Conspiracy Of Faith (2016) Sinhala Subtitle
මම කලින් වතාවක දීපු Keeper of the lost causes (2013) කියන ඩෙන්මාර්ක චිත්‍රපටය මතක ඇතිනෙ කට්ටියට. ඔන්න මේ වතාවෙ අරගෙන එන්නෙ චිත්‍රපට තුනකින් සමන්විත ඒ චිත්‍රපට මාලාවෙ තුන්වැන්න. හිතාහිටියෙ මේකෙ දෙවෙනි චිත්‍රපටයෙ සබ් දෙන්න වුනත් ඒකෙ හරියාකාර ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුනා. කට්ටිය පළවෙනි එක බලල තියන නිසාත්, කතා එකකට එකක් සම්බන්ධ නැති නිසාත් ( හැබැයි බලල තියනම් ලේසියි) තුන්වෙනි එකට සබ් දෙන්න හිතුවා. ( දෙවෙනි එකත් දෙන්නම්)
චිත්‍රපටය ගැන කිව්වොත් කලින් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරපු mikkel nogaard නෙමෙයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ, මේකෙ අධ්‍යක්ෂණය Hans petter molland ගෙන්. රංගන ශිල්පීන් ගැන කිව්වොත් සුපුරුදු විදියට නාහෙට නාහන කාල් මාක් ලෙස Nicolaj lie kaas සහ අසාද් ලෙස Fares- fares ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ දෙන්නගෙ Q අංශයට මේ වතාවෙ රෝස් නම් ගැහැණු ළමයෙකුත් එකතුවෙලා තියනවා. Imdb අගය 7.0 විදියට සටහන් කරගත්තු මේ චිත්‍රපටයට සම්මාන දෙකකුත් හිමිවෙලා තියනවා. ඒ ඇති දැන් යමු කතාව පැත්තට….
මේ දවස්වල Q අංශයට කරන්න කියල කිසිම වැඩක් නෑ , ඒ හින්දා කට්ටිය ඉන්නෙම කම්මැලිකමෙන්. නාහෙට නාහන කාල් තරහෙන් ඇවිද ඇවිද ඉන්න හින්දම පොලිස් ප්‍රධානී ජේකොබ්සන් කාල්ව නිවාඩු යවල තියෙන්නෙ. අසාද් සහ රෝස් දෙන්නත් කම්මැළිකමෙන් ඉන්න අතරෙ Q අංශයට ලැබෙනව අමුතු තාලෙ වැඩක්, ඒ කිව්වෙ මුහුදෙ පාවි පාවි තිබිච්ච බෝතලයක දාල තිබුණ පණිවිඩයක්. කාලයක් මුහුදු වතුරෙ තිබිලම පණිවිඩේ අපැහැදිලියි. ඒ ගැන හොයාබලද්දි දැනගන්න ලැබෙනවා මේක ළමා පැහැරගැනීමක් සම්බන්ධ එකක් කියල…. ඇති ඇති ලිව්ව ඇති..නැත්තං කට්ටියට බලන්න දෙයක් නැති වෙනවා. කවුද පණිවිඩේ එව්වේ? ඇයි ඒක වතුරට දැම්මෙ?ළමයින්ව පැහැරගන්නේ කවුද? මේ ප්‍රශ්ණ සේරටම උත්තර හම්බවේවි චිත්‍රපටය බැලුවම…
supiri machan.puluwannnam 2wani ekatath sab dapan.
elama machan.
jayen jayama wewa.
බොහොම ස්තූතියි සහෝ