පසුගිය කොටසේ අවසානයේදී සන්ග්-ජූන් සහ හ්යේ-ජින් රාජකාරි ගමනක් පිටත් වුණානේ. මේ කොටස සම්පූර්ණයෙන්ම වගේ ගෙවෙන්නේ ඒ ගමන වටායි.ගමන අතරතුර දෙන්නා කෑම කන්න හෝටලයකට යනවා. කාලා ඉවර වෙලා සල්ලි ගෙවන්න යද්දී තමයි දෙන්නම දන්නේ දෙන්නා ගාවම සල්ලි නැහැ කියලා (සන්ග්-ජූන්ගේ පර්ස් එක අමතක වෙලා, හ්යේ-ජින් පර්ස් එක කාර් එකේ දාලා). අන්තිමට ඒ කෑම වේල වෙනුවෙන් දෙන්නටම සිද්ධ වෙනවා ඒ හෝටලේ ගොවිපළේ වැඩ කරන්න. මේ සිදුවීම හරියට “ගොවිපළේ වැඩ කරන සන්ග්-ජූන්” වගේ හරිම විහිලු සහගත අවස්ථාවක්.ගොවිපළේ වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවේ දෙන්නා මුහුදු වෙරළේ ටිකක් වෙලාව ගත කරනවා. එතනදී සන්ග්-ජූන් තමන්ගේ පෞද්ගලික විස්තර සහ තමන්ගේ අම්මා ගැන හ්යේ-ජින් එක්ක කතා කරනවා. ඔහු සාමාන්‍යයෙන් හරිම සැර, නීතිගරුක බොස් කෙනෙක් වුණාට, හ්යේ-ජින් ඉස්සරහා ඔහු ගොඩක් නිදහස් පුද්ගලයෙක් වෙනවා. සන්ග්-ජූන් තේරුම් ගන්නවා තමන්ට මේ කෙල්ල එක්ක ඉන්නකොට දැනෙන සතුට වෙන කාගෙවත් ගාව දැනෙන්නේ නැහැ කියලා.
Hwang Jung-eum
Kim Hye-jin
Park Seo-jun
Ji Sung-joon
Choi Si-won
Kim Shin-hyuk
Go Joon-hee
Min Ha-ri
Shin Dong-mi
Cha Joo-young
Ahn Se-ha
Kim Poong-ho
Kang Soo Jin
Joo A-reum
Shin Hae-sun
Han Sul
Park Yu-hwan
Kim Joon-woo
Cha Jung-won
Jung Sun-min
Bae Min-jung
Lee Kyung
Im Se-joo
Eun-young
Hwang Seok-jeong
Kim Ra-ra
Yang Han-yeol
Ji Sung-joon (Young)
Jung Da-bin
Kim Hye-jin (Young)
Park Choong-seon
Kim Jung-sup
Lee Il-hwa
Han Jung-hye
Kim Ha-kyoon
Bu Joong-man
Cho Chang-geun
Kwang-hee
Min Ha-ram
Lee Seul-bi
Jung Heon
Se-hoon
එයා ලස්සනයි