The Magicians [S01 : E04] Sinhala Subtitle
jade tailor, jason ralph, stella maeve, arjun gupta
ඔන්න The Magicians රසිකයන් වෙනුවෙන්ම ඒකෙ 4වෙනි කොටස අරගෙන අද ආවා.මේක විකාශනය වූ දිනය 2016 පෙබරවාරි 8.මේ කොටස නම් කරල තියෙන්නෙ The World in the Walls (පවුරින් වටවූ ලෝකය) කියල.වැඩි කතා මුකුත් නැතුව මම ගිය කොටසෙ සිදුවීම් පොඩ්ඩක් මතක් කරල ඉන්නම්…
බ්‍රේක්බිල්ස් සරසවියෙ කුලපති ෆොග් තමන්ගෙ මැජික් ශිෂ්‍යයන්ට සමහර මැජික්වල තියන භයානකකම් විස්තර කලා.ඊලඟට ඔවුන් ක්වෙන්ට්ට අයිති වෙන්නෙ මොන මැජික්කරුවන්ගේ කාණ්ඩයටද කියල පරීක්ෂණයක් කලත් ඔහු අයිති කුමන කාණ්ඩයටද කියල හරියාකාර නිගමනයකට එන්න බැරිවුණා.ක්වින්ටන් සහ ඇලිස් ක්වින්ව භෞතික මැජික්කරුවන්ගේ නේවාසිකාරයට ඇතුලත් කලා.කට්ටියම එකතුවෙලා පොඩි පාටියකුත් දැම්ම මතකයිනෙ.ක්වින්ටනුයි ඇලිස් ක්විනුයි දෙන්න ඇලිස්ගෙ නැතිවුණ සහෝදරය චාලිව නැවත ගෙන්න ගන්න ක්‍රමයක් හොයාගත්ත.බ්‍රේක්බිල්ස් සරසවියෙ තියන වූෆ් පොකුණ නොහොත් දිවිනසාගැනීමේ පොකුණෙ යම් අද්භූත සිද්ධියක් වුණා.ඔය අතරෙ ඇලිස්ට මාර්ගෝගෙන් හෝඩුවාවක් ලැබුණ චාලි සරසවියෙ ඉගෙනගත්ත කාලෙ හිටපු එමිලි ග්‍රීන් ස්ට්‍රීට්නම් ගෑණු ලමයෙක් ගැන.එමිලි මාර්ගයෙන් ඇලිස් දැනගන්නව තමන්ගෙ සහෝදරයට ඒ දේ සිද්ධවුණේ ඔහු එමිලිව ගලවාගැනීමට කල මායාවක් වැරදීමකින් සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් බව.මරීනා ප්‍රමුඛ සරසවියට බාරනොගත් අයගේ කණ්ඩායම, කේඩිගේ මාර්ගයෙන් ලබාගත් මායා පොත සොයාගෙන ගිය එලියට් සහ ක්වින්ටන් එය ආපසු ලබාගන්නවා.එතනදී ඔවුන්ට ක්වින්ටන්ගෙ හිටපු පෙම්වතිය ජූලියාව හම්බවෙනව.අන්තිමට එය බහින්බස්වීමක් බවට පත්වෙලා ඇය ක්වින්ටන් එක්ක තරහ වෙනව.අය අතරෙ තමන්ට චෛතසික නොහොත් සිත්කියවීමෙ හැකියාව විතරක් නෙමෙයි ක්ෂණයකින් ලෝකයේ ඕනමතැනක ගමන් කරන්නත් පුළුවන් බව පෙනී දැනගන්නවා.කුලපතිතුමා සහ සැන්ඩ්ලර් කියන්නෙ ඔහුට විශේෂ පුහුණුවකින් පස්සෙ සමාන්තර ලෝක අතර පවාගමන් කරන්න පුළුවන් කියලයි. ඔය අතරෙ ඇලිස් සහ ක්වින්ටන් දෙන්න චාලිව නැවත මේ ලෝකයට කැඳවන්න කියල වූෆ් පොකුණ ලඟදි යම් මන්තරයක් කරල චාලිව නැවත ගෙන්න ගත්තත් ඔහු කලින් සිටි චාලි නොව ඊට හාත්පසින්ම වෙනස් දරුණු කෙනෙක්.ඔහු ඇලිස්ට හානියක් කරන්න කලින් ක්වින්ටන් චාලිව බන්දනය කරල නිෆින් පෙට්ටියකට දාල දානව.තමන්ට සහෝදරයව නැතිකලා කියල ක්වින්ටන්ටත් දොස් කියල ඇලිස් සරසවියෙනුත් යන්න යනව. එතනින් තමයි 3වෙනි කොටස අවසන්වුණේ…
අද කොටස ගැනනම් මම වැඩි විස්තරයක් කියන්නෙ නෑ.පොඩි ආරම්භයක් විතරක් දෙන්නම්.ඇලිස්වයි, ජූලියාවයි තරහ කරගෙනම ආපහු නේවාසිකාරයට ගිහින් නින්දට යන ක්වින්ටන් ආපහු අවදිවෙද්දි ඉන්නෙ රෝහලක.නිදාගනිද්දි නේවාසිකාරයෙ හිටපු ක්වින්ටන් කොහොමද රෝහලකට ආවෙ කියල හොයාගන්නනම් අද කොටස බලන්න වෙනවා.එහෙනම් මම නවතිනවා.ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : Quentin panics when he wakes up in a mental hospital; upset over her fight with Quentin, Julia commits herself to learning more powerful spells…
Elama bro…
Thanks prabash.
උපසිරැසියට තුති….ජය!!!
Thanks Pc World LK.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!
?? බොහොම ස්තූතියි කවීෂ.
Thanq mcn….digatama sub demu???????
Thnx hasitha bro…
Digatama demu macho…patta series akak meka…
Sub ekata thanks Bro
Ithuru epi tikatath denna sub eka
ep 05 idala ithiri tikath dennakoo.
ඉකම්නටම දෙන්නම්.
episode 5 th dennakoo
කමෙන්ට් කරන්න පරක්කුවුණාට සොරි මල්ලි මේ දවස්වල වැඩ ගොඩගැහිල. අනිවාර්යයෙන්ම 5 කොටසට සබ් දෙන්නම් ඉක්මනටම.
Machan ikmanta sub aka deppako seson02th awilla
**depanko
කමෙන්ට් කරන්න පරක්කුවුණාට සොරි මල්ලි මේ දවස්වල වැඩ ගොඩගැහිල. අනිවාර්යයෙන්ම 5 කොටසට සබ් දෙන්නම් ඉක්මනටම.