Trending

Mood of the Day (2016) Sinhala Subtitle

Mood of the Day .
(ඒ දවසේ මුඩ් එක.)

2016

කොහොමද ඉතින් ඔන්න මගේ 100 වෙනි උපසිරසත් මං අරන් ආවා. ටිකක් පරක්කු වුනා. සබ් එක ගෙන්න. ඒ ගැන නම් සමාවෙන්න ඕන.
මුලින්ම කියන්නම්. ඉල්ජිමේ එකේ ඉතුරු ටික දෙනවා හොදද. 100 වෙනි සබ් එකට ෆිල්ම් එකක් දාන එක subz.lk එකේ සිරිතක්. ඒ නිසා මට ඒක දාන්නම වුනා. ඒ නිසා හිත අමනාප කම් ඇති කරගන්න එපා කියලා ඉල්ලනවා.
මං සයිට් එකට එකතු වුනු විදියනම් මගේ 50 වෙනි සබ් එකේදී මං කියුවා. මං අහම්බෙන් එකතු වුනා කියලා. ඒ ආපු අහබු ගමන මෙච්චර දුර මාව අරන් ආවා. ඒ ගමන සුන්දරයි කියන්න බැහැ මොකද ගොඩක් ගොඩක් හිත රිදෙන දේවලුත් සිදු වුනා. ගොඩක් කල කිරීමටත් පත් වෙන දේවලුත් වුනා. තාමත් එහෙමයි . කොහොම වුනත් තවමත් මං නවත්තන්නේ නැතුව සබ් දෙන හේතු තුනයි.
* එකක් මං දෙන sub බලන එක්කෙනෙක් හරි ඉන්නවා කියන එක.
*අනිත් එක මොන දේ වුනත් හැම කරදරයකදිම සතුටකදිම ඉන්න subz.lk හි අපේ පවුල නිසා.
* අනිත් එක.. කොරියන් fansලා වෙනුවෙන් සබ් දාන්න පටන් ගත්ත මගේ ඒ feeling එක.
ඔය තුන නිසා මං තවම එල්ලිලා ඉන්නවා… තවමත් ..
මං මේකේ මොනවා කියනවද කියලා පැය ගනන් කල්පනා කළා.
පස්සේ මේ ෆිල්ම් එකේ එක දෙයක් තිබ්බා මං සබ් දාන කොට මං දැක්ක.

” ( ඔයාට තීරණය ක් ගැනීමට නොහැකි මොහොතක . මුලින්ම සිතුව සිතුවිල්ල සිදු කරන්න. – කිම් ජේ හ්යෝන්ග් ) “

