Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Comedy
  • Mood of the Day (2016)…

Mood of the Day (2016) Sinhala Subtitle

August 06, 2020 Expert Subtitler

Mood of the Day .
(ඒ දවසේ මුඩ් එක.)

2016

කොහොමද ඉතින් ඔන්න මගේ 100 වෙනි උපසිරසත් මං අරන් ආවා. ටිකක් පරක්කු වුනා. සබ් එක ගෙන්න. ඒ ගැන නම් සමාවෙන්න ඕන.
මුලින්ම කියන්නම්. ඉල්ජිමේ එකේ ඉතුරු ටික දෙනවා හොදද. 100 වෙනි සබ් එකට ෆිල්ම් එකක් දාන එක subz.lk එකේ සිරිතක්. ඒ නිසා මට ඒක දාන්නම වුනා. ඒ නිසා හිත අමනාප කම් ඇති කරගන්න එපා කියලා ඉල්ලනවා.
මං සයිට් එකට එකතු වුනු විදියනම් මගේ 50 වෙනි සබ් එකේදී මං කියුවා. මං අහම්බෙන් එකතු වුනා කියලා. ඒ ආපු අහබු ගමන මෙච්චර දුර මාව අරන් ආවා. ඒ ගමන සුන්දරයි කියන්න බැහැ මොකද ගොඩක් ගොඩක් හිත රිදෙන දේවලුත් සිදු වුනා. ගොඩක් කල කිරීමටත් පත් වෙන දේවලුත් වුනා. තාමත් එහෙමයි . කොහොම වුනත් තවමත් මං නවත්තන්නේ නැතුව සබ් දෙන හේතු තුනයි.
* එකක් මං දෙන sub බලන එක්කෙනෙක් හරි ඉන්නවා කියන එක.
*අනිත් එක මොන දේ වුනත් හැම කරදරයකදිම සතුටකදිම ඉන්න subz.lk හි අපේ පවුල නිසා.
* අනිත් එක.. කොරියන් fansලා වෙනුවෙන් සබ් දාන්න පටන් ගත්ත මගේ ඒ feeling එක.
ඔය තුන නිසා මං තවම එල්ලිලා ඉන්නවා… තවමත් ..
මං මේකේ මොනවා කියනවද කියලා පැය ගනන් කල්පනා කළා.
පස්සේ මේ ෆිල්ම් එකේ එක දෙයක් තිබ්බා මං සබ් දාන කොට මං දැක්ක.

” ( ඔයාට තීරණය ක් ගැනීමට නොහැකි මොහොතක . මුලින්ම සිතුව සිතුවිල්ල සිදු කරන්න. – කිම් ජේ හ්යෝන්ග් ) “

