Genius (2017) [S01 : E07] Sinhala Subtitle
ඔන්න එහෙනම්. ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාවත් ගෙනාවා.
කතාව එන්න එන්නම තීරණාත්මක වගේම සංවේදීත් වෙනවා. මොකද මේ හැමදෙයක්ම වෙන්නේ යුද්ධ කාලයකදී නිසා.
කලින් කතාවේ මොකද වුනේ??
කොහොමහරි අයින්ස්ටයින්ගේ බලාපොරොත්තුව සූර්යග්‍රහණයේ පින්තූර අරගන්න එක. ඇකඩමිය කැමැති කරවගෙන ඒකට යන මුදල හොයාගන්න හැදුවත් පොඩි මුදලක් හම්බෙන්නේ. ඒ හින්දා අයින්ස්ටයින් ඇකඩමියට අරමුදල් දෙන මිනිහගෙන්ම සල්ලි ඉල්ලගන්නවා.
එල්සා තමා ඇත්තටම ඒ වැඩේ කරලා දෙන්නේ. ඒ අස්සේ එල්සා කොන්දේසියක් දානවනේ. සම්බන්ධය දිගටම තියාගන්න නම් මිලේවාගෙන් දික්කසාද වෙන්න කියලා. කොහොම හරි මිලේවාටත් ආරංචි වෙනවනේ අයින්ස්ටයින්ගේ හොර සම්බන්ධය. දැක්කනේ කවුද කේලම කිව්වේ, ඇයි එහෙම කිව්වේ කියලා. ඒකේ තරහට මිලේවාත් හොරින් සම්බන්ධයක් පටන් ගන්න හදන්නේ. ඒත් ඒකට එයාට හිත දෙන්නේ නෑ. අයින්ස්ටයින් දික්කසාදය ඉල්ලුවට හම්බෙන්නේ නෑනේ. ඒහින්දා කොන්දේසි දාලා මිලේවාට එපා කරවන්න ගේමක් ගහනවා. ඒකත් අසාර්ථකයි. ඒවගේම මීලේවගේ අභිරහස් පෙම්වතා ගාව අයින්ස්ටයින්ට වැදගත් පණිවිඩයක් තියෙනවා.මිලේවා කියන්න හැදුවට කියන්න දෙන්නේ නෑ. කොහොම හරි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඔප්පු කරන්න තිබ්බ එකම අවස්ථාව නැති වෙලා යනවා. අර කයිසර් යුද්ධ ප්‍රකාශ කරපු නිසා. තව ටිකෙන් ෆ්‍රොන්ඩ්ලිච්ව බේරගන්නත් බැරි වෙනවා. හැබැයි ඒක වුනේ හොඳට කියලා මිලේවා විස්තරේ කියනවා. ඉවසල ඉවසලා බැරිම තැන මිලේවා අයින්ස්ටයින්ගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. හැබැයි අයින්ස්ටයින් හිතුව විදියට නෙමේ. ලොකු කැපකිරීමක් කරන්න වෙන්නේ.
අද කතාවේ දැන් අයින්ස්ටයින්ගේ න්‍යාය වැරදි. ඒක හරිගස්සගන්න කරන දේවල් දකින්න පුළුවන්. සාපේක්ෂතාවාදය කියන්නේ අයින්ස්ටයින්ගේ හොඳම අදහස. ඒක සම්පූර්ණ කරගන්න තමා හැමදෙයක්ම. ඒවගේම ලෙනාර්ඩ්- අයින්ස්ටයින් වලියත් සැරටම වෙනවා. ඒත් අද කතාවේ මටනම් කතා නායකයා ෆ්‍රිට්ස් හේබර්. එයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක් ද කියලා හිතාගන්න බෑ. ඉතිහාසයේ යුද්ධ කාලේ වෙච්ච භායනකම සිද්ධියක් අද කතාවේ ඇතුළත්.
එහෙනම් බලලා ගුණ දොස් කියලා යන්න කියලා ඉල්ලනවා.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තැන්ක්ස් මචං සබ් එකට. මාරම ආස සිරියස් එකකට සබ් දෙනවට.
Grate Work Bro… No words to say it..
patta mekadunnada thanks
Thanks Machan <3