The Magicians [S02 : E06] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවෙනි සීසන් එකේ 6 වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ The Cock Barrens (ලෝරියාවේ මුඩුබිම්) කියලයි.විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 17.
පසුගිය කොටස ගැන කියනවනම්, ඇලිස්ගේ මරණයත් සමග ෆිලොරිය ගැන කළකිරුණු ක්වින්ටන්ට කුලපති ෆොග් විසින් සමාගමක රැකියාවක් සූදානම් කරල දුන්නා.එතනදි ඔහුට පරණ යාළුවෙකුත් මුණගැහුණ, ඒ තමයි ඇලිස්ගෙ සහෝදරය වුණ චාලිගෙ බ්‍රේක්බිල්ස් පෙම්වතිය එමිලි ග්‍රීන්ස්ට්‍රීට්.ඒ අතරෙ ජූලියාට තවත් ගැටලුවක් ඒ තමයි රෙනාඩ්ගෙන් ඇයට දරුවෙක් ලැබෙන්න යන බව දැනගැනීම.කොහොම හරි වෛද්‍යසායනයක් මගින් මේකට උත්තරයක් හොයාගෙන ගියත් අන්තිමේ එය අවසන් වුණේ ඛේදවාචකයකින්.මේ කරදර අතරතුර අපේ පෙනීටත් ලොකු ප්‍රශ්ණයක්, ඒ තමන්ගේ මැජික් හැකියාව නැතිව යාම.ඉතින් මේකට උදවුවක් ගන්න බ්‍රේක්බිල්ස්වලින් පෙනීව යවනව මායාකොව්ස්කි ලඟට.දන්නවනෙ මායාකොව්ස්කිගෙ හැටි, ඔහු පෙනීට අපූරු වැඩ දෙකතුනක් පවරනව.ඒ ටික ඉවර වුනාම වනසු නම් පත්‍රශාක වගයක් හොයාගෙන එන්න ඔහුව ආපසු ෆිලොරියට යැව්ව.ඔය අතරෙ එලියට් මහරජතුමාටත් විවිධාකාරයේ ප්‍රශ්ණ , බේලර් නම් ෆිලෝරියානු කැරලිකරුවෙක් එලියට්ව ඝාතනය කරන්න අසාර්ථක වෑයමක් දැරුව.කොහොමවුණත් ඔහුට මරණ දණ්ඩනය දීම වෙනුවට ඔහුගෙන් අදහස් අරගෙන ෆිලොරිය දියුණු කරන්නයි එලියට්ගෙ අදහස.ඒ අතරෙ තමන් පියෙක් වී ඇතැයි කියන සුබ ආරංචියකුත් එලියට්ට ලැබුණත් ඔහුට ඒ තරම් ඒ ගැන සතුටක් නැති බවකුයි පෙනුනේ.ඔය වගේ සිද්ධි ටිකක් තමයි පසුගිය කොටසේ සිදුවුණේ… එහෙනම් අද නරඹන්න එතැන් සිට.ඊලඟ කොටසින් හමුවෙමු!!!
Spoiler Warning : Quentin strives to help a friend who is suffering; Eliot and Margo’s negotiations take a shocking turn; Julia and Kady discover a possible key to stopping Reynard…
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
බොහොම ස්තූතියි,kushani sanjula. 7වෙනි කොටස යවල තියෙන්නෙ අද රෑ වෙද්දි ගන්න පුළුවන් වෙයි.
Prathichara nathath adinawa neda .ඉතුරුවත් දාන්න අපි බලනව සහෝ ගොඩ දවසකින් මෙ පැත්තට ආව
Asala, 7වෙනි කොටස ඇඩ්මින්ලට යවල තියෙන්නෙ අද රෑ වෙද්දි ගන්න පුළුවන් වෙයි.
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Thnq Bro sub ekta😇✌
sub ekata thanks