සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා Subz Lk වාසී සියළුම දෙනාට. මෙදා පාර සජීවීකරණ සිනමා සිත්තමක සිංහල උපසිරැසියක් සමඟින් තමා මම Subz Lk වෙත ගොඩවදින්නේ. Smurfs: The Lost Village (2017) සිනමා සිත්තමෙන් පස්සේ මං මේ උපසිරැසි කරන දෙවෙනි සජීවීකරණ සිනමා සිත්තමයි. ඊට කලින් ඔයාලට කියන්න කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමා මම මේ උපසිරැසිය කරලා දැනට සතියක් විතර වෙනවා. ඒත් තාක්ෂණික ගැටළුවක් නිසා උපසිරැසිය අපේ ඇඩ්මින් එකේ අයට ලැබිලා තිබුණේ නෑ. ඉතින් ඒ නිසා තමයි උපසිරැසිය දෙන්න පරක්කු වුණේ. අනිත් කාරණාව තමා, The Gifted කතා මාලාවේ 7,8 එපිවල සිංහල උපසිරැසිය ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කාලය කළමනාකරණය කරගන්න බැරි හින්දා තමා උපසිරැසි දෙන්න පරක්කු වෙන්නේ. ඒ කාරණා සියල්ලම මතක් කරන ගමන්ම අද ගෙනාව සිනමා සිත්තම පැත්තට හැරෙමු.
2014 වර්ෂයේ තිරගත වුණ The Nut Job සිනමා සිත්තමේ දෙවෙනි කතාංගයේ උපසිරැසිය තමා මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ. මේ සිනමා සිත්තම ගැන කියනවානම් මෙය නම් කරලා තියෙන්නේ – The Nut Job 2: Nutty By Nature – නමින්ය. 2017 වර්ෂයේ අගෝස්තු මස නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මේ සිනමා සිත්තම Cal Brunker අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකි. එමෙන්ම Adventure, Comedy කියන ගණයට අයත් වන මෙම නිර්මාණය IMDb ශ්‍රේණි දර්ශකයේ 4.9ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඒවගේම මෙහි ධාවන කාලය පැය 1යි මිනි. 31ක් ලෙස තමා සඳහන් වෙන්නේ. මෙම සිනමා සිත්තමේ චරිතවලට හඬකැවීම් අංශයෙන් දායක වන ශිල්පීන්/ශිල්පිනියන් මෙසේය…
Cast
- Will Arnett as Surly.
- Maya Rudolph as Precious.
- Bobby Cannavale as Frankie.
- Bobby Moynihan as Heather.
- Peter Stormare as Gunther.
- Gabriel Iglesias as Jimmy.
- Jeff Dunham as Mole.
- Sebastian Maniscalco as Johnny.
- Jackie Chan as Mr. Feng.
- Katherine Heigl as Andie.
චිත්‍රපට කතාව පිළිබඳ හැඳින්වීම.
The Nut Job පළවෙනි කතාංගය බලපු අය දන්නවා සර්ලියි, එයාගේ කට්ටියක් මාර දුකක් වින්ඳේ කෑම හොයාගන්න. ඒත් දෙවෙනි කතාංගයෙන් නම් එයාලට වාසනාව පෑදුණා වගේ ඇතිවෙන්න කෑම තියෙනවා. නමුත් මේ වාසනාව කියන පොඩ්ඩ වෙලාවකට තමා කට්ටියට භුක්ති විඳින්න වෙන්නේ. කට්ටිය අතරේ හිටපු එක මෝඩයෙක්ගේ නොසැලකිල්ල නිසා එයාලා හිටපු රටකජු කඩේ පුපුරලා යනවා. වාසනාවට වගේ කට්ටියම එළියට ඇවිල්ලා ඉද්දී තමා ඔය වැඩේ වෙන්නේ. දැන් ඉතින් මෙයාලට යන්න දිහාවකුත් නෑ, කන්න කෑමත් නෑ. මාර ප්‍රශ්නයකට තමා මෙයාලා මුහුණ පාලා තියෙන්නේ. කට්ටිය දැන් කල්පනා කර කර ඉන්නකොට ඇන්ඩි කියනවා. “අපි කලින් හිටිය උද්‍යානයට යමු” කියලා. එතකොට සර්ලි කණ්ඩායමේ නායකයා හැටියට මේකට කැමති වෙන්නේ නෑ. සර්ලි හරි පණ්ඩිතයා නිසා කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ. පස්සේ සර්ලියි, බඩීයයි යනවා කෑම හොයාගෙන. අනිත් කට්ටිය ඇන්ඩිත් එක්ක යනවා එයාලට ඉන්න පුළුවන් තැනක් හොයාගෙන. කොහොමහරි එයාලා එයාලගේ උද්‍යානය ගාවට යනකොට එයාලට දැනගන්න හම්බවෙනවා නගරාධිපතියා එතන විනාශ කරලා විනෝද උද්‍යානයක් හදන්න යනවා කියලා. ඉතින් මෙයාලගේ තැන බේරගන්න සටන් කරන කතාවක් තමා මෙහි අන්තර්ගත වෙන්නේ.
මුළ ඉඳන්ම හාස්‍ය සමඟින් කිසිම කම්මැලිකමක් නැතුව රසවිඳිය හැකි සුපිරිම සිනමා සිත්තමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම මෙම හාස්‍ය වැඩිකර ඔයාලට ලබාදීම සඳහා මම මේ උපසිරැසිය ඉතා නිර්මාණත්මක ලෙස නිර්මාණය කළා. ඉතින් එම නිර්මාණත්මක බව උපසිරැසියට කිසිඳු ආකාරයේ අසාධාරණයක් කර නැති බවත් සඳහන් කරන්න ඕනේ. උපසිරැසි කණ්ඩායමේ අපි සියළු දෙනාගෙම එකම වෑයම උසස් තත්ත්වයේ උපසිරැසි ඔයාලට ලබා දීමයි. එහි එක පියවරක් ලෙස මම මේ ගත්ත වෑයම සාධාරණද නැද්ද යන්න තීරණය ඔබේ අතේ තමා තියෙන්නේ. ඉතින් චිත්‍රපට උපසිරැසිය පිළිබඳ ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.
එහෙමනම් දැනට මං නවතිනවා. තවත් දවසක උපසිරැසියක් සමඟින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ.
බලන්නම ඕනේ ෆිල්ම් එකක් තමා සහෝ මේ පාර ගෙනල්ලා තියෙන්නේ…සබට තුති සහෝ…ඔබට ජය…????
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.
උපසිරැසියට තුති සහෝ??
ඔබට ජය???
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.
උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.
වෙච්ච පරක්කුවට සමා වෙන්න සහෝ …සුපිරිම ෆිල්ම් එකකට නේ සබ් කරලා තියෙන්නේ ..එල කිරි තමා !!!!!!!
අයියෝ ඒකට කමක් නෑ. මං තමා හරිනම් සමාව ගන්න ඕනේ.
මොකද සැරෙන් සැරේට වගේ මේ ෆිලුමේ සබ් එක දාන්න කියලා කරදර කළානේ.
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
තෑන්ක්ස් මදූෂ සහෝ කමෙන්ට් එකට.
Thanks Broo …
තෑන්ක්ස් සමිත් සහෝ.
Thanx saho. Puluwannam son of bigfoot animation ekata sub denna
මාත් දෙන්න තමයි හිතන් ඉන්නේ.
තැන්කිවු වේවා
තෑන්ක්ස් සහෝ.
Thanks saho.