හොඳයි මේ ගෙනෙන්නේ The Good Doctor 1කතා සමයේ අවසාන කතාංගයයි. මන් මේක කලින් කරලා තිබ්බ හින්දා අදම දාන්න හිතුවා ඒකත්. එහෙනම් මේ කතා මාලාවේ 1 වන කතා සමයේ උපසිරැසි සියල්ලම දීලා හමාරයි. මේ කතාව ගොඩක් අය නරඹනවා කියලා දන්නවා. මේ වගේ කතාවක් මුලින්ම දෙන්න හිතුවේ සහ මේක මුලින්ම ඔයාලට ගෙනාවේ මිහිර අයියා. මාත් කතාව නරඹන්න අරන් කතාවට ඇති වෙච්ච ආසාවට තමා මිහිර අයියා එක්ක එකතු වෙලා මේකේ අන්තිමට උපසිරැසි දෙන වැඩේ භාරගත්තේ. අන්තිමට ඉක්මනින් ඉක්මනින් උපසිරැසි ගේන්න පුලුවන් කියලා හිතනවා. ඉතින් කියන්න තියෙන්නේ මේක තාමත් නරඹලා නැති අය ඉන්නවනම් නරඹන්න. මේකට උපසිරැසි වෙන කොහේවත් නෑ. subz.lk එකෙන්ම පමණයි. හොරෙන් අරන් දැම්මේ නැත්නම් ඉතින්. 🙂
18. තව තවත්
විකාශනය වූ දිනය = 2018.03.26
ධාවන කාලය = මිනිත්තු 43
අධ්‍යක්ෂණය = Mike Listo
IMDB අගය = 9.0
අද වෛද්‍ය කණ්ඩායමට ටිකක් විකාර විදියේ රෝගියෙක් / තරුණයෙක් හම්බෙනවා. ප්‍රතිකාර කරන් යද්දී තත්ත්වේ එන්න එන්න දරුණු වෙනවා. ඒකට හේතුව වෛද්‍යවරුන්ට තොරතුරු සැඟවීම. ඇයි මේ තොරතුරු හංගන්නේ. කොහොමහරි ඩොක්ට පාක්, කලින් පොලිසීයේ ඉඳලා දැන් දොස්තර වෙලා ඉන්න හාදයට පින් සිද්ධ වෙන්න දැනගන්නවා.
කොහොමහරි ඩොක්ට ග්ලාස්මන්ට පින්සිද්ධ වෙන්න වරමකින් වගේ ඩොක්ට ෂෝන් මර්ෆිට ලැබුනු දොස්තර රස්සාව ගහලා යන්න වගේ යන්නේ. ඒකට හේතුව ශල්‍යකර්මයක් අතරතුර ඔහුට වෙන අත්වැරැද්දක් නිසා. ප්‍රශ්නේ කියන්නේ ඩොක්ට ෂෝන් මර්ෆි කියන්නේ මැහුමක් උනත් පොතේ විදියටම දාන කෙනෙක්. ඉතින් එයාට වරදින්න පුලුවන්ද. වැරදුනේ අවධානය වෙනතක යොමු උනු හින්දා. එච්චරටම මර්ෆිට අවධානය වෙනතකට යොමු වෙන්න තරම් කාරණය මොකද්ද? කාරණය ඔයාලා දැනගත්තම තේරෙයි දෛවය අපේ ජීවිතත් එක්ක කොච්චර ලස්සනට සෙල්ලම් කරනවද කියලා.
ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!!!!!
season 2 subtitles denna bro.subtitles nam supiriyatama karala thiyenawa
SUb ekata thanks bro
S02 ikamnt denna
දෙවැනි කතා සමයට තවම උපසිරැසි හදලා නැද්ද???
දෙවැනි එකත් ඉක්මනින් දාන්නකො සහෝ
thank you sub walata deweni ake sub kwdda danne brother
Season 2 sub one……
Season 2 sub one broo…
s2 එකටත් ඉක්මනට දෙන්න broo plz……..plz……..plz…….
අනේ සීසන් 2 එක දෙන්නේ නැද්ද :disappointed_relieved::disappointed_relieved:
season 2 එක ලැබෙන්නෙ නැද්ද එතකොට :confused::broken_heart::cry:
ඉතා වටිනා කාර්යයක් ඔබ දෙදෙනා එකතුවෙලා සිදුකලේ. බොහෝ දේවල් ඉගෙන ගත්තා දෙවෙනි seeson එකටත් උපසිරසි ලබා දෙන්න. බොහොම ස්තුතියි.
දෙවෙනි seeson එකටත් උපසිරසි ලබා දෙන්න. බොහොම ස්තුතියි.