ව්හ්හ් මං අහම්බෙන් තෝරාගත්ත ෆිල්ම් එක අන්තිමට මට ලොකු ධෛරයක් ගෙනාවා…
සමහරු බලනවා ඇති මං මොනවා කියනවද කියලා. .
සබ් එකක් දාන අපියි සබ් ගැන දන්නා අයයි විතරයි. උපසිරසක් දාන එක කොච්චර මහන්සි වෙන අමාරු වැඩක් ද දන්නේ කොච්චර කාලයක් කැප කරනවද කියලා දන්නේ.
දන්නේ නැති අය ගොඩක් ඉන්න නිසා. වැරදි වැටහීම් වල ඉන්න නිසා. මන් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.
අනිත් අය සබ් දාන විදිය නම් මං හරියට දන්නේ නැහැ . මට සබ් දාන්න යන වෙලාව හරියටම කොරියන් drama එකක එක කොටසක පැයක් විතර තියෙනවා මට එක හරියටම දාන්න පැය 24 ක් යනවා. ඒ වෙලාව යන්නේ කන්නේ බොන්නේ වත් නැතුව එක දිගට වාඩි ගෙන සබ් දාන කොට.
මමත් මනුස්සයෙක් නේ .ඒ නිසා කෑම බිමත් ගන්න එපැයි ඒ නිසා තමයි උපරිම දවස3 ක් විතර යන්නේ. එකත් වෙනස් වෙනවා කතාව අනුව.
ඒකට හේතු දෙකක් තියෙනවා. එක්ක සමහර විශේෂ දේවල් වලදී ඔයාලට හරිම දේ දෙන්න ත් ඒ කතාවේ ජීවිතේට යමක් එකතු කර ගන්න ඉඩ දෙන්න ඕන නිසා සමහර වෙලාවලට මුළු වෙබ් එකම පීරලායි හරි තොරතුරු අරන් සබ් එක හදන්නේ. මගේ සබ් බලපු අය දැකලා ඇති මං වරහන් ඇතුලේ හරි නැත්නම් තරුවක් දාලා සමහර දේවල් වල තේරුම් දාලා තියෙනවා. එහෙම කරන්න හේතුව කොරියන් භාෂාව ඉගෙන ගන්න අය ඉන්නවනම් ඒ අයට උදව්වක් වෙන්නත්. කොරියාවේ සිටින අපේ ජනතාවට එහෙ ජිවිතයට උදව්වක් වෙන්නත්. බලන අයට ජිවිතයට පොඩි දැනුමක් එකතු කරගන්න කියලා.
අනිත් එක මට සබ් හදන්න වෙලා යන මං සබ් හදන්නේ english sub එකට නෙමේ නිසා මං timeline එක මංම හදන්නේ (ඒක සබ් එක edit කරන්න හදපු අය දකින්න ඇති) සබ් එකත් එයාලගේ දෙබස් වලටයි දාන්නේ එහෙම හදනකොට වෙලා යනවා ගොඩක් ඇත්තටම ගොඩක් ..
මං කතාවක් දානකොට පරක්කු වෙන හේතුව.. මගේ වැඩ නිසා නෙමේ. සබ් එක දෙපාරක් චෙක් කරනවා ඒක නිසා තව දැන් idx කරන නිසා colors හදන්න ඕන වෙන නිසා තුනපාරක් chek වෙනවා. තව දෙයක් වෙනවා සමහර වෙලාවට අපි හදන සබ් එක vedio qulity එක නිසා ගැලපෙන්නේ නැති වුනාම ආයෙත් සබ් එක හදන්න වෙනවා. මේ ෆිල්ම් එකටත් මට එහෙම වුනා.
ඔය වගේ ගොඩක් දේවල් කරලා අන්තිමට අපි නිර්මාණය ගේන්නේ. නොදන්නා අය ගොඩක් ඉන්න නිසා මං මෙච්චර කියුවේ.
තේරුනාද නැද්ද කියලා නම් දන්නේ නැහැ.
ඉතින් මං මේ මගේ සියවෙනි උපසිරසේදී මට මෙච්චර දුර එන්න පුළුවන් වුනු ඒ රසිකයන් ටත් අපේ subz.lk පවුලේ සමාජිකයන් වත් මතක් කරන්න ඕන.
රසිකයන් ගැන කියුවොත් නම් කළකිරුනට හිතේ තරහක් නැහැ. කතාව බලන ටික දෙනෙක් හරි ඉන්න නිසා. කොහොම නමුත් මෙච්චර දුර මට එන්න මට ශක්තියක් වුනු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
subz.lk එකේ අපේ පවුල.. අපේ පවුලේ admin දමිත් මං ගොඩක් ම කෘතඥ වෙන්න ඕන. ඔහු තමයි මගේ ගොඩක් ප්‍රශ්න වලට උදව් කරලා අපිට මෙච්චර දුර එන්න පුළුවන් වුනේ. (admin sorry හොදේ හැමනිතරම කරදර කරන එකට වැඩ ගොඩක් අස්සේ අපේ ප්‍රශ්න දිහාත් බලනවට ස්තුතියි එවගේම සයිට් එක මේ වගේ ලස්සන කරනට හදලා අලුත් දේවල් එකතු කරනවට .)
ඒ වගේම අපේ කාර්යමණ්ඩලයේ අයටත් ගොඩක් ස්තුතියි. සයිට් එක මේ තත්වයට ගෙනාවට..
හංසනී නංගි, රවීන් සහෝදරයාටත් ,සහන් මල්ලි මේ වගේ හැමෝටමත් ගොඩක් ස්තුතියි.(ඉක්මනට 100 වෙනි එකට එන්න කියලා සුභ පතනවා!)
ඉන්න රසිකයන් ගෙන් ඉල්ලනවා මෙයාලා ගේ අනිත් උපසිරසි කරුවන්ගේ ත් කතා බලන්න කියලා දක්ෂ වගේම හොද කතාවලට සබ් දෙන පිරිසක් මොවුන්.
ඉතින් මං දාපු අනිත් dramas,films බලන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් දැන් කතාවට යමු.

