When Marnie Was There (2014) Sinhala Subtitle

March 02, 2020 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. Jojo Rabbit (2019) චිත්‍රපටයත් එක්කම මේ අරගෙන එන්නෙ මම මෑතකදි නරඹපු අපූරු ජපන් ඇනිමේ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි When Marnie Was There (2014) චිත්‍රපටය. නරඹපු සැනින් චිත්‍රපටය ගැන ලොකු ගෞරවයක් ඇතිවුණ නිසයි මම තීරණය කලේ මෙයට උපසිරැසි සකසන්නට. Ghibli Studios කිව්ව ගමන් ලොව පුරා ජපන් ඇනිමේ රසිකයන්ට මතක් වෙන්නේ ඉතාම විශිෂ්ඨ ඝනයේ, හැඟීම්බර, විශාල අර්ථයක් ඇති ආදර්ශමත් සිනමාපට ගොන්නක්. ඒ අතරට බය නැතුව එකතු කරන්න පුළුවන් ඔවුන්ගේ තවත් නිර්මාණයක් තමයි මේ චිත්‍රපටයත්. මේ චිත්‍රපටය එලිදැකීමට වසරකට පමණ පෙර සිදුවූ Ghibli Studios සම නිර්මාතෘ හයාඕ මියසාකි මහතාගේ විශ්‍රාමයාමත් සමග Ghibli Studios සමාගම චිත්‍රපට නිර්මාණයෙන් දිගු විවේකයක් ගනු ලැබුවා. කෙසේ හෝ සුභ ආරංචිය වන්නේ මේ වනවිට ඔහු 2020 වසර සඳහා නව චිත්‍රපටයක් වෙනුවෙන් නැවතත් Ghibli Studios හා එක්ව ඇති බවට ඇති ආරංචියයි. එම නැවත එක්වීමේ ආරම්භය වූවේ 2018 වසරේදී නිකුත්වූ Boro the Caterpillar කෙටි ඇනිමේ නිර්මාණයයි.

IMDB වෙතින් 7.7ක්, Rotten Tomatoes වෙතින් 91%ක්, ගූගල් පරිශීලක ප්‍රසාදය 97%ක් ලෙස ලබාගෙන ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජේම්ස් සිමෝන් හා හිරොමාසා යොනෙබයාෂිගෙන්. චිත්‍රපටය නිර්මාණ වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා ජොඈන් ජී. රොබින්සන්ගේ මේ නමින්ම යුත් නවකතාව ඇසුරින්. මේ චිත්‍රපටය ඔස්කා සම්මාන නිර්දේශයක් ඇතුළුව තවත් සම්මාන 4කට හිමිකම් කියූවක්.

කෘතියේ මුල් සංස්කරණයේ පිටකවරය

චිත්‍රපටයේ චරිත සඳහා තම හඬ දායකත්වය දක්වන්නේ සාරා ටකට්සුකි ( ඇනා සසාකි), කසුමි අරිමුරා (මාර්නි), නනාකෝ මට්සුෂිමා (යොරීකෝ සසාකි), හිතෝමි කුරෝකි ( හිසාකෝ), සුසුමු ටෙරජිමා ( ඔයිවා මහතා), ටෝෂි නෙගිෂි (ඔසාවා මහත්මිය), හානා සුගිසාකි ( සයාකා) ඇතුළු පිරිසක්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව දෙසට…

ඇනා සසාකි කියන්නෙ වයස අවුරුදු 12ක දැරියක්. ඇයගේ ඇදුම අසනීප තත්වය සුවවීම වස් ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නිර්දේශ කරනවා ඇයව යම් කාලයක්‍ය පිරිසිදු වාතය ඇති ගම්බද පෙදෙසක පදිංචියට යවන ලෙස. එම නිසා ඇයගේ මව ( ඇනා ඇයව හඳුන්වන්නෙ එහෙම නෙමෙයි) විසින් ඇයව ඇගේ ඥාතී නිවසක පදිංචියට යවනවා. ඒ සුන්දර ගම්පලාතේදී ඇයගේ අරමුණක් නැති, හුදෙකලා ජීවිතයට නව ආලෝකයක් ලැබෙනවා ඇයට හමුවන යම් ආකාරයක අද්භූත යෙහෙලියක් නිසා…එතනින් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයක උපසිරැසි සමගින්…

ජපන් භාෂා BLURAY පිටපත්වලට උපසිරැසිය ගැලපේ.

Available Torrents
720p bluray 944.24 MB
1080p bluray 1.89 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    එකම දවසෙ සබ් දෙකක් 👊👊.. බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍..
    ජය වේවා.!

  • Madusha Unregistered
    Windows 10 Opera 66

    නියමයි.බොහොම ස්තූතියි.සහෝ පුලුවන් වෙලාවක මේ දෙකටත් සබ් දෙන්න.Ninja Scroll (1993),Wicked City (1987).පැරණි උනාට ජනප්රිය ඇනිමේ දෙකක්.ජය වේවා! anime torrent site:nyaa.si

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search