The Boys (2019) [S01 : E01] Sinhala Subtitle

August 12, 2019 Moderator

 

The Boys – කොල්ලෝ (2019)

 EP 1 – ඔයා මාව හොයාගත්ත..

සුභ දවසක් යාලුවනෙ…!

හොඳයි කට්ටිය කොහොමද ඉතින්. අපේ fb පිටුවට සෑහෙන්න මේ දවස් වල ඉල්ලීම් එනවා මෙන්න මේ කතාවට sub දෙන්න කියලා. ඉතින් ටිකක් කට්ටිය වැඩියෙන් මේ කතාවට sub ඉල්ලලා තිබ්බ නිසා අපිට අහක දාන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉතින් අපි හිතනවා සති දෙකක වගේ කාලයක් ඇතුලත මේ කතාව ඉවර කරලා දාන්න. ඉතින් අපි හතර දෙනෙක් මේ කතාවේ sub හදන්නවා. ඉතින් එයාලා කවුද කියලා දැන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලත් කියනවා.

හරි එහෙනම් අපි මේ කතාව මොන වගේ එකක්ද සහ මේක ගැන විස්තර ටිකක් දැන ගමු. The Boys කියන්නේ ඇමරිකානු සුපිරි වීර ටෙලි කතාවක්. ඉතින් මේ සඳහා පදනම් වෙලා තියෙන්නේ මේ නමින්ම පලවුණු කොමික් පොතක්. ඉතින් මේක ලියලා තියෙන්නේ Garth Ennis සහ Darick Robertson කියන දෙදෙනා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේක Amazon Prime Video ලාගේ වැඩක් කියලා. හරි හරියට මේ දවස් වල කරට කරට Netflix සහ මේ Amazon Prime Video ලා හොඳ කතා මාලා දෙක තුනක්ම එලියට දැම්මා. ඒවායින් අපේ site එකේ sub දෙන දෙවෙනි කතාව තමයි මේ. අනික් එක මිහිර සහෝදරයා ඔයාලට අරගෙන එනවා කියලත් දන්නවා ඇති. ඒ කතාව තමයි හින්දි කතා මාලාවක් වෙන Breath කියන එක. හොඳයි ආරාධනා කරනවා ඔයාලට ඒ කතාව නරඹන්න කියලත්.