” එදා මං කියන්නේ “

” එදා ඇත්තටම හරිම අමුතු දවසක් වුනා. “

” උදේ පාන්දරම බෝලයක් ඇවිත් “

” ඔලුවේ හොදට වැදිලා. “

” මං ජීවිතේට වත් ඇදලා නැති රෝස පාට ඇදුමක් ඇදලා. “

” යුන්ජුන් උදේ පාන්දරම ප්‍රථම ආදරය එක්ක විවහා වෙනවා කියුවා. “

” කෝච්චියේදී එක කොල්ලෙක් එකට නිදා ගමු කියලා අහලා. “

” එහෙම වෙලා හිතා ගන්න බැරි වෙන්න ඇත්තටම එහෙම වුනා. “

” ඇත්තටම අමුතු දවසක් වුනා. “

” ඇත්තටම අනිවාර්යෙන් “

” එහෙ ම වෙන්න ඕන කියනවා වගේ. “

බේ සු ජන්ග් කියන්නේ වෙළඳ දැන්වීම් ඒජන්සියක වැඩ කරන ගෑණු ළමයෙක් ඇය.. එක දවසක් සිදුවුණු අමුතු දේවල් ටිකක් ඒ කියුවේ.. ජීවතේ එක දවසක් හරි කෙනෙක්ට අමුතු දේවල් වෙනවා කියනවනේ. මෙයාටත් එහෙම වුනා. ඒ දවසින් ගොඩක් දේවල් වෙනස් වුනා. ..ඒ හැමදේම පටන් ගන්නේ උදේ පාන්දර ඔලුවට වදින බෝලයෙන් ද නැත්නම් කොච්චියෙන්ද කතාව බලලා තීරණය කරන්නකෝ.
මේ කතාවට මං සබ් දෙනවද නැද්ද කියලා දෙපාරක් හිතුවා. කාතාව ටිකක් ..ම්ම්..
මං romance කතා බලන අය වෙනුවනුයි මේ කතාව ගෙනාවේ.
කතාවේ බාස්කට් බෝල් සම්බන්දයෙන් තියෙන දේවල් සමහර දේවල් හරිද දන්නෙ නැහැ. මං බාස්කට් බෝල් ගැන දන්නේ නැති නිසා. හොයලයි ඒ වචන නම් දැම්මේ.
කොහොම වුනත් මේ කතාව වයස අවුරුදු 17 /18 ට වැඩි අය බලන්න කියලා මගේ recommend එක ..
ආදරය ..
ආදරය පිළිබද කතා ගොඩක් හැමෝම බලලා ඇති නේ. ගෑණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි එක එක කතාවල එක එක විදියට හමුවෙනවා. ඒ වගේම එක එක චරිත. ඉතින් මේ කතාවේ සෙල්ලක්කාර කොල්ලෙකුයි අහිංසක ගෑණු ලමයෙකුයි කෝච්චියේදී හමුවෙන හමු වීමක් තියෙන්නේ. මෙහෙම කියන කොට හැමෝම හිතයි ඒක සාමාන්‍ය සිද්දියක් කියලා. මේ කතාව නම් සම්පුර්ණයෙන් වෙනස්.. ඒක කතාව බලලා තීරණය කරන්න.
හිනා වෙන්න පුළුවන් හරිම සුන්දර කොමඩි ටිකකුත් ලස්සන සිදු වීම් ටිකකකුත් තියෙනවා .
මේ කතාවේ සමහර සිදුවීම් මං පුද්ගලිකව එකග නැති වුනත් ලස්සන සිදුවීම් තියෙනවා.
කෙනෙක් තව කෙනෙක් ගේ වැදගත් නැති පොඩි පොඩි දේවල් වල් විශේෂ කරලා දකිනවනම්. ඒ දේවල් වලට කැමති වෙනවනම්.. එතන අවංක ආදරයක් ඇති වෙලාද ? ඔයාල මොකද හිතන්නේ ඒ ගැන.. (පුලුවන්නම් ඒ ගැන comment එකකුත් දාගෙනම යන්න.)
සාමාන්යෙන් මං කතාවල සින්දු වලට සබ් දානවා. මේකට දැම්මේ නැත්තේ ඉක්මනට සබ් දෙන්න ඕන නිසා මං එක මග හැරියා.
english සින්දු දෙකක් තියෙන්නේ ඒ වල නම් ඕන නම් පහලින් comment එකක් දාගෙන යන්න.
අධ්‍යක්ෂණය – ජෝ ක්යු ජන්ග්
නිෂ්පාදනය – චෝයි ජින්
කතාව ලියුවේ – මින් සෝ යොන්ග්
ජෝ ක්යු ජන්ග්
කතාවේ ප්‍රධාන නිළිය – මුන් චේ වොන්
කතාවේ ප්‍රධාන නළුවා – යු යොන් සොක්
බෙදා හරින ලද්දේ – ෂෝ බොක්ස් විසින් (Showbox)
නිකුත් කරපු දවස – 2016 /01/14
කතාව දුවන කාලය – 103 මිනිත්තු
රට – දකුණු කොරියාව
ඉතින් මේ ඇති කියලා හිතනවා.
කතාව නරබන්න එන්න කියලා ඉල්ලනවා.
(කාරුණිකව ඉල්ලා සිටිනවා.හිත රිදුනත් මහන්සි වෙලා හදන මේ සබ් එක අනවසරයෙන් edit කරලා නම් ගම් අයින් කරලා සමාජ ජාලා / වෙනත් තැන් වල ප්‍රදර්ශනය ද වෙළදාම කිරීමෙන් ද වලකින්න කියලා ඉල්ලනවා.)

