Legacies (2018) [S01 : E01] Sinhala Subtitle
“2009 වසරේදී The Vampire Diaries කතා මාලාව ආරම්භ වී කතා සමයන් අටක් දක්වා දිව ගියා. 2013 වසරේදී The Vampire Diaries කතා මාලාවේ Spin-off එකක් විදිහට තිරයට එනවා The Originals කතා මාලාව. 2018 වසරේදී හැමෝටම සුබ ගමන් කියමින් The Originals කතා මාලාව අවසන් වෙනවා. ඒ වගේම 2018 වසරේදී The Originals කතා මාලාවේ Spin-off එකක් විදිහට Legacies කතා මාලාව මේ විදිහට තිරයට පැමිණියා…”
ඔන්න ඉතින් මේ අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු The Originals සීරිස් එකේ Spin-off එකක් විදිහට එලියට ආපු Legacies සීරිස් එක. ආය ඉතින් වැම්පයර් රසිකයන්ට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Oct 25, 2018 දින තමා මේ කතා මාලාවේ පලවෙනි කොටස විකාශය උනේ. ඒ වගේම Legacies කතා මාලාව දැනට ලබාගෙන තියෙන IMDB අගය 7.5ක් වෙනවා. ගූගල් යූසර්ලගෙන් 98%ක කැමැත්තක් ලබාගෙනත් තියෙනවා. ඒ වගේම විකාශය වෙන්නේ ගොඩක් අය කැමති වගේම ගොඩක් අය අකමැති නාලිකාවක් වෙන CW නාලිකාවේ. ඉතින් මේ ඔයාලා අතරට ආපු නව Legacies කතා මාලාව අයත් වෙන්නේ Adventure, Drama, Fantasy කියන කැටගරි වලට. ඒ වගේම නිර්මාතෘ තමයි ඔයාලා හැමෝම දන්නා Julie Plec මහත්මිය. ඉතින් මේ කතා මාලාවේදී ඔයාලා නොදන්න ගොඩක් අය රංගනයෙන් දායක වෙනවා. රංගනයෙන් දායක වෙන අය මං පහතින් සදහන් කරන්නම්.
- Danielle Rose Russell – Hope Mikaelson
- Aria Shahghasemi – Landon Kirby
- Kaylee Bryant – Josie Saltzman
- Jenny Boyd – Lizzie Saltzman
- Quincy Fouse – Milton ‘M. G.’ Gladstone
- Peyton ‘Alex’ Smith – Rafael Waithe
- Matthew Davis – Alaric Saltzman
- Archie Foltynowicz – Jacques Parker
තවත් අය හිටියත් ඔය පිරිස තම වැඩිපුරම කතා මාලාව තුළදී ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයලට මතක ඇතිනේ The Vampire Diaries කතා මාලාවේ අවසානයේදී එයාලා සැල්වටෝර් නිවාස පාසලක් කරනවා කියලා. අස්වාභාවික ළමයින්ට එයාලගේ හැකියාවන් පාලනය කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ පාසැල හා ඔයාලා දන්න ක්ලවුස් මයිකල්සන්ගේ හා හෙයිලි මාෂල්ගේ දුව වන හොප් මයිකල්සන් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. ඔයාලට මතක ඇතිනේ The Originals කතා මාලාවේ අවසන් සමයේ උන දේවල්. හැලෝව්ගේ බලය නිසා හෝප්ගෙන් ක්ලවුස් ඈත් වෙලා හිටියේ. ක්ලවුස්ව තමන් ලගට ගෙන්නගන්න ඕන නිසා හොප් හෙයිලිව අතුරුදහන් කරනවා. අන්තිමේට හෝප්ව බේරගන්න හෙයිලිට මැරෙන්න වෙනවා. හැලෝව්ගේ බලය ඔරිජිනල් පවුලේ අය තුලට යවලා. ඒ නිසා මේ පවුලට එක්වෙන්න බෑ. ඒ නිසා හෝප් හැලෝව්ගේ බලය එයා තුලට ගත්තා. ඒත් එයාට ඒ බලය පාලනය කරගන්න බෑ. හෝප් මැරෙමින් හිටියේ. ඉතින් ක්ලවුස් ඒකට විසදුමක් විදිහට හැලෝව්ගේ බලය එයා තුලට ගත්තා. ඊට පස්සේ ඒ බලය විනාශ කරන්න නම් ක්ලවුස්ට මැරෙන්න වෙනවා. ඒ නිසා ක්ලවුස් වගේම එලයිජා එකට මැරෙනවා. ඕක තමා The Originals කතා මාලාවේ සිදු උනේ. ඊට පස්සේ හෝප් ආපහු යනවා ස්කෝලෙට. එතනින් එහාට සිද්ද වෙන දේවල් තමා Legacies කතා මාලාවේ තියෙන්නේ. ඉතින් මං ඒ නිසාම මේ කොටස ගැන කිසි දෙයක් කියන්නේ නෑ. ඔයාලම බලන්න.
අද කොටස නම් කරලා තියෙන්නේ This Is the Part Where You Run ලෙස. විකාශය වෙලා තියෙන්නේ October 25, 2018 දින. මේ කොටස ලබාගෙන තියෙන IMDB අගය 8.0ක් වෙනවා. එහෙනම් කතා මාලාව ගැන ඔයාලම බලලා තීරණය කරන්න.
ඒ වගේම මම The Vampire Diaries හා The Originals කතා මාලා දෙක බැලුවේ නැති අයට මේක බලන්න එපා කියන්නේ නෑ. හැබැයි ඒ සීරිස් දෙක නොබලා මේක බැලුවොත් මේ කතා මාලාවේ ගොඩක් දේවල් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. විෂශයෙන්ම වචන. ඉතින් මේක බලන හෝ නොබලන එක ඔයාලගේ වැඩක්. ඒ වගේම මේ කොටසට උපසිරැසි ගේන්න පොඩ්ඩක් පරක්කු උනා. ඊලග කොටස නම් ඉක්මනට ගෙන්න මං පොරොන්දු වෙනවා. එහෙනම් මං ගියා. අපි ඊලග කොටසෙන් හම්බෙමු. එතෙක් ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ
Me tv Show eka digatama genawa neda
Thankx macho sub ekata
Thankx macho sub ekata👌
2nd Episode eka Parakku ai Bn…..??? Translating Nawaththalada Thyenne….?? Ikmamta dennakoooo… plzzzz
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Bro 3n weni epi ekath awa. 2 weni ekata thama na neh. Suba dena eka nathara kalada?
sub ekata tnz bn…hoya hoya hitiye mekata sub eka. digatama diyan. api innawa balan… elamah
Thankx machan sub 1ta
ME sub gaththata Extract karanna denna
sub ekt thanks saho
මෙ subtitle එක extract කරන්න දෙන්නේ නෑ error එකක් වැටෙනවා මේක මන් කොහොමද fix කරගන්නේ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
උපසිරසියට ස්තුතියි