ව්හ්හ් මං අහම්බෙන් තෝරාගත්ත ෆිල්ම් එක අන්තිමට මට ලොකු ධෛරයක් ගෙනාවා…
සමහරු බලනවා ඇති මං මොනවා කියනවද කියලා. .
සබ් එකක් දාන අපියි සබ් ගැන දන්නා අයයි විතරයි. උපසිරසක් දාන එක කොච්චර මහන්සි වෙන අමාරු වැඩක් ද දන්නේ කොච්චර කාලයක් කැප කරනවද කියලා දන්නේ.
දන්නේ නැති අය ගොඩක් ඉන්න නිසා. වැරදි වැටහීම් වල ඉන්න නිසා. මන් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.
අනිත් අය සබ් දාන විදිය නම් මං හරියට දන්නේ නැහැ . මට සබ් දාන්න යන වෙලාව හරියටම කොරියන් drama එකක එක කොටසක පැයක් විතර තියෙනවා මට එක හරියටම දාන්න පැය 24 ක් යනවා. ඒ වෙලාව යන්නේ කන්නේ බොන්නේ වත් නැතුව එක දිගට වාඩි ගෙන සබ් දාන කොට.
මමත් මනුස්සයෙක් නේ .ඒ නිසා කෑම බිමත් ගන්න එපැයි ඒ නිසා තමයි උපරිම දවස3 ක් විතර යන්නේ. එකත් වෙනස් වෙනවා කතාව අනුව.
ඒකට හේතු දෙකක් තියෙනවා. එක්ක සමහර විශේෂ දේවල් වලදී ඔයාලට හරිම දේ දෙන්න ත් ඒ කතාවේ ජීවිතේට යමක් එකතු කර ගන්න ඉඩ දෙන්න ඕන නිසා සමහර වෙලාවලට මුළු වෙබ් එකම පීරලායි හරි තොරතුරු අරන් සබ් එක හදන්නේ. මගේ සබ් බලපු අය දැකලා ඇති මං වරහන් ඇතුලේ හරි නැත්නම් තරුවක් දාලා සමහර දේවල් වල තේරුම් දාලා තියෙනවා. එහෙම කරන්න හේතුව කොරියන් භාෂාව ඉගෙන ගන්න අය ඉන්නවනම් ඒ අයට උදව්වක් වෙන්නත්. කොරියාවේ සිටින අපේ ජනතාවට එහෙ ජිවිතයට උදව්වක් වෙන්නත්. බලන අයට ජිවිතයට පොඩි දැනුමක් එකතු කරගන්න කියලා.
අනිත් එක මට සබ් හදන්න වෙලා යන මං සබ් හදන්නේ english sub එකට නෙමේ නිසා මං timeline එක මංම හදන්නේ (ඒක සබ් එක edit කරන්න හදපු අය දකින්න ඇති) සබ් එකත් එයාලගේ දෙබස් වලටයි දාන්නේ එහෙම හදනකොට වෙලා යනවා ගොඩක් ඇත්තටම ගොඩක් ..
මං කතාවක් දානකොට පරක්කු වෙන හේතුව.. මගේ වැඩ නිසා නෙමේ. සබ් එක දෙපාරක් චෙක් කරනවා ඒක නිසා තව දැන් idx කරන නිසා colors හදන්න ඕන වෙන නිසා තුනපාරක් chek වෙනවා. තව දෙයක් වෙනවා සමහර වෙලාවට අපි හදන සබ් එක vedio qulity එක නිසා ගැලපෙන්නේ නැති වුනාම ආයෙත් සබ් එක හදන්න වෙනවා. මේ ෆිල්ම් එකටත් මට එහෙම වුනා.
ඔය වගේ ගොඩක් දේවල් කරලා අන්තිමට අපි නිර්මාණය ගේන්නේ. නොදන්නා අය ගොඩක් ඉන්න නිසා මං මෙච්චර කියුවේ.
තේරුනාද නැද්ද කියලා නම් දන්නේ නැහැ.
ඉතින් මං මේ මගේ සියවෙනි උපසිරසේදී මට මෙච්චර දුර එන්න පුළුවන් වුනු ඒ රසිකයන් ටත් අපේ subz.lk පවුලේ සමාජිකයන් වත් මතක් කරන්න ඕන.
රසිකයන් ගැන කියුවොත් නම් කළකිරුනට හිතේ තරහක් නැහැ. කතාව බලන ටික දෙනෙක් හරි ඉන්න නිසා. කොහොම නමුත් මෙච්චර දුර මට එන්න මට ශක්තියක් වුනු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
subz.lk එකේ අපේ පවුල.. අපේ පවුලේ admin දමිත් මං ගොඩක් ම කෘතඥ වෙන්න ඕන. ඔහු තමයි මගේ ගොඩක් ප්‍රශ්න වලට උදව් කරලා අපිට මෙච්චර දුර එන්න පුළුවන් වුනේ. (admin sorry හොදේ හැමනිතරම කරදර කරන එකට වැඩ ගොඩක් අස්සේ අපේ ප්‍රශ්න දිහාත් බලනවට ස්තුතියි එවගේම සයිට් එක මේ වගේ ලස්සන කරනට හදලා අලුත් දේවල් එකතු කරනවට .)
ඒ වගේම අපේ කාර්යමණ්ඩලයේ අයටත් ගොඩක් ස්තුතියි. සයිට් එක මේ තත්වයට ගෙනාවට..
හංසනී නංගි, රවීන් සහෝදරයාටත් ,සහන් මල්ලි මේ වගේ හැමෝටමත් ගොඩක් ස්තුතියි.(ඉක්මනට 100 වෙනි එකට එන්න කියලා සුභ පතනවා!)
ඉන්න රසිකයන් ගෙන් ඉල්ලනවා මෙයාලා ගේ අනිත් උපසිරසි කරුවන්ගේ ත් කතා බලන්න කියලා දක්ෂ වගේම හොද කතාවලට සබ් දෙන පිරිසක් මොවුන්.
ඉතින් මං දාපු අනිත් dramas,films බලන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් දැන් කතාවට යමු.