ඉතින් හැමෝටම බුදුසරණයි වගේම .ඔබට ස්තුතියි..

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
688.3 MB Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 951.11 MB x264
▲1 · ▼1
Magnet GET
1080p web 1.91 GB x264
▲1 · ▼0
Magnet GET
Discussion (54)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84

    මාගේ ආසම චරිතයක් තමයි ඉෂි කියන්නේ …ඉෂි මට මතකයි ඉස්සර අපේ මේල් එකෙන් සබ් ඉල්ලුවා ..ඒ වාගේම scholar who walks in the night කතාවේ රසිකාවක් වාගේම ඒ කතාව අවසානය තෙක් අරගෙන ආවේ ඇය ..මේ වෙලාවේ මම කියන්න කැමති ..තවත් එක සිදු වීමක් ගැන, ඒ තමයි අපේ හංසනී මුලින්ම කතාවකට සබ් එක එවලා තිබ්බා ..බැලින්නම් ඒ කතාව ඉෂි මුලින්ම කරන්න භාර ගෙන තිබ්බ එකක් ..එත් ඉෂි එකට තරහා ගත්තේ නැහැ ..”අනේ හොදයි නේ තව කෙනෙක් ආපු එක ” එහෙමයි ඇය එයට උත්තර දුන්නේ ..(එහෙමයි කියලා ඉෂි ව සාමාන්‍ය විදියට හිතන්න එපා ..එයාට තරහා යනවා හොදේ :rofl::rofl::rofl:) /// ඕන වෙලාවක ඕන පශ්නයක් අහන්න dear ..ඉෂි විතරක් නෙවෙයි අනිත් හැම කෙනෙක්ට ….

    love You 3000 !! dear ….keep it up :star_struck::star_struck::star_struck:

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      :sweat_smile: මට ටිකක් තරහ යනවා නම් තමයි . එත් ඉක්මනට නිවෙනවා.
      thanx comment එකට .dear admin:heart_eyes::star_struck:.

    • Hansani Rupasingha Moderator
      Android 7.1 Chrome 77

      :dizzy_face::dizzy_face::dizzy_face:

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      ahh ape hansani nanga eka danan hitiye naha neda ? shoke wuna neda eka ganan gnna epa. old tales.. nisa.. dear..:sweat_smile::sweat_smile:☺

    • Hansani Rupasingha Moderator
      Windows 10 Chrome 85

      ow neh:sweat_smile::sweat_smile:

  • sathi Unregistered
    Windows 10 Chrome 84

    link eka wada naha neda

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      mn update ekak dunna. dan gihin gnna puluwan wei.

    • sathi Unregistered
      Windows 10 Chrome 84

      thank you :kissing_heart:

  • Mikey Unregistered
    Android 9 Chrome 84

    thanks සබ් එකට. මම බලන්නම ආස romance movie and drama තමා. ⁣100 උපසිරසයටත් සුබ පැතුම්. විඩියො ලින්ක් එක වැඩ නැ. එකත් update එකක් දෙන්න.

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      බොහොම ස්තුත්යි! comment එකට. (අලුතින් අපේ සමාජිකාවන් korean drama වලට sub දල ඒවත් බලන්න,) vedio link එක update කලා.

  • CHATHUSHKA NIRMAL Unregistered
    Android 6 Chrome 84

    මුලින්ම 100 වෙනි උපසිරස කරනයට සුභ පතනව :tada::confetti_ball: එ වගේම SUB එකටත් THANKS පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      comment එකට thanx.:star_struck:මේ දෙකෙන් එකකට සබ් දෙන්න බලන්නම්.

  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 84

    අනේ අක්කේ ඔයා timeline එකත් හදලා ගොඩක් මහන්සි වෙනවා.Respect you:clap::clap::clap:.දිගටම sub දාන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා!keep it up good work!:thumbsup:

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      ගොඩක් ස්තුතියි!dear. ඔයත් ඉක්මනටම 50 ගහමු හොදේ.:star_struck:

  • Pathum Unregistered
    Android 7 Chrome 79

    Congratulations ishi.. Keep it up

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      thanx.:heart_eyes:

  • shanaka Unregistered
    Android 9 Chrome 85

    APi venuven me karapu siyaluva deval valata thanx sis..oyata puluvannam EL CHAPO season 3 aka karanna.❤️❤️

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      comment ekata thanx. oya illapu kathwawe season3 ekta ape subz.lk eke sub dewi.mama hari nathnm wena kenek hari dewi. but tikak parkku wei.:yum::yum:

  • Upul Unregistered
    Windows 10 Chrome 85

    Download Karanna be video eka. encrypted key ekak illanawa

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      update kala. gihin blnna dan.

  • Chathuranga lakmal Unregistered
    Android 10 Chrome 83

    subapathanawa oyata

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      comment ekata thanxx ..:star_struck:

  • DD W User
    Android 9 Chrome 85

    Congratulations :tada::confetti_ball::bouquet:

    The untamed Chinese drama ekata subtitles denna puluwanda

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      eka ta sub denna man hithan innwa. bt danma denna widiyak naha. bra gaththa kathai denna inna katha tikak thiyei. koi welawe kathawata sub deida kiyla hariayatama kiynna baha.
      namuth sub dennm. mekata nm math ahala thiyenawa me kathawa lassanai kiyla.:heart_eyes::star_struck:

  • anjula Unregistered
    Windows 7 Chrome 85

    ආදර ඉෂි 50ට සුභ පැතුව විතරයි 100ටත් සුභ පතන්න තිබ්බා:grin::grin::grin::smile::grinning::grinning::laughing::sweat_smile: ඉතින් ඔන්න දෙකටම එකම දවසේ සුභ පැතුවා. එයා නැත්නම් ඉතිං කොරියන් කථා හීනයක් මට දිගටම සබ් දෙන්න හොදේ. :heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes: මම අංජු

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      thanx anju. :heart_eyes:

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 8.1 Chrome 68

    100 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම් සහෝදරී…

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search