The Magicians [S02 : E04] Sinhala Subtitle
jade tailor, jason ralph, stella maeve, arjun gupta
ආයුබෝවන්.අද මම අරගෙන එන්නෙ The Magicians කතාමාලාවෙ දෙවෙනි සීසන් එකේ සිව්වෙනි කොටස.අද කොටස නම් වෙන්නෙ The Flying Forest (පියඹන වනාන්තරය) කියලයි.විකාශය වූ දිනය විදියට දැක්වෙන්නෙ 2017 වසරේ පෙබරවාරි 15 දිනය.අද වැඩි විස්තරයක් ලියන්නනම් වෙලාවක් නෑ.වැඩ රාජකාරි නිසා.මේ දවස් වල ලයින් හය හත්සීයක් ටයිප් කරනවා කියන්නෙ බොහොම වෙහෙසකර අත්දැකීමක්.අනිත් කාරණේ අපේ මහන්සියට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය එන්න එන්නම අඩුවීමත් කණගාටුවට කාරණයක්.ඒ නිසා දෙවෙනි සීසන් එකේ මේ කොටස් කීපයට ලැබෙන ප්‍රතිචාර සලකා බලල තුන්වෙනි සීසන් එක එනකොට ඒකට සබ් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න මම තීරණය කලා.ඒ කොහොමවුණත් මෙතෙක් ඇවිත් තියන සේරම කොටස්වලට සබ් දෙන බවත් මතක් කරන්න කැමතියි.
ගිය කොටස ටිකක් මතක්කලොත් මෘගය මාළිගාවට කරල තිබුණ සාපයට ගොදුරුවුණ අපේ රජවරු දෙන්නයි රැජිණියො දෙන්නයි පෙනීගේ දක්ෂකම හින්ද සාපයෙන් ගැලවුනා.ඒ අතරෙ මරීනාගෙත් උදවුවෙන් රෙනාඩ්ව කැඳීමට කල උත්සාහය අන්තිමේ අවසන් වුණේ මරීනා ජීවිතයෙන් වන්දි ගෙවීමෙන්.ඒ සේරම ප්‍රශ්ණත් එක්කම මෘගයාව මැරීමට දරන උත්සාහය කෙසේ හෝ සාර්ථක කරගන්න ඇලිස් සමත් වෙනවා.නමුත් එය කෙලවර වෙන්නෙ ඇයගේ මරණයෙන්.ඒ වගේම ක්වින්ටනුත් දැඩි ලෙස තුවාල ලබනවා මෘගයාගෙන් එල්ලවූ පිහි පහරකින්.එතනිනුයි පසුගිය කොටස අවසන් වුණේ.එහෙනම් අද කොටස නරඹන්න කියල ආරාධනා කරන ගමන්ම මම ගිහින් එන්නම්!!!
Spoiler Warning : Quentin and Penny embark on a quest; Margo works on a way to help Eliot; Julia seeks an old friend’s help…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
මේ දවස් වල හුගක් කාර්යබහුල ජීවිතයක් ගෙවනවා වගේ පෙන්නේ…හේ හේහේ…
බොහොම ස්තූතියි, කවීෂ..! මේ කාලෙ කරගන්න හරියක් තමයි, මල්ලි.
අපි දැනටත් පරක්කු වැඩියි සමහර දේවල්වලට.
Elama mcn.thnq!
Thanks, Gavinda..!
උපසිරැසියට බොහොම ස්තූතියි!
ජයවේවා!
බොහොම ස්තූතියි, ලක්ෂාන්..!
Selennepa.digatama karana yan. Ela ela……. man hoya hoya idapu seris ekak. Dwn danawa ada re
බොහොම ස්තූතියි, කළණ..!
උපසිරැසියට බොහොම ස්තූතියි
Gammak tamai api balanawa nxt eka ikmanta denna tnx bokka
බොහොම ස්තූතියි, දමිත්..! ඊලඟ කොටස දෙන්නම් හෙට විතර.
2018 න් තාමත් මේක බලනව , season 3tath sub denna
Patt bro thnq😇✌
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…