හොඳයි එහෙමනම් මේ ගේන්නේ අළුත්ම අළුත් කතා මාලාවකට. හැබැයි හින්දි එකක්. ඉතින් හින්දි වැඩකට අතගහන පළවෙනි අවස්ථාව මේක. ඒ වගේම මේ කතාවට මායි මිහිර අයියයි එකතු වෙලා තමා ඔයාලට උපසිරැසි අරන් එන්නේ. ඉතින් අපි පුලුවන් ඉක්මනින්ම කතාව ඔයාලට අරන් එන්න උත්සහ කරනවා.
අපි එහෙනම් කතාමාලාව දිහාවට හැරෙමුකෝ. ඔන්න එහෙමනම් මුලින්ම කියන්නම් මේකට ලැබිලා තියෙනවා IMDB අගය 8.0ක් මේ වෙනකොට. කතාව බලනවද නැද්ද කියලා ඔයාලට ඒකෙන් තීරණයක එන්න පුලුවන් වෙයි. නැත්නම් ට්‍රේලර් එකත් බලලම ඉන්න. මේක Crime Drama Thriller කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ Ram Madhvani සහ Sandeep Modi. Ram Madhvani කියන්නේ කවුද කියලා දන්නව ඔයාලා Neerjaa බලලා තියෙනවනම්. ඒකේ අධ්‍යක්ෂකවරයා තමා මේ. මේක Penoza කියන නෙදර්ලන්ත කතාවේ remake එකක්. ඒත් ඉතින් කවුරුත් ඒක බලලා නැතිව ඇතිනේ. ඒ කතාවේ අධ්‍යක්ෂකවරයා Pieter Bart Korthuis. Hotstar එකෙන් තමා නිෂ්පාදනය මෙන්ම විකාශන අයිතියත් සිදු කරන්නේ. ඉතින් මේ කතාවට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
කතාව තුළ චරිත අපිට අළුත් උනාට එයාලා රඟපාන කොටනම් එහෙම නෑ කියලා කතාව බැලුවම පේනවා. ඒත් මේක ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් හොඳට දන්න කියන Sushmita Sen. ඒ තමා Main Hoon Na ෆිල්ම් එකේ ටීචර්.
ආර්යා සරීන් සහ තේජ් සරීන් කියන පවුල වටා කතාව ගෙතෙනවා. රාජස්ථාන් වල ලොකු පරම්පරාවක් තමා ආර්යාගේ පවුල. ලොකු කියන්නේ පාතාලේ එහෙම. ආර්යගේ මහත්තයත් ඖෂධ ව්‍යාපාරයක් කරන්නේ. ඖෂධ කිව්වට නීතිවිරෝධිව අබිං එහෙම ප්‍රවාහනය කරන එකයි කරන්නේ. ඒ වගේම මේ ව්‍යාපාරය තේජ් සරීන්, ආර්යාගේ මල්ලි සංග්‍රම්, ජවාර් කියන තුන්දෙනාම එකතු වෙලා කරන වැඩක්. හැබැයි මෙතනින් සංග්‍රම් අබිං වලින් ඉස්සරහට ගිහින් හෙරොයින් බිස්නස් කරන්න පටන් ගන්නයි යන්නේ. මේකට ජවාර් උනත් කැමතියි. හැබැයි මේකට තේජ් සරීන් කැමති නෑ. මිනිහට මේ ඔක්කොම නවත්තලා ආර්යත් එක්ක කොහෙටහරි යන්න. ඉතින් යන්න හම්බෙයිද? කතාව අවසානයේදී නොසිතන දෙයක් වෙන්නේ.
මේකේ මූලාරම්භය ටිකක් Gangs of London එකත් වගේ. මන් අදහස් කරේ ස්ටෝරිය ගැන. ඒත් කොහොම වෙයිද දන්නේ නෑ. ඉස්සරහට බලමු…..
aluth kathawak wage. good luck digatama sub demu.:star_struck: sub ekata thanx.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Ela ela ithuru kotas tikath ikmanata denna
thank you .aluth wadak karata..