The Magicians [S02 : E07] Sinhala Subtitle
ඔන්න Subzlk රසිකයින් හැමෝටම ආයුබෝවන් කියනවා ආයිමත් වතාවක්. අද මම අරගෙන එන්නෙ The Magicians වල දෙවන සීසන් එකේ 7වෙනි කොටස. මේ කොටස නම් වෙන්නෙ B සැලැස්ම ( Plan B) කියලයි. විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 8 වෙනිදා. පසුගිය කොටස ටිකක් මතක් කරනවනම් ඇලිස්ගෙ අකල් මරණය හින්ද කම්පාවෙන් ඉන්න ක්වින්ටන් ඇලිස්ව නැවත ගෙන්වා ගන්න උත්සාහ කලත් ඒක අසාර්ථක වුණා, ඉන් පස්සෙ ක්වින්ටන් ඇලිස්ගෙ දෙමව්පියන්ව මුණ ගැහෙන්න ගියා ඇලිස්ගේ මරණය සිදුවුණ ආකාරය ගැන ඒ අයට කියන්න. එතනදි ඇලිස් ක්වින්ටන්ට පෙනී ඉඳල එයාව ඇලිස්ගෙ පියාගෙ කාමරේ තියන පොතක් වෙතට අරගෙන ගියා. කොහොමහරි ඇලිස්ගේ පියාගෙත් මවගෙත් උදවුවෙන් ක්වින්ටන් සමත් වුණා ඇලිස් එක්ක කතාකරන්න. එතනදි ඇලිස් කියන්නෙ ඇලිස් ඉන්නෙ ක්වින්ටන්ගෙ ශරීරය ඇතුලෙමයි කියල. ඔය අතරෙ ජූලියා හොයාගත්ත අවුරුදු 40කට කලින් රෙනාඩ්ව පෘතුවියෙන් පිටුවහල් කලේ ඩානා නම් කාන්තාවක් බව. කොහොමහරි ජූලියා ඇයව හොයාගෙන ගිහින් උදවු ඉල්ලුවත් රෙනාඩ්ව පිටුවහල් කිරීම කරන්න වෙන්නෙ දරුවාව බිහිකරද්දී බවයි ඇය කියන්නෙ, ජූලියා ඒකට අකමැති නිසා ඇය ජූලියාව සිරකර තබාගන්නවා. කොහොමහරි ඇය කේඩිගේ උදවුවෙන් එතනින් බේරුණා.
ඔය අතරෙ ෆිලොරියේ තත්වෙත් ඒතරම් සුබදායක වුණේ නෑ.ෆිලොරියේ අසල්වැසි ලෝරියා රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන එස් එලියට් හමුවට එනව ඉල්ලීම් වගයක් අරගෙන, ඒ තමයි උල්පත් ප්‍රභවය සමසේ රාජ්‍යයන් දෙක අතරේ බෙදාගැනීම සහ මාර්ගෝව විවාහ කරගැනීම.ඒ දෙකට අකමැති වුණ නිසා එස් කුමාරයා විසින් මුළු මාළිගාවම නිවාස අඩස්සියට ගත්තා. කොහොමහරි මේ සිද්ධිය අවසානයේ කෙලවර වෙන්නෙ මාර්ගෝ විසින් ලෝරියා රාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන්. එතනිනුයි පසුගිය කොටස අවසන් වුණේ.. එහෙනම් අද නරඹන්න එතැන් සිට.. ඊලඟ කොටසින් හමුවෙමු.
Spoiler Warning Julia and Kady enlist Quentin, Margo, Eliot, and Penny for a magical heist…
සබට තුති සහෝ! ජය වේවා!
බොහොම ස්තූතියි, සමීර 🙂
sabta thnaks ilaga ekath ikmanata denda
බොහොම ස්තූතියි, ධනුක . ඊලඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්නම්.
sub ekata thanks
machan ehama grimm ekatath sub eka diyan
බොහොම ස්තූතියි,adg!!
Thanx mchan sub akata
බොහොම ස්තූතියි, සුදේශ්..!
Ilaga epiyatath ikmanata sub denna
Thanks bro
Thanks ………….good luck ………………….
#thnq bro
sub ekata thanks