The Magicians [S02 : E05] Sinhala Subtitle

July 19, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් Subz LK හැමකෙනෙක්ටම.මම අද අරගෙන එන්නෙ Magicians කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ 5වන කොටස.මේ කොටස නම් වෙන්නෙ Cheat Day (වංචා දිනය) කියලයි.විකාශය වෙලා තියෙන්නෙ 2017 පෙබරවාරි 22.අද කොටස ගැන කියන්න කලින් මම පසුගිය කොටස ටිකක් මතක් කරල ඉන්නම්.

ක්වින්ටන් ඇතුළු කට්ටිය මෘගයාව මරන්න කල උත්සාහය සාර්ථක වුණත්, එය අවසන් වෙන්නෙ ඇලිස් නිෆින් එකක් බවට පත්වීමෙන් වගේම ක්වින්ටන්ට දරුණු තුවාලයකුත් ඇතිකරමිනුයි.කොහොමහරි සෙනටාරයන් විසින් පවත්වාගෙන යන රෝහලකදී ලී කැබැල්ලක් යොදාගෙන කල ශල්‍යකර්මයන් කීපයකින් පසුව ක්වින්ටන් නැවතත් යථා තත්වයට පැමිණුනා.ඔය අතරේ නැවතත් තමන්ගේ අත්වල ප්‍රශ්ණය උද්ගත වීම නිසා පෙනීත් එනවා මේ රෝහලෙන්ම ප්‍රතිකාරගන්න.නමුත් මෙය චැට්වින් දොළ පහරේ භාරකරු විසින් කල ශාපයක් බව දැනගත් සෙනටාරයන් ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කලා.මේ අතරේ එලියට් මහරජතුමා ඉන්නෙ විශාල ප්‍රශ්ණෙකට මුහුණ දීල.ඒ තමයි එම්බර් දෙවියන් විසින් උල්පත් ප්‍රභවය අපිරිසිදු කිරීම හේතුවෙන් ෆිලොරියේ මැජික් බලය සීඝ්‍රයෙන් සිඳීයාම.මේකට විසඳුමක් හොයාගන්න බ්‍රේක්බිල්ස්වලට යන්න එලියට්ට උවමනාවුණත් ඔහුට ෆිලොරියෙන් යන්න බැහැනෙ, ඒකට විසඳුමක් විදියට මාර්ගෝ විසින් එලියට්ගේ අනුරූ බෝනික්කෙක් හදනවා.බෝනික්කාගෙ මනසට ඇතුල්වෙලා නැවතත් බ්‍රේක්බිල්ස් වලට ගිය එලියට්ට ෆිලොරිය පාලනය කිරීම සඳහා උදවු කරන්න කුලපති ෆොග් පොරොන්දු වෙනවා.ඔය අතරෙ තමන්ගේ අත්දෙක තමන්ටම වදයක් වුණ නිසා පෙනී ක්වින්ටන්ගෙ උදවු ඇතිව තමන්ගෙ අත් දෙක කපා වෙන් කරගත්තා.ඇලිස් නොමැති දුකින් තැවෙන ක්වින්ටන් තීරණය කරනවා ඇලිස්ව නැවතත් මේ ලෝකෙට ගේන්න.ඒකට ඔහුට තව කෙනෙක්ගෙ උදවු ඕනෙ ඒ තමයි ෆිලොරියේ සිටින සුදු ආර්යාව නම් තැනැත්තියව. ඇය වාසය කරන්නෙ පියඹන වනාන්තරය නම් වනයක.ඉතින් මේ කාරණයත්, පෙනීගේ අත් දෙක සුව කරගැනීමත් කියන අරමුණු දෙකෙන්ම පෙනී සහ ක්වින්ටන්  සුදු ආර්යාව සොයා පිටත්වුණා.නමුත් ඇය පැවසුවේ ඇලිස්ට පණදීම කල නොහැකිබවයි, නමුත් ඇය පෙනීගේ අත්දෙක නැවතත් යථා තත්වයට පත් කලා.මේ සිදුවීම් හේතුවෙන් ෆිලොරියට මෙතෙක් තමන්ගේ තිබූ කැමැත්ත කලකිරීමක් බවට පත්කරගෙන සිටින ක්වින්ටන් නැවතත් තමන්ව පෘතුවියට යවන ලෙස සුදු ආර්යාවගෙන් ඉල්ලා සිටින අතර ඇය ඒ ඉල්ලීම නොවලහා ඉටු කලා.එතනිනුයි පසුගිය කොටස අවසන් වුණේ…

අද කොටසින් ඔයාලට නරඹන්න පුළුවන් ෆිලොරියෙන් එන ක්වින්ටන් යන්නෙ කොහාටද කියල.ඒ වගේම ජූලියාටත් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනව අද කොටසෙදි.එහෙනම් මම ගිහින් එන්නම්.ඊලඟ කොටසින් හමුවෙමු!!!

Spoiler Warning : Quentin adjusts to his new life; Penny seeks help from an unexpected source; Eliot and Margo contend with the dangers of ruling; Julia and Kady discover another consequence of Reynard’s attack…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (4)
  • ishan Unregistered
    Android 8 Chrome 67

    Thnx bro sub ekta😇✌

  • Yohan Darshana Unregistered
    Windows 10 Chrome 69

    sub ekata thanks

  • Anu Unregistered
    Android 8 Chrome 69

    Sub ekt thnx….. 480p 720p walatath support krn widiht heduwa nm gdk kttiyt loku help ekak wei….. Issrhtth krnn lebenn oni

  • dinesh Unregistered
    Windows 8.1 Chrome 65

    thanks bro sub ekata🤣

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search