Knightfall (2017) [S01 : E09] Sinhala Subtitle
කොහොමද කට්ටියට ඉතින්……….!!!!!!!!!!
ඔන්න එහෙනම් Knightfall කතාමාලාවෙ 9 වෙනි එපියටත් සබ් එක උණු උණුවෙම අරගෙන ගොඩවුණා…..
හැකි උපරිම ඉක්මණින් මේ උපසිරස ලබාදෙන බවත් මතක් කරමින්, හැමදෙනාටම ආරාධනා කරනව මේ උපසිරසත් එක්ක කතාව රසවිඳින්න කියල.
ජෝන් රැජිණ නිරුපද්‍රිතව ප්‍රංශයට එනව.ඇයට ඒත් වෙනදට වඩා අමුත්තක් දැනෙනව.කොහොම උනත් රැජිණට ලැබෙන්න ඉන්නෙ තමන්ගෙ ළමයෙක් නෙවේ කියලා රජු දැනටමත් දැනගෙන ඉවරයි.
රජු මේක දැනගෙනත්, නොදන්නව වගේ ඉඳගෙන ජෝන් රැජිණගෙ සැකහිතෙන ඉරියව් නිරීක්ෂණය කරනව.මේ අතරෙ රැජිණගෙ පණිවිඩය ලැන්ඩ්රි වෙත අරගෙන ගියපු සොෆී කියන මෙහෙකාරිය සෙබළු විසින් පහර දීල අල්ලන් එනව.මේව හැමදේම රජු දැනගත්තෙ කොහොමද කියල ජෝන් රැජිණට පුදුමයි.අන්තිමේදි රජුම කියනව තමන්ට ඒව කිව්වෙ තමන්ගෙ දුව වන ඉසබෙලා කියල.ඉසබෙලා මේ හැමදේම දන්නෙ කොහොමද??????????????
කොහොම හරි රැජිණවයි ඇයගෙ මෙහෙකාරියවයි හිරබාරයට පත්වෙනව.
ඒ වගේම ලැන්ඩ්රි පාප්තුමාට විරුද්ධව සටන් කරන්න සේනාව රැස් කරනව.නමුත් හැම ටෙම්ප්ලර්වරයෙක්ම පාප්තුමා කියන දේ තමයි අහන්නෙ.ලැන්ඩ්රි කරපු වැරදි වලට නඩු විභාගයක් තියෙන අතරතුරේ ටැන්ක්රිඩ් “බඳුන” හොයාගන්න තනිවම සටන දියත් කරනව.
මේ අස්සෙ ඩි නොගරේ යටතෙ වැඩ කරන සටන්කාරියක් ඇවිල්ල ආයෙමත් බඳුන පැහැරගෙන යනව……
ඔන්න ඔහොම තමයි අද කොටස අවසන් වෙන්නෙ
කතාව රසවිඳින්න කියල නැවතත් හැමෝටම ආරාධනා කරන ගමන් තවත් උපසිරසක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
හැමදෙනාටම ජය………!!!!!!!!!! සතුට………!!!!!!!!!!
Thanks machan sub ekata