හොඳයි මේ කතාව එලි දැක්වූයේ 2019 ජූලි 26 වෙනිදා. විශේෂම දේ වෙන්නේ මේ දවස් ටිකට මේක 36,000 කට වඩා අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ ඡන්දයෙන් imdb මීටරේ 9.0 ලබා ගන්න සමත් වීමයි. ඉතින් හිතන්න කතාව ඇවිත් අඩුම මාසයක් වත් ගියේ නැහැ. ඒ වගේම ලබා ගත් අතිමහත් ප්‍රසාදය නිසා මේකේ දෙවෙනි season එකකුත් එනවා කියලා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒ වගේම Rotten Tomatoes එහෙම නැත්නම් කුණු තක්කාලි මීටරේ 82% අගයක් ලබා ගන්නත් google පරිශීලකයන් වෙතින් 97% ක ප්‍රසාදයක් දිනා ගන්නත් මේ කතාව මේ වෙනකොට සමත් වෙලා තියනවා. ඒ වගේම මෙය සම්මාන දෙකකට නිර්දේශ වෙලා එයින් එකක් දිනා ගන්නත් සමත් වෙලා තියනවා. ඒ වගේම මේ කතාව Action, Dark Comedy, Sci-Fi සහ Crime කියන ඒවාට අයත් වෙනවා. මේක මම ඩාර්ක් කොමඩි කිව්ව හේතුව අනිවා ඔයාලට කතාව බලද්දී තේරෙයි. ඉතින් විශේෂයෙන්ම කියන්න තියන්නේ මේක 18+ කතාවක් කියලා. ඒ නිසා අනිවා වැඩිහිටි පාර්ශව විතරක් බලන්න කියලා ඉල්ලනවා. (අපි ඉතින් කොච්චර එපා කිව්වත් කරන්නෙම අනිත් වැඩේ නේ. ඒ නිසා අනිත් එවුන් බලනවා නම් සද්දේ අඩු කරගෙන දොර ජනෙල් වහගෙන බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.) ඒ වගේම මේ කතාවේ තියන කුණුහරුප ටිකක් වැඩියි. වැඩියි නෙවෙයි අධිකයි කිව්වොත් නිවැරදියි. ඒ නිසා බලන හැමෝම ටිකක් බලන එකේ සද්දේ ටිකක් අඩු කර ගෙන බලන්න. ඒ වගේම ඔයාලට ඇති වෙනකම් හිනා වෙන්න භය වෙන්න කරුණු කාරනා තියනවා. ඔයාලට මේ කතාවේදී පෙනෙයි වෙස් මුහුණු දාන් ඉන්න සමහර මිනිසුන්ගේ වෙස් මුහුණු ගැලවිලා කරලා තියන පව් වලට වන්දි ගෙවන්න වෙන හැටි. ඉතින් ඔයාලා බලන්න ආවේ සුපිරි වීර කතාවක්ද? එහෙනම් මම කියන්න මුලින්ම බලන්න එපා විසික් කරලා දාන්න කියලා. මොකද මේක සුපිරි වීර කතාවක් වගේ වුණාට 20% විතර ඕනේ නම් ඒ වගේ ඇති. ඒ වුනත් ඉතින් බලද්දී තනි ඇහැට කට්ටියටම අඩේයි. මේක නම් සුපිරි වීර කතාවක් වගේ නෙවෙයි. මොකද මේක එයාලගේ රෙදි ගැලවෙන කතාවක්. මේකේ ඉන්න සුපිරි වීරයෝ ටික හොඳ මූණ දාගෙන ඉන්න මහ අපතයෝ ටිකක්. සමහර කට්ටියට එහෙම වෙන්න හේතු තියනවා. ඒත් එහෙමයි කියලා නරක වැඩ කරන එක හරිද? මේ සුපිරි වීරයන්ට ඕනේ ලෝකය පාලනය කරන්න. ඒ වගේම මෙයාලව පාලනය කරන්න කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි හෝම්ලෑන්ඩර්. එයා තමයි මේ සුපිරි වීර කණ්ඩායමේ නායකයා. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ boys කියන කොට පින්තූරේ ඉන්න ගෑනු ළමයි දෙන්නා කවුද කියලා. හිහි මේ කණ්ඩායමේ නම the boys නෙවෙයි. මේ කණ්ඩායමේ නම තමයි The Seven. එයාලට විරුද්ධව ඉන්න කස්ටිය තමයි මේ The Boys කියලා කියන කස්ටිය නැත්නම් කණ්ඩායම. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කට්ටිය හරි හොඳට ඉන්නවනේ? අනික ඇයි මේ සුපිරි වීරයෝ නරක වැඩ කරන්නේ කියලා? මෙහෙමයි මේ කතාවේ ඉන්න සුපිරි වීරයන්ට ඕනේ මිනිස්සුන්ට උදව් කර ගන්න නෙවෙයි. ජනප්‍රිය වෙන්නයි ඕනේ. ඉතින් ඒක නිසා එයාලා කරන්නේ තමන් වෙනුවෙන් ඒ බලයන් පාවිච්චි කරන එක. ඉතින් මෙයාලගේ කුපාඩි වැඩ ටික එලි වෙන්න පටන් ගන්නේ එක සුපිරි වීරයෙක්ගේ අත් වැරදීමක් නිසා. ඔයාලා කැමතියිද ඒ ගැන දැන ගන්න. හ්ම්ම් මම නම් හිතන්නේ නැහැ ඒක ගැන මම කියන්න ඕනෙයි කියලා. ඔයාලට ඒක ගැන දැන ගන්න නම් කතාව බලන්න වෙනවා. අහ්හ් ඒ වගේම තමයි මේ Boys කණ්ඩායමට කිසිම බලයක් නැහැ. ඔක්කොම මොලෙන් තමයි ගේම ගහන්නේ. ඉතින් මේ සුපිරි වීර කණ්ඩායම තියන්නේ Vought International කියලා බලවත් සමාගමක් යටතේ. ඒක පාලනය කරන්නේ ගෑනු කෙනෙක්. ඔයාලම බලා ගන්නකො ඒ කවුද කියලා. ඒ කියන දේවල් තමයි මේ හෝම්ලෑන්ඩර් කරන්නේ (පස්සේ ඉතින් එයාට පිටුපානවා හෝම්ලෑන්ඩර්). Vought International එක තමයි මේ සුපිරි වීර මිනිසුන්ව හඳුනාගෙන එයාලව මේ විදිහට කණ්ඩායමක් විදිහට හදලා තියන්නේ. එක විදිහකට කිව්වොත් මේක එයාලට රැකියාවක් වගේ. මෙයාලගෙන් දෙන්නෙක් විතර ඇරෙන්න අනිත් හැමෝම දූෂ්‍ය වෙලා වල් වැදිලා ඉන්නේ. ඉතින් මේ Boys ටීම් එකෙන් කරන්නේ මෙයාලව….. හි හි. ඔයාලටම පෙනෙයි ඉස්සරහට මොකක් වෙයිද කියලා.