” එදා මං කියන්නේ “

” එදා ඇත්තටම හරිම අමුතු දවසක් වුනා. “

” උදේ පාන්දරම බෝලයක් ඇවිත් “

” ඔලුවේ හොදට වැදිලා. “

” මං ජීවිතේට වත් ඇදලා නැති රෝස පාට ඇදුමක් ඇදලා. “

” යුන්ජුන් උදේ පාන්දරම ප්‍රථම ආදරය එක්ක විවහා වෙනවා කියුවා. “

” කෝච්චියේදී එක කොල්ලෙක් එකට නිදා ගමු කියලා අහලා. “

” එහෙම වෙලා හිතා ගන්න බැරි වෙන්න ඇත්තටම එහෙම වුනා. “

” ඇත්තටම අමුතු දවසක් වුනා. “

” ඇත්තටම අනිවාර්යෙන් “

” එහෙ ම වෙන්න ඕන කියනවා වගේ. “

බේ සු ජන්ග් කියන්නේ වෙළඳ දැන්වීම් ඒජන්සියක වැඩ කරන ගෑණු ළමයෙක් ඇය.. එක දවසක් සිදුවුණු අමුතු දේවල් ටිකක් ඒ කියුවේ.. ජීවතේ එක දවසක් හරි කෙනෙක්ට අමුතු දේවල් වෙනවා කියනවනේ. මෙයාටත් එහෙම වුනා. ඒ දවසින් ගොඩක් දේවල් වෙනස් වුනා. ..ඒ හැමදේම පටන් ගන්නේ උදේ පාන්දර ඔලුවට වදින බෝලයෙන් ද නැත්නම් කොච්චියෙන්ද කතාව බලලා තීරණය කරන්නකෝ.
මේ කතාවට මං සබ් දෙනවද නැද්ද කියලා දෙපාරක් හිතුවා. කාතාව ටිකක් ..ම්ම්..
මං romance කතා බලන අය වෙනුවනුයි මේ කතාව ගෙනාවේ.
කතාවේ බාස්කට් බෝල් සම්බන්දයෙන් තියෙන දේවල් සමහර දේවල් හරිද දන්නෙ නැහැ. මං බාස්කට් බෝල් ගැන දන්නේ නැති නිසා. හොයලයි ඒ වචන නම් දැම්මේ.
කොහොම වුනත් මේ කතාව වයස අවුරුදු 17 /18 ට වැඩි අය බලන්න කියලා මගේ recommend එක ..
ආදරය ..
ආදරය පිළිබද කතා ගොඩක් හැමෝම බලලා ඇති නේ. ගෑණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි එක එක කතාවල එක එක විදියට හමුවෙනවා. ඒ වගේම එක එක චරිත. ඉතින් මේ කතාවේ සෙල්ලක්කාර කොල්ලෙකුයි අහිංසක ගෑණු ලමයෙකුයි කෝච්චියේදී හමුවෙන හමු වීමක් තියෙන්නේ. මෙහෙම කියන කොට හැමෝම හිතයි ඒක සාමාන්‍ය සිද්දියක් කියලා. මේ කතාව නම් සම්පුර්ණයෙන් වෙනස්.. ඒක කතාව බලලා තීරණය කරන්න.
හිනා වෙන්න පුළුවන් හරිම සුන්දර කොමඩි ටිකකුත් ලස්සන සිදු වීම් ටිකකකුත් තියෙනවා .
මේ කතාවේ සමහර සිදුවීම් මං පුද්ගලිකව එකග නැති වුනත් ලස්සන සිදුවීම් තියෙනවා.
කෙනෙක් තව කෙනෙක් ගේ වැදගත් නැති පොඩි පොඩි දේවල් වල් විශේෂ කරලා දකිනවනම්. ඒ දේවල් වලට කැමති වෙනවනම්.. එතන අවංක ආදරයක් ඇති වෙලාද ? ඔයාල මොකද හිතන්නේ ඒ ගැන.. (පුලුවන්නම් ඒ ගැන comment එකකුත් දාගෙනම යන්න.)
සාමාන්යෙන් මං කතාවල සින්දු වලට සබ් දානවා. මේකට දැම්මේ නැත්තේ ඉක්මනට සබ් දෙන්න ඕන නිසා මං එක මග හැරියා.
english සින්දු දෙකක් තියෙන්නේ ඒ වල නම් ඕන නම් පහලින් comment එකක් දාගෙන යන්න.
අධ්‍යක්ෂණය – ජෝ ක්යු ජන්ග්
නිෂ්පාදනය – චෝයි ජින්
කතාව ලියුවේ – මින් සෝ යොන්ග්
ජෝ ක්යු ජන්ග්
කතාවේ ප්‍රධාන නිළිය – මුන් චේ වොන්
කතාවේ ප්‍රධාන නළුවා – යු යොන් සොක්
බෙදා හරින ලද්දේ – ෂෝ බොක්ස් විසින් (Showbox)
නිකුත් කරපු දවස – 2016 /01/14
කතාව දුවන කාලය – 103 මිනිත්තු
රට – දකුණු කොරියාව
ඉතින් මේ ඇති කියලා හිතනවා.
කතාව නරබන්න එන්න කියලා ඉල්ලනවා.
(කාරුණිකව ඉල්ලා සිටිනවා.හිත රිදුනත් මහන්සි වෙලා හදන මේ සබ් එක අනවසරයෙන් edit කරලා නම් ගම් අයින් කරලා සමාජ ජාලා / වෙනත් තැන් වල ප්‍රදර්ශනය ද වෙළදාම කිරීමෙන් ද වලකින්න කියලා ඉල්ලනවා.)

