ආයුබෝවන්. අද ගෙන එන්නෙ සුපිරි තෙළිඟු චිත්‍රපටියක උපසිරැසියක් ගෙන එනවා. ශිව නිර්වාන විසින් අධ්‍යක්ශණය කරපු action thriller ශානරයට අයත් චිත්‍රපටියක්. ඉතා දරුණු ඝනයේ බිහිසුණු සටන් දර්ශන රැසක් මේකෙ ඇතුලත් කරල තියෙනවා. පෝස්ටරයෙ පොඩි දරුවෙක් හිටියට ඇත්තටම පොසි ළමයින්ට නම් ඒ දර්ශන අනුමත කරන්න බෑ. ඒත් ඉතිං ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතිං මේක බොක්ස් ඔෆිස් බ්ලොක් බස්ටර් එකක් හැටියට හඳුන්වන්න පුළුවන් විශාල ප්‍රතිචාර සහිත චිත්‍රපටයක්. කෝටි 40ක බජට් එකකින් කෝටි 250ක ආදායමක් ලබා ගන්න මේ චිත්‍රපටයට පුළුවන් උනා.
මේකෙ ප්‍රධාන චරිතය රවී තේජා කරන නිසාම මේ චිත්‍රපටය හිට් වෙන්න ඇති. ප්‍රියා භාවනා ශන්කර්, සායි කුමාර්, අජේ ගෝශ්, සහ ළමා නිළි නක්ශස්ත්රා මෙහි චරිත මවනවා.
කතාව ගැන ටිකක් කිව්වොත්, ත්රිණාද් රාමා කාසු (Trinadh Rama Kasu) කියන්නේ කෙසෙල් ගොවියෙක් වගේම වෙළෙන්දෙක්. එයා ජීවත් වෙන්නේ එයාගේ බිරිඳ කාවේරි සහ පාසල් යන දුව මනිකන්තා (හෙවත් මනියම්මා) එක්කයි. ත්රිණාද් තමන්ගේ දුවට හැමතිස්සෙම කියන්නේ ගමේදි හරි ඉස්කෝලෙදි හරි වෙන ඕනෙම ප්‍රශ්නයක් ගැන විවෘතව කතා කරන්න කියලයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට හිරිහැර කරන අයට එයා නිතරම ගහගන්න යනවා. හැබැයි එයාගේ තියෙන බේබදුකමයි, ඉක්මනට කේන්ති යන එකයි නිසා එයාගේ පවුලේ අය වගේම එයාගේ යාළුවා සහ ගුරුතුමා වෙන “ගුරුස්වාමි” ගෝපාරාජු එක්කත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා.
මේ අතරේ ගමේ පාසල් යන ගෑනු ළමයි කීපදෙනෙක්ම අභිරහස් විදිහට මැරෙන්න ගන්නවා. ගොඩක් අය හිතන්නේ මේවා පවුල් ප්‍රශ්න, ආදර සම්බන්ධතා හරි අධ්‍යාපන පීඩනය හරි නිසා කරගන්න සියදිවි නසාගැනීම් කියලයි. ගමේ උසස් අධ්‍යාපන පහසුකම් නැති නිසා මේ ළමයින්ට ගමෙන් පිට ඉස්කෝල වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට කතාව කොයි පැත්තට යයිද කියලා බලන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා