Genius (2017) [S01 : E01] Sinhala Subtitle
ටික කාලයකට පස්සේ තමා ආපහු උපසිරැසියක් මේ අරන් එන්නේ.
ඉතින් කෙලින්ම කතාව දිහාවට යමුකෝ.
Genius කතා මාලාව නිෂ්පාදනය කරන්නේ National Geographic එකෙන්. ඉතින් මේක චරිතාපදාන කතා මාලාවක්. හැබැයි අර documentary වගේ එකක් නෙවේ. IMDB අගය 8.4ක්. ආයේ ඉතින් කතා මාලාව මන් හොඳද නරකද කියලා කියන්න අවශ්‍ය නෑනේ. මේක 2017 පටන් ගත්තු කතාවක්. මේකේ පළවෙනි සීසන් එක ඇල්බට් අයින්ස්ටයින් ගැනත් දෙවනි සීසන් එක පැබ්ලෝ පිකාසෝවත් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ.
ඉතින් අද ගේන කතාංගය අයින්ස්ටයින් ගැන. මේ කතාවේ විශේෂම දේ තමා මේක ඉන්න නළු නිළි කැල.
මෙතනිනුත් විශේෂයෙන් සදහන් කල යුතු චරිතය Geoffry Rush. නම කිව්වටත් දන්නේ නැත්නම් ඒ තමා pirates of the carribean එකේ captain barbosa. මොහු ඉතින් ඔස්කාර් සම්මානලාභීයෙක්.
මේ කතාංගය ගැන විස්තරයක් මන් ඊළඟ කතාංගය ගේද්දී කරන්නම්.
අයින්ස්ටයින් ගැන කතාව පදනම් වෙච්ච නිසා මේක බැලුවොත් අයින්ස්ටයින්ගේ විස්තරයන් සියල්ලම දැනගන්න පුළුවන්.
අයින්ස්ටයින් කියන චරිතේ විශේෂත්වය තමා බැරෑරුම් දේවල් විසදුවට සරල දේ බැරෑරුම්ව වත් විසදගන්න බැරි එක. ඒ කිව්වේ විශ්වය සම්බන්ධ කාරණා ගැන හිතුවට කමිසේ බොත්තම් තනියම දාගන්න බැරි චරිතයක්.
ඉතින් මේක බලන්න කියලා තමා කියන්න තියෙන්නේ. අධිබුද්ධියක් සහිත සියවසේ බුද්ධිමතාගේ මීට වඩා හොඳ චරිතාපදානයක් ඇති කියලා මම දන්න තරමට නම් නෑ.
සුපිරි කතාවක් වගේ අයිස්ටයින් ගැන නේද බලන්නම ඕනේ එහෙනම් ස්තුතියි උපසිරැසියට.. ලොකු වෙහෙසක් දරලා තියෙනවා කතාවට උපසිරැසි හදන්න බොහොම ස්තුතියි සහෝ ඊළග කොටසත් පුළුවන් ඉක්මනින් දෙමු ..
ස්තූතියි සහෝ අදහසට✌️✌️
බොහොම ස්තුතියි සහෝ
Thank you 😊
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
✌️✌️✌️✌️✌️
සබ් එකට බොහොම ස්තුතියි සහො….
🤝🤝🤝🤝🤝
උපසිරැසි වලට ස්තූතියි …..සුපිරි …..ඉතුරු ටිකත් ගේමු
අනිවා සහෝ✌️✌️✌️
නියමයි සහෝ.පට්ට කතාවකට සබ් කරන්න අරන් තියෙන්නේ.ඉතුරු කොටස් ටිකත් ඉක්මණට දෙමු.සබ් එකට තෑන්ක්ස්.ජය වේවා!
හරි සහෝ… ✌️✌️✌️✌️
Patta bn balam hitapu ekak sub hambawi kiyala hithuwena supiri
මේක මන් බලනකොටත් මුලින්ම හෙව්වෙ සබ් තියෙනවාද කියලා. නැති එක ගැන මාත් පුදුම උනා.. ඒහින්දම කරනවා කියලා හිතාගත්‍තා😁😁
අඩේ පට්ට. මම හොය හොයා හිටපු සබ් collection එක. මෙන්න මේ වට තමයි සබ් දෙන්න ඔන. තැන්කිච් මචං
මට වීඩියෝ එක ගන්න බෑනෙ
Video eka ganna baane?
dan balanna
link eka update kara
Thanks Machan <3