ඉතින් හැමෝටම බුදුසරණයි වගේම .ඔබට ස්තුතියි..

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4398 වාරයක්
Download Links
720P
688.3 MB DIR
Available Torrents
720p web 951.11 MB
GET
1080p web 1.91 GB
GET
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (54)
Newer →
  • Jayasanka Unregistered
    Android 10 UC Browser 12.12
    2020-08-06

    සුබ පතනවා සිය වෙනි සබට . මම හොද කොරියන් පෑන් කෙනෙක් වශයෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපි වෙනුවෙන් කරන කැපකිරීමට. බුදුසරණයි!

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-06

      බොහොම ස්තුතියි!:heart_eyes:

  • daannakoChami Unregistered
    Android 4.4 Chrome 80
    2020-08-06

    Iljimae next epiya ikmanata daannako

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-06

      හෙට රැට හරි අනිද්දා හරි වෙනකොට ඊලග කොටස අප්ලෝඩ් කරන්න try කරන්නම්.

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 84
    2020-08-06

    නියමයි සිස්. එහෙනම් මුලින්ම 100ට සුභ පතනවා. subz.lk එකේ දෙවෙනි ශතකයට. ඒකත් ලේසි පහසු වැඩකුත් නෙමේ. මොකද ටයිම්ලයින් ගහගෙන වැඩක් කරනවා කියන්නේ ආයේ කියලම වැඩක් නෑ. ඒකත් කොරියන් වගේ භාෂාවකට කරනවා කියන්නේ ඒ කැපකිරීම ගැන කියල වැඩක් නෑ. අපි, ගොඩක්ම කරන්නේ උපසිරැසි නිර්මාණයකට වඩා භාෂා පරිවර්තනයක්. ඒත් සිස් ඔයා පරිසමාප්ත අර්ථයෙන්ම උපසිරැසිකාරිනයක්..
    කොහොමහරි දිගින් දිගටම තව තවත් උපසිරැසි ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!:tada::tada::tada::tada:

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-06

      බොහොම ස්තුතියි! ඔයත් ඉක්මනට 100 වෙනි එකට එන්න!!:heart_eyes::yum:

