ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 11 වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ The Rattening (කඩාකප්පල් කිරීම) කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 5.වෙනද වගේම පසුගිය කොටස ටිකක් මතක්කරලම ඉන්නම් මුලින්ම…
එලියට්, ඉඩ්රි රජතුමා හා විවාහයට සූදානම් වෙනවා.හැබැයි එලියට්ගෙ අනිත් වැඩ වගේ තමයි කිසි පිළිවෙලක් නෑ.ෆිලොරිය වෙනුවෙන් සටනට ගිය කෙනෙක් වෙලත් ජනතාව අතරෙ තමන්ගෙ ප්‍රසාදය වැඩිනොවීම ගැනත් එලියට් ඉන්නෙ දුකෙන්.ඔහු බේලර්ගෙන් ඒ ගැන කරුණු විමසුවාම ඔහු කියන්නෙ විවාහය ජනතාව අතරෙ ප්‍රසිද්ධියේම කරන්න කියලයි.කොහොමහරි ජනතාවට රසට කෑම දෙන්න හිතාගෙන එලියට් ජොෂ්ව ෆිලොරියට ගෙන්න ගන්නව තමන්ගෙ ප්‍රධාන සූපවේදියා විදියට.කෑම හැදීම කෙසේ වෙතත් එතනදි ජොෂ්ට හසුවෙනව ඉඳුල් පිඟානක දාපු රහස් ලියවිල්ලක් එතනින් ඔවුන් දැනගන්නව රාජකීය මුළුතැන්ගෙයි පිඟන් සෝදන්නා ෆූ සටන් කරුවන්ගේ ඔත්තුකරුවෙක් බව.කොහොමහරි ලියවිල්ල ඔස්සේ ෆූ සටන් කරුවන්ගේ කඳවුර ඇති තැන හොයාගත්තු මේ අය ඒකෙ උයන කෑමවලට ජොෂ් හදපු විස අරිෂ්ටයක් ජොෂ් ලවාම දම්මවල කඳවුරේ ඉන්න අය මරල දානව.ඒ ප්‍රශ්නෙ ඉවරවුනාට තව ප්‍රශ්ණ තියනවනෙ.එයින් එකක් තමයි මාර්ගෝ සහ සුරංගනාවන් අතර ගිවිසුම.එලියට් ඒ ගැන මුකුත්ම දන්නෙ නෑ.අන්තිමේ සුරංගනාවන් ඇවිත් ෆෙන්ව පැහැරගෙන යනවා…
මේ අතරෙ පෘතුවිය පැත්තෙත් ප්‍රශ්ණ, ක්වින්ටන් මත්වෙලා ඉන්න වෙලාවක ක්වින්ටන්ට කතා කරනව කෙනෙක් උදවුවක් ඉල්ලලා.ඒ තමයි ජූලියාගේ නැතිවුණ අඳුරු වැස්ම ඒක හොයාගන්න ක්‍රමයක් දැනගන්න කුලපති ෆොග්ව හම්බවෙන්න ගියාම ඔහු කියනව ඇලිස් මේ ගැන අධ්‍යයනය කල බව.හැබැයි දැන් ඇලිස් නෑනෙ ඒ හින්ද මලවුන් කැඳවීම් ක්‍රමේකින් ඇලිස් එක්ක කතාකලාම ඇය කියනව අඳුරු වැසුම් යන්නෙ මළවුන්ගේ ලෝකෙට බවත් එහි දොරටුපාලයාගෙ උදවුවෙන් එයට ඇතුල්විය හැකි බවත්.කේඩි උත්සාහ කරනව රෙනාඩ්ව මරන ක්‍රමයක් පෙනී වැඩකරන නැතිලන්ත පුස්තකාලෙන් හොයාගන්න.නමුත් ඒක හරියන්නෙ නෑ පුස්තකාලෙන් කියන්නෙ එහෙම දෙවියෙක් මරන ක්‍රම ගැන ලියවුණු පොත් පුස්තකාලෙ නෑ කියලයි.ඔය අතරෙ පෙනීට පුස්තකාලයට බාරදෙන්න තියන දිනේ පහුවුණ පොතක් ආපහු අරගෙන එන්න.පොත ආපහු ලබාගත්තත් පොත් රැගෙන ගිය තැනැත්තිය එහි කාඩ්පතට ශාපයක් කල නිසා පුස්තකාල සේවකයෙක් මියයනවා.එහිදී පෙනී දැනගන්නව අනතුරුදායක දැනුම ඇති පොත්පත් දැමූ විෂ කාමරය නම් එකක් පුස්තකාලයේ තිබෙන බවත් ඒ ශාපය කරල තියෙන්නෙ ඒකට ඇතුල් වීමට බවත්.ඒ ශාපය කල තැනැත්තිය සොයා ආපසු ගියාම කේඩිට දැනගන්න ලැබෙනව දෙවියන් මැරීමේ කලාව නම් පොතක් විෂ කාමරයේ ඇති බව.ඔය වගේ සිදුවීම් ටිකක් තමයි ගිය කොටසෙ වුණේ.අද එතැන් සිට…එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු!!!
සිංහල උපසිරැස Download කරගන්න 3612 times
IMDB
User Rating
ගොඩක් ස්තුතියි සහෝ.. ඊළඟ එපියට සබ් දෙනකම් අමාරුවෙන් ඉවසාගෙන ඉන්නෙ.. ?
දිගටම සබ් දෙමු.. ජයවේවා.. ??
බොහොම ස්තූතියි, හිරාන්.. ඊලඟ කොටස් දෙක ඉක්මනටම දෙන්නම්.
සබට ස්තුති හසිත සහෝ… ජය
Thnq bro sub ekta