The Magicians [S02 : E09] Sinhala Subtitle

August 06, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් Subzlk වාසී හැමෝටම.අද මම අරගෙන එන්නෙ The Magicians දෙවෙනි සීසන් එකේ 9වෙනි කොටස. අද කොටස නම් වෙන්නෙ Lesser evils ( හානි අවම තෝරාගැනීම) කියල. මේ කොටස විකාශයවූ දිනය විදියට සටහන් වෙන්නෙ 2017 මාර්තු 22. අදනම්  ගියකොටස ගැන ලොකු විස්තරයක් ලියන්න තරම් කාලයක් නෑ, ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. රෙනාඩ්ගෙ දරුවා ඉවත්කිරීමේදී අඳුරු වැස්ම අහිමිවෙච්ච ජූලියා දැන් හැසිරෙන්නෙ බොහොම නිදහසේ, කිසිම බරක් පතලක් නෑ. එ බරක් පතලක් නැතිකම නිසාම ඒ වෙද්දිත් ලොකු ප්‍රශ්ණ ගොඩකපැටලිලා හිටපු ෆිලොරි පාලකයන්ගේ කරට තවත් කරදරයක් පටවන්න ජූලියා සමත්වුණා, ඒ එක්මග වනය නම්වනය ගිනිතබා විනාශ කිරීමෙන්. ෆිලොරියට තිබුණ ප්‍රශ්ණවලින් ලොකුම එක බැංකු කොල්ලය අතරතුර මියගිය එලියට්ගේ අනුරූ බෝනික්කාගේ ඇඟෙන් එලියට්ගේ ආත්මය නැවත ෆිලොරියේ තිබෙන ඔහුගේ සැබෑ ශරීරයට ගෙන්වා ගැනීම. කොහොමහරි උල්පත්ප්‍රභවයේ මැජික් බලය අඩපණවීමේ බාධාවත් එක්ක ඒ කාර්යය සාර්ථක කරගන්න ඔවුන් සමත්වුණා.  ඔය අතරෙ තමන්ගෙ ඇඟ ඇතුලෙ ඉන්න ඇලිස් නිසා ක්වින්ටන් විඳින්නෙත් එසේ මෙසේ කරදරයක් නෙමෙයි. බැංකු කොල්ලය වෙලාවෙ ඇතිකරගත්තු එකඟතාවෙ හින්ද තමන්ගේ ශරීරයෙ පාලනය දවසට පැයක් බැගින් ඇලිස්ට පවරන්නත් ක්වින්ටන්ට සිද්ධ වුණා. ඒ කොච්චර කරදර තිබුණත් ඇලිස්ට යන්න දෙන්න කැමැත්තකුත් නෑ ක්වින්ටන් ලඟ. ඔය වගේ සිද්ධි ටිකක් තමයි ගිය කොටසෙදි ප්‍රධාන වශයෙන් වුණේ. අද එතන ඉඳන් ඔයාලට බලන්න පුළුවන්.. එහෙනම් මම ගිහින් එන්නම් ඊලඟ කොටසෙන් හමුවෙමු.

Spoiler Warning : Julia recklessly continues with her quest; Eliot and Margo step up to protect Fillory…

සියළුම HDTV පිටපත් සදහා උපසිරැසි අදාළ වේ.

පිටපතට අදාළ ටොරන්ට් ලින්ක් එක උපසිරැසි ගොනුව තුල ඇති නෝට්පෑඩ් ගොනුව තුල ඇතුලත් වේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 60

    සබට තුති සහෝ!
    ජය වේවා!

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, සමීර..!

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 5.4

    ගොඩක් ස්තුතියි සහෝ.. මේ සීරීස් එක නම් නියමයි.. දිගටම සබ් දෙමු.. ??

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, හිරාන්..!

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks …………….good luck …………………….

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Thnq Macho😇✌

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search