  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69
    2020-08-06

    100වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.
    මං මුළු ලිපියම කියෙව්වා. ඇත්තටම උපසිරැසි කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි.
    අනික ටයිම් ලයින්ස් හදාගෙන කරන එක. හැම උපසිරැසිකරුවෙක්ම උපසිරැසියක් වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් ඒ මහන්සිය කොයිම වෙලාවකවත් අපතේ යන්නේ නෑ. අනික ඔයා කරන කොරියන් භාෂාවේ නිර්මාණවල උපසිරැසි ගැන කිව්වොත්, ඒක ඇත්තටම වටින දෙයක්. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ නිර්මාණයකට උපසිරැසි කරනවා වගේ නෙමෙයි. මම නම් සාමාන්‍යයෙන් කොරියන් ෆිල්ම්ස්, ටීවී සීරියස් බලනවා අඩුයි. [ඒකට නම් අමනාප වෙන්න එපා] කොහොම වුණත් මේ වගේම ඉදිරි කඩයිම් පහු කරන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:balloon::balloon::tada::tada: බුදු සරණයි!!!

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-06

      බොහොම ස්තුතියි! ලිපිය කියෙව්වටත් comment එකටත්.:heart_eyes:

  • Batmann User
    Android 9 UC Browser 13.2
    2020-08-06

    Congratulations sis##*

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      :heart_eyes: බොහොම ස්තුතියි.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 84
    2020-08-06

    සයිට් එකේ දෙවෙනි ශතකයට සුබ පතනවා, ඒ වගේ ගැහැණු ළමයෙක් අපේ සයිට් එකේ 100 පාස් කරන පලවෙනි වතාව තමයි. මම කොරියන් කතා බලන්නම පටන් ගත්තේ අක්කාගේ memories of the alhambra කතා මාලාව නිසා. ඒක නිසාම මම දැන් කොරියන් බලන මනුස්සයෙක්, අක්කාගේ ඒ පලවෙනි එපියේ ඉඳන් අද වෙනකොට මම කතා 80 කට වඩා ෆිල්ම් 35 කට වඩා බලලා ඇති. අනේ මන්දා ඉතින් තාමත් මගේ ආසම කතාවක්, ඒ වගේම ස්තුතියි කියන්න ඕනේ අපිත් එක්ක එකතු වෙලා මේ සබ් හදනවට. සබ් එකක් පරක්කු වෙලා කෑ ගහන අයව උස්සලා ගිහින් දාන අයව ගණන් ගන්න එපා, මට නම් අදාලම නැහැ. අපි කරන්නේ හොඳ වැඩක්. මිනිහෙක්ට සතුටක් රස වින්දනයක් ලබා දෙන්න අපි සෑහෙන්න උත්සහ කරනවා. ඉතින් අක්කේ ඔයාට මම ප්‍රේක්ෂකක් වශයෙන් ස්තුති කරන ගමන් උපසිරසි කරුවෙක් විදිහට ඔයාට දිගටම ඉදිරියට යන්න කියලා සුබ පතනවා. පෞද්ගලිකව මම කැමතියි අක්කට පුළුවන් නම් what is wrong with secretary kim වගේ කතාවකට උපසිරසි දෙන්න පුළුවන් නම්. ඉතින් නැවත සුබ පතනවා ඔයාට ඒ වගේම ඉදිරි වැඩ කටයතු සිලල්ල්ම සාර්ථක වෙන්න කියාලා මම පතනවා.

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      බොහොම ස්තුතියි අහන්න සතුටුයි . කොරියන් කතා බලන්න ගත්ත එක ගැන .. මල්ලි කියුව කතාව ට මං සබ් දෙන්න හිතන් හිටියේ බලමු ඒක හොදේ.:heart_eyes:

