Young Sheldon (2017) [S01 : E01] Sinhala Subtitle
Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan
Young Sheldon කියන්නෙ, 2017 නොවැම්බර් 25 CBS නාලිකාවෙන් එලියට ආව Comedy ගනයට අයත් අපූරු කතාමාලාවක්. Big Bang Theory කතාමාලාව බලන කෙනෙක්ට අමතක නොවෙන Sheldon නැමැති චරිතයේ, ළමා කාලය තමා අපිට මේ කතාමාලාව තුලින් දකින්න හැකි වෙන්නෙ. මේකෙදි අවුරුදු 9ක් වෙච්ච පුංචි මොලකාර Sheldon එයාගෙ පවුලෙ අයත් එක්ක නැගෙනහිර ටෙක්සාස් වල ගතකරන විදිහ, ඔහුගේ ජීවිතයේ විශේෂ සිදුවීම් අපූර්ව ලෙස ගලායන ආකාරය අපිට මෙම කතාමාලාවෙන් දැකගන්න පුලුවන්.
අවුරුදු 9 යෙදිම Sheldonට පුලුවන් වෙනව අවුරුදු 14වුන තමන්ගෙ අයියගෙ පන්තියට පැනගන්න. මොකද Sheldon කියන්නෙ ඉතාමත් බුද්දිමත් චරිතයක්. නමුත් තවමත් ළාබාල වයසෙ පසුවෙන Sheldonගෙ මෙම බුද්දිය සහ ඔහුගේ අනවශ්‍ය සිතීම් නිසාම ඔහුට වෙන අකරතැබ්බ, ඔහු නිසා වෙන අයට වන අපහසුතා හාස්‍ය රසයෙන් ඔබ්බට ගොස් පෙන්වන්න මෙම කතාමාලාව සමත් වෙලා තියෙනව.
මෙහි ප්‍රාදාන චරිතය රගපාන්නෙ ළමා නලුවකු වන Iain Armitage. ඒ වගේම ඔහුගේ කරදරකාර නිවුන් සහෝදරිය ලෙස Raegan Revordද, අයියාගේ චරිතය Montana Jordan ද රග දක්වනවා. දැඩි ආගමික බවකට නැබුරු වුනු Sheldon ගේ සෙවනැල්ල මෙන් සිටි Sheldonගේ මව වන Marry Cooper ගේ චරිතය Zoe Perry විසින්ද, පාසැලේ Football පුහුණු කරුවකු ලෙස වැඩ කරමින් පවුලේ බර කරට ගත් Sheldon ගේ පියා වන Gorge Cooper ලෙස Lance Barber ද තම දායකත්වය සපයනවා. එසේම අමතක නොකල හැකි පව්ලේ හොර වැඩ මෙන්ම පවුලේ සමගි සමාදනම් කටයුතු සදහාද නොමසුරුව දායක වන ආච්චිඅම්මා හෙවත් “මීමා”ගේ චරිතය ප්‍රකට සම්මාන ලාබී නිලියක් වන Annie Potts විසින් ඉටු කරනවා.
කතාමාලාවේ පලමු වැන්න වන “Pilot” හෙවත්” මගපෙන්වන්නමන්”ලෙස අද දිග හැරෙන මෙම කොටසෙන් Sheldon ගේ උසස් පාසලේ පලමු දවස මූලික කොට දිගහැරෙනව. කොතරම් බුද්දිමත් වුනත් පුංචි බට්ටෙක් වෙච්ච Sheldon ට උසස පාසැලේ පලමු දවස කොහොම වෙයිද…
thankss sub ekata digatama demu
machan meke digatama sub eka karanwada ubala? digatama denawanam supiri… jaya wewa !!!
Aniwa digatama karanawa
Season 1 episode 6 passe sub nane
Thank bokka
ado patta bn mama oka baluwa bagayak aye balanawa digatama damu jaya wewa,,,,
ජයවේවා කොල්ලෝ දිගටම කරමු
අලුත් කතාවක්..ෆට්ට kකතාවක්..බ්හෝම් ස්තූත්යි සහොදරය අප වෙනුවෙන් මේ කරන සේවයට…කතාව මග නතර නොකර කරම්මූ…..
Sub එකට තැන්ක්ස් බ්‍රෝ. ඩිගටම සබ් ටික දෙන්න ඕනෑ
Asawen balanna hitapu series ekak. Thank you very much. good luck
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Thank you so much for the sub <3
Elzzzz patta series ekakne digatama sub Denna ☺☺☺
thanks bokka
Thanks …………..good luck ……………….