අදත් අපේ Subz LK වාසී හැමෝටම ආයුබෝවන් කියලම පටන්ගන්නම්.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 8වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ Word as Bond (වචන ගිවිසුම) කියලයි.විකාශය වූ දිනය විදියට සටහන් වෙන්නෙ 2017 වසරෙ මාර්තු 15.මුලින්ම ගිය කොටස ටිකක් මතක් කරලම ඉන්නම්.
මතකනෙ ඇලිස් ඉන්නෙ ක්වින්ටන්ගෙ ඇඟ ඇතුලෙ. ක්වින්ටන් ඒකෙන් විඳින්නෙ පුදුමාකාර වදයක්, හැබැයි එහෙම කියල මුර වචනෙ කියල ඇලිස්ට යන්න දෙන්නත් ක්වින්ටන්ගෙ කැමැත්තක් නෑ.ක්වින්ටන්ට ඕනෙ ඇලිස්ව ආපහු මේ ලෝකෙට ගේන්න ක්‍රමයක් හොයන්න.ඔය අතරවාරෙ ජූලියත් තමන්ගේ දරු කළලය අයින් කරගන්න මූඩාන් නම් මන්ත්‍රාචාර්යවරියක් ලඟට ගියා.හැබැයි එතනින් වැඩේට ඉල්ලපු ගාස්තුව බොහොම සැරයි, ඒ තමයි රන් බාර් දෙකක්.ඉතින් මේක හොයාගන්න ක්‍රමයක් කල්පනා කරන කේඩි සහ ජූලියා තීරණය කලා බැංකුවක් කොල්ලකන්න.ඔය අතරවාරෙ ෆිලොරියත් හොඳටම බංකොලොත් වෙලා ඒකට පිළියමක් හොයාගෙන මාර්ගෝ සහ එලියට් (එලියට්ගෙ අනුරූ බෝනික්ක) ආවා පෘතුවියට.මේ වුවමනාවයි ජූලියාගෙ ප්‍රශ්ණෙට ඕනෙ ගාණයි දෙකම හොයාගන්න කට්ටියම බැංකුව කොල්ලකන වැඩේ කරන්න තීරණය කලා.ඒ විතරක් නෙමෙයි වැඩේ කොහොමින්හරි කරගන්නත් කට්ටිය සමත්වෙනවා, නමුත් එලියට්ගෙ අනුරූ බෝනික්කා මියයනවා .සොරකම් කල රන්වලින් මූඩාන්ගෙ ගාස්තුව ගෙවල ජූලියාගෙ ප්‍රශ්ණෙ විසඳගත්තත් ඒකෙදි පොඩි ප්‍රශ්ණයක් වුණා කියලයි කේඩි කිව්වෙ.එතැනිනුයි ගිය කොටසෙ අවසානය.අද කොටසෙන් ඒ ප්‍රශ්ණෙ මොකද්ද කියල ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්.එහෙනම් මං ගිහින් එන්නම් ඊලඟ කොටසෙන් හම්බවෙන බලාපොරොත්තුවෙන්!!!
සිංහල උපසිරැස Download කරගන්න 3686 times
IMDB
User Rating
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ…!
thanks machan
Thanks , Pasindu!
Thnq bro sub ekat