  • Hansani Rupasingha Moderator
    Android 9 Chrome 83
    2020-08-06

    අක්කට මුලින්ම 100 වෙනි උපසිරස කරනයට සුභ පතනව!! මටත් මුලින්ම උපසිරස දාන්න ආස හිතුනෙ අක්ක සබ් දාපු කතා බලල.. ඒ වගේම මාත් අලුතෙන් සබ් දාන්න ආවහම අක්ක දුන්න උපඩෙස් වලට ගොඩක් ස්තුතියි. අක්ක කියන විදිහටම සබ් දාන්න පරක්කුවෙන හෙතුව අපි තමයි දන්නෙ ඉතින්.. යූ ටියුබ් එකෙ සබ් පේලි 14 ක් විතර දාන්නත් මට ගොඩක් වෙලා යනව. එතකොට ඉතින් මුලු කතාවටම timeline දානකොට හිතා ගන්න පුලුවන්. අක්කට 200 වෙනි කඩයිමටත් ඉක්මනට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා!! රසිකයන්ගෙ හිත සතුටු කරන පිනෙන් අක්කගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්තනා කරනව!!

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      බොහොම ස්තුතියි නංගි. ඔයාගේ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න පතනවා.:heart_eyes:

  • Esala Pramuditha User
    Android 8.1 Chrome 81
    2020-08-07

    congrats akke 100t:tada::heart:,dila thiyn link eken download krddi key ekk illnwne:anguished:

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      comment එකට බොහෝම ස්තුතියි.:heart_eyes:
      අහ්හ් පොඩ්ඩක් ඉන්න මං ඒක චෙක් කරන්නම්.

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      දැනට මේ key එක use කරන්න. ඒක හදන්න විදියක් නැහැ . මං මුලින්ම vedio එක මේකේ දාන්න නෙමේ හිටියේ මගේ googleද්drive account එක full වෙලා. එකේ storage වැඩි කරන්න සල්ලි දීලා ගන්න ඕන . එනිසා මං මේකට දැම්මේ. දදැනට මේ key එක පාවිච්චි කරන්න .මං මොනවා හරි කරලා හදන්නම්.
      F9PIfjwKZA9wUKAqp42TdGU8BUGWifrEpgOglYWCV_c

    • Esala Pramuditha User
      Android 8.1 Chrome 81
      2020-08-08

      thq akke:innocent:

  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 74
    2020-08-07

    මම නම් සබ් හදන්නෙ ඉංග්‍රීසි සබ් එකෙන්. ඒ හදලත් එක ෆිල්ම් එකක සබ් ඉවරකරන්න දවස් පහක් හයක් යනවා නිවාඩු හිටියොත්. ජොබ් එක කරන අතරෙ නම් සති 2ක් වත් අඩුම යනවා. ටයිම්ලයිනුත් හදාගෙන ඔයා කරනවා කීවාම ඇඟ කිලිපොලා ගියා. සමහර සයිට් වල සබ් අපි දකිනවා ගූගල් ට්‍රාන්ස්ලේට් මොඩිෆයි කරපුවා. බොහොම ලේසියෙන් නිවැරදි කරන්න පුලුවන් ටයිපින් එරර්ස් එමට තියෙන ඒවා. ඒ කියන්නෙ එයාලා ඒ සබ් ෆයිල් එක අඩු තරමේ එක පාරක් වත් ආපසු චෙක් කරලා නෑ. එහෙම අය අතරේ ඔයා තුන් පාරක් චෙක් කරනවා. ඒ වගේ ගුණාත්මක උපසිරැසියක් රසිකයන්ට තිලිණ කරන්න ඒ කරන කැපවීමට මෙන්න මගේ සැලියුට් එක. ඊළඟ ශතකයත් ඉක්මනටම දාන්න හැකිවේවායි ඉත සිතින් පතමි. මුල් 100 ට උණුසුම් සුබ පැතුම්!

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      බොහොම ස්තුතියි ! :heart_eyes:

  • තුසිත Unregistered
    Android 8 Chrome 80
    2020-08-07

    100 උපසිරසි නිර්මාණයට සුබ පැතුම් සහෝදරි

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      බොහොම ස්තුතියි !:heart_eyes:

  • Nadeeka Unregistered
    Windows 8.1 Chrome 84
    2020-08-07

    100 උපසිරසි නිර්මාණයට සුබ පැතුම්

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-07

      :heart_eyes:බොහොම ස්තුතියි !

  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 84
    2020-08-07

    congratulations for 100th subtitle.:slight_smile:Best of luck

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-08

      බොහෝම ස්තුතියි ! :heart_eyes:

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved