The Magicians [S02 : E02] Sinhala Subtitle

July 03, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් The Magicians රසිකයන් හැමෝටම.අද මම අරගෙන එන්නෙ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ Hotel Spa Potions (සුව සම්බාහන හෝටලය) කියල.ඒ කිව්වට මේක හෝටලයක් ගැන නෙමෙයි පොතක් ගැන.අද කොටස ගැන කියන්න කලින් මම ගිය කොටස ටිකක් මතක් කරන්නම්.

මතකනෙ මෘගය අතින් දරුණුවට අනතුරට පත්වෙච්ච අපේ කට්ටිය ඇලිස්ගේ දේව බලයට පින් සිද්ධ වෙන්න ජීවිතබේරගත්ත.ඉතින් තව ටිකක් බලය ලබාගන්න හිතාගෙන කට්ටියම උල්පත් ප්‍රභවයට ගියත් ඒක හොඳටම හිඳිලා ගිහින්, ඒ මාටින් චැට්වින් නොහොත් මෘගයා බලය ලබා ගැනීම සඳහා ඒකෙන් නිතර නිතර ජලය පානය කිරීම නිසා.ඒ අතරෙ රෙනාඩ්ව මරන්න හිතාගෙන ලියෝ තලය සහ මෘගයවත් අරගෙනම අතුරුදන් වෙන ජූලියා,මෘගයට ලියෝ තලය පෙන්වා තර්ජණය කර තමන්ට රෙනාඩ්ව මැරීමට  සහය වෙන බවට මෘගයාව පොරොන්දු කරගන්නවා.ලියෝ තලය නැතිකරගෙන අමාරුවේ වැටිල ඉන්න අපේ කට්ටිය මෘගයාව මරාදමන්න වෙනත් ක්‍රමයක් හෙව්ව, එතකොට ඔවුන්ට දැනගන්නවා රූපර්ට් චැට්වින් දෙවෙනි ලෝක යුද්ධයේ සටනක් ජය ගැනීමට  ධවල මාළිගය නම් මාලිගයේ පුස්තකාලයෙන් ලබාගත් යම් දැනුමක් උපයෝගී කරගත් බව.කට්ටිය මාලිගාවට යන අශ්ව කරත්තයට ගොඩවෙන්න හැදුවත් ඔවුන්ව බාරගන්නේ නෑ රථයෙන්, ඒ ඔවුන් ෆිලොරියේ රජවරු රැජිණියන් වුවත් තවමත් ඔටුනු පැළඳලා නැති නිසා.ඉතින් කට්ටිය වනය මැද තියන රාජාභිෂේක ස්ථානයට ගොස් එහි සිටින ඔටුනු භාරකාර නයිට්වරයාගේ (අමුතු) ප්‍රශ්ණවගේකට උත්තර දීල ඔටුනු පළඳින වැඩෙත් ඉවරයක් කරගන්නවා.ඔය අතරේ මෘගයා විසින් කපාදාපු තම අත්දෙක නැවත එක් කරගන්න හිතාගෙන චැට්වින්ගේ දොළපහර වෙත යන පෙනී එහි ආනුභාවයෙන් තමන්ගේ අත්දෙක නැවත එක් කරගන්නවා, එහිදී දොළ පහරේ භාරකරු අතර ඇතිවෙන ආරවුලක් නිසා ඔහු පෙනීගේ අත්දෙකට ශාපයක් කලා.ඔය අතරෙ රෙනාඩ්ව මරන්න යම් මායා දැළක් නිර්මාණය කරනවා මෘගයා  සහ ජූලියා එකතුවෙලා.තමන්ගේ අත්දෙකට දොළපහරේ භාරකරු විසින් යම් ශාපයක් කර ඇති බව වැටහෙන පෙනී ඔහුගෙන් සමාව ගෙන අත්දෙක යථාතත්වයට පත්කරගන්න උත්සාහ කලත්, භාරකරු ඔහුට අවවාදයක් සහ අනාවැකියක් ප්‍රකාශ කර ඔහුව පන්නාගන්නවා.මේ අතරේ අපේ කට්ටිය ධවල මාලිගේ පුස්තකාලෙට යනවා චැට්වින් සොයාගත් යුද්ධයක් දිනීමට තරම් බලවත් දේ මොකද්ද කියල හොයාගන්න.එහෙම මුකුත් හම්බවුණේ නැතත් ඔවුන්ට බ්‍රේක්බිල්ස් පාසලේ වැඩපොතක් හම්බවෙනවා.ඉතින් මේක ගැන බ්‍රේක්බිල්ස්වලින් හොයාගන්න හිතාගෙන කට්ටිය ආපහු එන්න සූදානම් වෙනව.හැබැයි එක්කෙනෙකුට එන්න බෑ ආපහු පෘතුවියට මතකනෙ කවුද කියල ඒ තමයි එලියට්.ඔහු දැන් ෆිලොරියේ මහරජු නිසා ඔහුට බෑ පෘතුවියට එන්න.එතනිනුයි ගිය කොටස අවසන් වුණේ…

අද කොටසෙන්  මේ බ්‍රේක්බිල්ස් වැඩපොත ෆිලොරියට ගිය ආකාරය සහ රූපර්ට් චැට්වින්ට ධවල මාළිගේ පුස්තකාලෙන් ලැබුණ ඒ බලවත් දේ මොකද්ද කියල ඕගොල්ලන්ට බලාගත්තහැකි.ඔය අතරෙ ජූලියාට තවත් කෙනෙක්ගෙන් උදවු ගන්න වෙනව රෙනාඩ්ව මරන්න බලන්නකො ඒ කවුද කියල.එහෙනම් මම ගියා ඊලඟ කොටසෙන් හමුවෙමු!!!

Spoiler Warning : Quentin, Alice, Penny and Margo seek a new weapon; Eliot struggles with being king; Julia and The Beast find an unexpected ally…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (18)
  • Yohan Darshana Unregistered
    Windows 10 Chrome 69

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search