෙ මේක සුරංගනාවන් කල දෙයක් කියලයි.නමුත් ඔවුන් කියන්නෙ මේක ඔවුන් කල දෙයක් නොවන බවත්, ඒ වගේම ෆෙන් සුරංගනා රාජධානියේ සිටින බවත්.මේකෙ මොකක්හරි හොරයක් තියන බව හිතන එලියට් ටික්, රැෆේ සහ මාර්ගෝට සත්‍යාරිෂ්ටය පොවන. එතනදි මාර්ගෝ කියනව මේ දේවල් වුණේතමන් සුරංගනාවන් එක්ක ගහපු ගිවිසුම නිසා කියල.කොහොමහරි එලියට් සමත් වෙනවා මීයෙක් වුණ ජොෂ්ව ආපහු මනුස්සයෙක් කරන්න.දෙන්න එක්ක මේ ප්‍රශ්ණ කතාකර කර ඉද්දි හිටිහැටියේ එලියට් පෘතුවියෙන් මතු වෙනවා.මාර්ගෝ රැෆේගෙ උදවුවෙන් සුරංගනා රාජධානියට යනවා ෆෙන්ව හොයාගෙන එන්න.ඔය විදියේ සිද්ධි ටිකක් තමයි ගිය කොටසෙ වුණේ.අද එතැන් සිට.එහෙනම් මම ගියා…අවසන් කොටසෙන් හමුවෙමු!!!
පැහැදිළි කිරීම්
Etch a Sketch (එච් අ ස්කෙච්) :- මේ වචනෙ හම්බවෙයි අද කොටසේ අවසාන දෙබස් කීපයේදි.එතනදි අදහස් කරන දේ තේරෙයි මේ පොඩි වීඩියෝ එක බැලුවම.
Spoiler Warning : Julia, Kady and Penny each make sacrifices to finally face Reynard; Quentin and Eliot learn a disturbing truth about Fillory…
උපසිරැසියට තුති සහෝ?????
බොහොම ස්තූතියි, පසිඳු..! 🙂
සබට ගොඩක් ස්තුතියි සහෝ.. මේක දෙනකම් බලන් හිටියෙ. ඊළඟ එකත් දෙමු ඉක්මනට.. ??
බොහොම ස්තූතියි, හිරාන්.. ඊලඟ කොටසත් ඉක්මනටම දෙන්නම්.
Thanks ………….good luck ………………….
Thnq bro sub ekt
Thanks 😊💓