The Magicians [S02 : E13] Sinhala Subtitle

August 19, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් Subz LK සහ The Magicians  රසිකයන් හැම කෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවන සීසන් එකේ අවසානය එහෙමත් නැත්නම් 13වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ We Have Brought You Little Cakes (අපි ඔබට කුඩා කේක් ගෙන ආවෙමු) කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 19 .වෙනද වගේම මම අද කොටස ගැන කතාකරන්නෙ නෑ.ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්…

මායාකොව්ස්කිගෙ උදවුවෙන් ඇලිස්ව ආපහු මේ ලොකෙට ගේන්න ක්වින්ටන් සමත්වුණා.හැබැයි ඇය දැන් ක්වින්ටන් එක්ක තරහෙන් ඉන්නෙ එයාව ආපහු මේ ලෝකෙට ගෙනාවට.ජූලියා සහ කේඩිත් තමන්ගේ එකම අරමුණ වුණ රෙනාඩ්ව මරාදැමීමේ ඉලක්කය අසලටම කිට්ටු වුනා.ඒ ගේන්ගේ බලය එක්කර තනාගත් උණ්ඩයකින් රෙනාඩ්ගේ ජීවිතය අවසන් කර දැමීමට තීරණය කිරීමෙන්.නමුත් අවසානයේ දේව මෑණියන් කල ඉල්ලීමකට අනුව ජූලියා රෙනාඩ්ට යන්න දෙනවා.කේඩි කේන්තියෙන් යන්න යනවා.ඔය අතරෙ ෆිලොරියෙන් පිටුවහල් කල එලියට් නැවතත් ෆිලොරියට යන්න ක්‍රමයක් හොයනවා.ඇයි දැන් බොත්තමත් නෑනෙ.මොකද ක්වින්ටන් ඒක මළවුන්ගේ ලෝකෙ දොරටුපාලයා (මකරා) ට දුන්නනෙ.එතනදි ක්වින්ටන් එලියට්ට කියනවා තමන් යේල් සරසවියේ සම්මුඛ පරීක්ෂණයට ගියදා (පළමු සීසන් එකේ) එහිදී තමන්ට චැට්වින් චැට්වින් සහෝදරයින්ගේ ඔරලෝසුව වැනි එකක් දකින්නට ලැබුණ බව.ඔරලෝසුව හරහාත් ෆිලොරියට යන්න පුළුවන් බව ඕගොල්ලො දන්නවනෙ.කොහොමහරි මේ දෙන්න ඔරලෝසුව තියන තැන හොයාගත්තත් එතනදි ඔවුන්ට තවත් කෙනෙක් හමුවුණා ඒ තමයි එම්බර් දෙවියන්ගේ සොහොයුරා අම්බර්ව.අම්බර් මියගිහින් නෑ ඔහු මාටින් හා එකඟතාවයකට ඇවිත් ජීවිතය බේරගෙනයි ඉඳල තියෙන්නෙ.කොහොමහරි අම්බර්ගෙන් ඔරලෝසුව ඉල්ලගත්තත් ඔහු කියන්නේ ෆිලොරිය අත්හැර දමන්න කියලයි.ඔය අතරෙ පෙනී සිල්වියත් එක්කම විෂ කාමරයට යනවා අර පොත හොයන්න නමත් එය කෙලවර වෙන්නෙ පෙනීට සහ සිල්වියාට විෂ ආඝාණය වීමෙන් සිල්වියා මිය යනවා.පෙනී කොහොමහරි ආපහු පෘතුවියට එනවා…

ෆිලොරියේ තත්වෙත්  වෙනද වගේමයි හොඳක් ඇත්තෙම නෑ.මහ රජු සහ රැජිණ දෙන්නම දැන් ෆිලොරියේ නැති නිසා ජොෂ් නිරායාසයෙන්ම මහරජතුමා බවට පත්වෙනවා.ලයන් කිංගෙ “වද වෙන්න දෙයක් නෑ” කියන ආදර්ශ පාඨෙට අනුව ජොෂ් රජකම පටන්ගන්නෙම දුමකින්.හැබැයි රජසැප වැඩිවෙලා විඳින්න වෙන්නෙ නෑ ජොෂ්ට.ඒ මාර්ගෝ ඇවිත් තමන්ව සුරඟණ රාජධානියෙන් ගෙන්නගන්න කියල කියපු නිසා.ඒ අතරෙ ලෝරියාවෙ එස් කුමාරය එනව තමන්ගෙ පියා ඉඩ්රිව සොයමින්.ඔහු මාලිගාව අත්පත් කරගන්නවා.ජොෂ් සුරඟන රාජධානිය බලා පිටත් වෙනවා ෆෙන්ව සහ මාර්ගෝව එක්ක එන්න.ඔන්න ඔහොමයි ගිය කොටස අවසන් වුණේ.අද එතැන් සිට.එහෙනම් මේ සීසන් එකේ අවසන් කොටස නරඹන්න කියල ආරාධනා කරනවා  හැමෝටම…

ඒ වගේම අපේ ඇඩ්මින්වරුන් මේ කතාව මා හට බාරදෙමින් දැක්වූ විශ්වාසයට මම සාධාරණයක් කලා කියල මං හිතනවා.තව මේ දක්වා කතාව හා එක්වුණ හැමෝටමත් ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටමත් බොහොම ස්තූතියි.මේ කතා මාලාවෙ තෙවෙනි සීසන් එක විකාශය වෙන්න නියමිත ලබන වසරේ.කොහොමවුණත් කතාමාලාවට ලොකු ඉල්ලුමක් නැති නිසා තුන්වෙනි සීසන් එකට උපසිරැසි කරන්න ලොකු බලාපොරොත්තුවක් නෑ.ඇඩ්මින් මඩුල්ල ඉල්ලීමක් කලොත් හෝ ප්‍රේක්ශකයින්ගෙන් සැලකියයුතු ඉල්ලීමක් ලැබුණොත් පමණක්  තුන්වෙනි කතාමාලාවට උපසිරැසි කිරීමටයි බලාපොරොත්තුව…එහෙනම් මම ගිහින් එන්නම් ආයිත් දවසක හමුවෙමු!!!

Spoiler Warning : Quentin, Eliot, Julia and Margo enact a risky plan to protect Fillory; Penny questions fate, and Kady makes a deal to help him…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (20)
  • Mahela N Udagedara Unregistered
    Windows 7 Chrome 69

    great work brother😃

  • nasarani Unregistered
    Windows 8.1 Firefox 65

    bro ela wadak mn! attatama subz ekata dana 1st comment eka adoh suppa wadak macho ubala krnne good luck all the best all of you sub eka eltam tiyenwa…..!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 73

    sub ekata thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search