Trending

Varavu (2026) Sinhala Subtitle

31 Views

ඔන්න අද අපි කතා කරන්න යන්නේ 2026 අවුරුද්දේ තිරගත වුණු අලුත්ම මලයාලම් චිත්‍රපටියක් ගැන. මේ චිත්‍රපටියේ නම තමයි Varavu (වරවු).

මේක Action Thriller (ක්‍රියාදාම සහ ත්‍රාසජනක) ගණයට අයිති වෙන සුපිරි ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශාජි කයිලාස් (Shaji Kailas) විසින්. ඒ වගේම නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ නයසි රෙජි (Naisy Reji) විසින්.

කඳුකර ගමක ලස්සනට ජීවත් උන පවුලක්. සහෝදරයො තුනයි, සහෝදරීයි. අම්ම තාත්ත නෑ. ඒත් යම් සිද්ධියක් නිසා ඒ පවුල සී සී කඩ විසිරෙනවා. පවුලේ තාත්තා වගේ හිටපු වැඩිමලා නොකරපු මිනී මැරුමකට ජීවිතාන්තය දක්වා හිරේ යනවා. ඊළඟ සොහොයුරා අතුරුදහන්. තුන් වැන්න ගැන නොකිය ඉම්මු. සහෝදරී නතර වෙන්නෙ කන්‍යා රාමෙක. අවුරුදු හතරක් ගත වෙනවා. වැඩිමලා පැරෝල් එකකින් දින දහයකට ආපහු ගමට එනවා. පැරෝල් එකක් කියන්නේ සිර ගෙදර යහපත් කල් ක්‍රියාවෙන් ගත කරපු කෙනෙකුට නිශ්චිත දින කීපයක් සඳහා අයැදුම් කර ලබා ගත හැකි සහන නිදහස් කාල සීමාවක්. ඒ කාලය හොඳින් ගත කරලා ආපසු සිර ගෙදරට යන්න පුළුවන්.ඉතිං පෝල් ඒ කියන්නෙ වැඩිමලා ඒ වගේ ආපහු එන්නෙ දින දහයක් හොඳින් ගත කරල යන්නද? කොහොම උනත් ඔහු එන හේතුව ගැන සැකයෙන් බලන පිරිසකුත් ඉන්නවා ඔවුන් නිකම් ඉඳීද? ඒ අතරෙ මෙන්න අතුරුදහන් උන සහෝදරයත් මතු වෙනවා. දැන් ගිණි කෙළි බලා ගන්න නම් මේක බලන්න වෙනවා. පෝල් සාමකාමීව පැරෝල් එක අවසන් කරල ආපසු යයිද?

තවත් කියන්න යන්නේ නෑ ඉතින් තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු

nuwan Asela
nuwan Asela Translator
7 Movies
0 TV Series
7 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි ඇතුලත් කල විඩියෝ පිටපත්

1 quality options

Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search