ඉතින් පේන විදිහට මුළු කතාව පූරාම ඒකාකාර නොවන ආකාරයට ගලා ගෙන යන්නේ මේ සුපිරි වීර මිනිසුන්ගේ ජීවිත සහ The Boys ටීම් එකට අලුතින් එකතු වෙන “හියුජ්” කියන කොල්ලා සහ The Seven සුපිරි වීර කණ්ඩායමේ ඉන්න අලුත් සුපිරි වීර වරිය වෙන ස්ටාර්ලයිට් වටා. ඉතින් මෙයාලා ගැන තමයි ටිකක් වැඩියෙන් පෙන්වන්නේ. ඉතින් අනිත් අය ගැනත් ඒ හා සාපේක්ෂව පෙන්වනවා. ප්‍රධානම වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ හියුහි කියන කොල්ලා ඇයි මේ ටීම් එකට එකතු වෙන්නේ සහ ස්ටර්ලයිට් එහෙම නැත්නම් ඇනී මේ සුපිරි වීර කණ්ඩායමේ තියන යතාර්තයට මුහුණ දීම ගැනයි. මොකද මේ අලුතින් එකතු වෙන සුපිරි වීර වරිය එයාලව ගොඩක් අගය කරන කෙනෙක් නිසා.

The Seven කණ්ඩායම – රඟපාන නළු නිළියන් සහ විස්තර.

1.Antony Starr – Homelander (හෝම්ලෑන්ඩර්)

ඉතින් මෙයා කවුද? මේ තමයි seven ටීම් එකේ ලීඩර් මහත්මයා. හොඳ කෙනෙක් වගේ වුනාට නරක කෙනෙක්.ඒ කියන්නේ තමන්ගේ ගැන විතරයි හිතන්නේ.ප්‍රසිද්ධිය තමයි මෙයාට වැදගත්ම දේ. මෙයාගේ බලයන් ගැන කතා කරොත් මෙයා සුපර්මෑන්ගේ සහ කැප්ටන් අමරිකාගේ එකතුවක් කියලා තමයි කියන්නේ.මෙයාට ඕනේ ලෝකය පාලනය කරන්න. ඒ වගේම මෙයාට ටීම් එකේ හැමෝම භයයි. මොකද මෙයා පට්ටම බලවත් නිසා. ඒ වගේම මෙයාට පිටින් යන කෙනෙක් ඉන්නවා කියන්නේ බෙල්ල නැතුව තමයි යන්න වෙනවා කියන එක තමයි.

2.Dominique McElligott – Queen Meave(ක්වීන් මියැව්)

මෙයා නිකන් හරියට වොන්ඩර් වුමන්ගේ කපාපු පාළුව. ඒ වගේම හෝම්ලෑන්ඩර්ගේ කලින් කෑල්ල. අනේ මන්දා මෙයාට හොඳ දේවල් කරන්න ඕන වුනාට තමන් ගැන හිතන්න ඕනේ සිතුවිල්ල ඉස්සරහට දානවා.පස්සේ අඬනවා.

3.Jessie T. Usher – A-Train(ඒ-ට්‍රේන්)

මෙයා නිකන් හරියට flash වගේ. ඒත් කියන විදිහට ඒ තරම් ස්පීඩ් එකක් නම් නැහැ. ඒ වගේම මෙයා කරන වැඩ ගැන එයා දුර දිග හිතන්නේ නැහැ.ඔයාලටම පෙනෙයි ඒක නිසා වෙන්නේ මොකක්ද කියලා. ඒ වගේම මෙයාට ඕනේ මෙයා තමයි හොඳම කියලා පෙන්වන්න.

4.Chace Crawford – The Deep(ඩීප්)

මෙයා නිකන් හරියට ඇක්වාමෑන් වගේ. ඒත් එච්චරම බලවත් නම් නැහැ. එයා හිතන්නේ එයා තමයි මුහුදේ රජ්ජුරුවෝ කියලා.ඒත් එච්චර අධික බලයක් නම් නැහැ.ඒත් එයාටත් සෑහෙන හොඳ බලයක් තියනවා. ඒ වගේම කියන්න ඕනේ මූ නම් මහා අමුම වලත්තයෙක් කියලා.

5.Nathan Mitchell – Black Noir(බ්ලැක් නොයිර්)

මෙයා කවදාවත් කතා කරන්නේ නැති කෙනෙක්. කොටින්ම කිව්වොත් පට්ටම නින්ජා කෙනෙක්. මට නම් මතක් වෙන්නෙම අයන් ෆිස්ට්වයි ඩෙයාර්ඩෙවිල්වයි තමයි ඉතින්.

6.Alex Hassell – Translucent(ට්‍රාන්ස්ලූසන්ට්)

මෙයා හරියට නිකන් අනේ මන්දා. එයාට පුළුවන් කාටවත් පේන්නේ නැතිව ඉන්න. අර හැරී පොටර් එකේ පේන්නේ නැති ලෝගුව හැරී දා ගත්තට පස්සේ වෙන්නේ. ආන්න ඒ වගේ. එච්චරයි තමයි ඉතින්. මෙයාගේ වැඩේම අනිත් අයගේ ඕපදූප හොයන එක සහ රහස් දේවල් හොයන එක. ඒ වගේම වැඩේම කියවන එක තමයි.(කට හින්දම නේ මාළුවත් නහින්නේ කියනවනේ)

7.Erin Moriarty – Annie January/Starlight(ස්ටාර්ලයිට්)

මේ ඉන්නේ ටීම් එකට අලුතින්ම ආව කෙල්ල. මෙයාට ඕනේ හොඳ දේවල් කරන්න. හරිම හොඳ කෙනෙක්. ඒත් මෙයා ටීම් එකට එකතු වුනාට පස්සේ තමයි තේරෙන්නේ මේ ටීම් එක මහා අපත සෙට් එකක් කියලා.ඒත් ඉතින් මෙයා මෙයාලව ගොඩක අගය කරන කෙනෙක් වශයෙන් එයාලට හැඩ ගැහෙන්න හදනවා. වැඩේ සාර්ථක වෙයිද?

The Boys කණ්ඩායම – රඟ පාන නළු නිළියන් සහ විස්තර.

1.Karl Urban – Billy Butcher(බිලී බුචර්)

මෙයා තමයි the boys ලගේ ලීඩර්. මෙයා ලන්ඩන් වල ඉපදුනු මැර ජීවිතයක් ගත කරපු කෙනෙක්.

2.Jack Quaid – Hughie Campbell(හියුජ් කැම්බෙල්)

මෙයා ස්කොට් ජාතිකයෙක්. මෙයා electronic කඩයක වැඩ කරන කෙනෙක්. යම් සිදුවීමක් නිසා තමයි මෙයත් ටීම් එකට එකතු වෙන්නේ.

3.Laz Alonso – Mother’s Milk(මදර්ස් මිල්ක්)

මෙයා පට්ට මොළ කාරයෙක්. ඒ වගේම මෙයා කළු ජාතිකයෙක්. ඒ වගේම මෙයා හරි අමාරුවෙන් තමන්ගේ දුව එක්ක සම්බන්ධයක් ගෙනියන කෙනෙක්.

4.Tomer Capon – Frenchie(ෆ්රෙන්චි)

මෙයා හරිම හොඳ ඉක්මනට කලබල වෙන හොඳ හදවතක් තියන කෙනෙක්. ඒ වගේම මෙයා The Female ගේ හොඳම යාලුවා.(මම නම් කියන්නේ නිකන් crush එක වගේ කියලා)

5.Karen Fukuhara – The Female(ෆීමෙල්)

මෙයා තමයි ටීම් එකේ ඉන්න කෙල්ල. මෙයාට පුළුවන් එයාගේ ඇඟිලි වලින් ඇත්ත නියපොතු වලින් මිනිහෙක්ගේ මූණක් ඉරලා දාන්න. මෙයා ජපන් ජාතිකයෙක්. ඒ වගේම මෙයා frenchie ගේ හොඳම යාලුවා.(මෙයත් අරයට crush වගේ තමා)

ඉතින් මේ කතාව Amazon එකට ඕන විදිහට සංස්කරණය කරලා තියෙන්නේ Eric Kripke. ඒ වගේම කතාව ඇමරිකාවේ තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක රූ ගත කිරීම් කරලා තියෙන්නේ ටොරොන්ටෝ, ඔනාරිටෝ සහ කැනඩා වගේ ස්ථාන වල. එක episode එකක් පැයක් වගේ විතර දිගයි. කෑම එකක් එහෙම ළඟ තියාගෙ බැලුවොත් හොඳයි. අන්තිමට පිඟානත් කාල දායි වෙන සීන් ටික දිහා බැලුවොත්. ඒ වගේම නිෂ්පාදක ආයතන ලෙස අපිට දක්වන්න පුළුවන් Sony Pictures Television, Amazon Studios, Kripke Enterprises, Point Grey Pictures, Original Film, Kickstart Entertainment, KFL Nightsky Productions යන ආයතන. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේක විකාශය වෙලා තියෙන්නේ Amazon Prime Video නාලිකාව හරහා.

හොඳයි එහෙනම් මම මේ දිග ලිපිය ඔන්න ඉවර කරලා දානවා. ලිපිය ලියනකොටත් මම කතාව බලලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් වැරදි එහෙම තියනවා නම් හදන්න. trailer එක සහ තවත් වෙබ්site බර ගණනාවකින් තමයි තොරතුරු හොයා ගත්තේ. ඉතින් මේ එපිය ඒ කියන්නේ පලවෙනි එපිය ඔයාලට අරන් එන්නේ මිහිර සහෝදරයා. ඉතින් අනිවා හොඳ comment එකක් දායි කියලා හිතනවා එයා වෙනුවෙන්. ඒ වගේම තමයි අනිත් එපි වලටත්. ඒ වගේම කියන්න ඕනේ යම් යම් පරක්කු වීම් ඇති වෙයි.ඒත් උපරිම සති දෙකකින් අපි මේක ඉවර කරනවා කියලත් කියන්න කැමතියි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ කතාව රස විඳින්න කියලා.

ලිපියට බොහොම ස්තුතියි සහන් සහො දිගටම අපිත් එක්ක රැදිල ඉන්න..ජය වේවා ඔයාලා හැමෝටම!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (38)
  • shehan p Unregistered
    Android 6 UC Browser 11.5

    Lipiya Patta bro
    Niyma wadk bro
    Godk pin bro
    Thanks bro
    Ela Ela bro
    Kiynna wachana na bro
    Good luck
    Jaya wewa…….!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහෝ.. අදහසට.

    • හශාන් Unregistered
      Android 9 Chrome 79

      ගොඩාක් ස්තූතී.. මෙහෙම සබ් දෙනවට.

      පුලුවන් නම් වෑන්හෙල්සින්ග් සීසන් 3,4 සබ් දෙන්නකො

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 76

    සබට ගොඩක් ස්තුතියි සහෝදරයා. මේ වගේ දේවල් දිගටම කර ගෙන යමු.

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      අනිවාර්යයෙන් සහො..

    • Lahiru Asalaka Unregistered
      Android 7.1 Chrome 75

      Ela mchan digatama meka dipan

  • Viraj Unregistered
    Android 5.1 Chrome 50

    Thanks bro sub ekata…ilaga tikath ikmanata danna..english ekath ekka baluwata ithin sinhala sub eka ekka baluwe naththan kawe na wage nisa ikmanata anith tikath denna..jayawewa..!!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො..

  • Kanal Unregistered
    Android 8.1 Samsung Browser 7.2

    Thank saho

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    අම්මෝ නියමයි……සබ් එකට තැන්ක්ස්…..
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ කව්රු හරි….
    සුපිරිම කතාවක්….
    ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එමු….
    සුපිරි ලිපිය….

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො..

  • Denuwan121 User
    Android 9 Chrome 73

    Thank you for subtitles

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො ..

  • පසිදු සාරංග Expert Subtitler
    Android 5.1 Samsung Browser 3.3

    සුපිරි කතාවක් වගේ බලන්න ඔනේ ස්තූතියි උපසිරැසියට ❤

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො .. අනිවා. ❤❤

  • Supun Unregistered
    Android 5.1 Chrome 73

    Pin ban ubalata.ihoya hoya hitiye.ikmnta sub tika deepan machan

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො..

  • Hiru Chathu User
    Android 9 Facebook App 233

    Bro මේ සබ් එක සෙට් වෙන්නේ 480 p webrip එකට විතරද.?දීපු link එකෙන් download කරන්න බෑ.torrent ගන්න බැලුවේ.සම්පුර්ණ season එකම ගන්න පුලුවන් ඒත් 480p copy අඩුයි.පුලුවන්නම් උදව් කරන්න යාලු..සුපිරිම කාතවක් කටත් කලින් ගෙනවට හදවතිනම සුභ පතනවා..

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      ලින්ක් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙනව සහො.. ආයිත් පාරක් උත්සාහ කරල බලන්න. අදහසට බොහොම ස්තුතියි ..

  • kasuna Unregistered
    Windows 10 Firefox 68

    pataaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො ..

  • devinda Unregistered
    Windows 7 Chrome 76

    Ela Malli.Supiri…..

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි අයියෙ..

  • Milinda priyalal Unregistered
    Android 9 Chrome 76

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .මිහිර bro

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි බ්‍රො..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search