Genius (2017) [S01 : E06] Sinhala Subtitle
ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාංගයත් ගෙනාවා.
කලින් කොටසෙදී උන දේවල් මතක ඇතිනේ.
අයින්ස්ටයින්ගේ පුතා ගැන තමා මුලින්ම පෙන්නන්නේ. කොල්ලා මානසික රෝහල ඉන්නවා. පොඩි කාලේ වෙච්ච සිද්ධියක් නිසා ගින්දරට බයයි.
ඒ නිසාම පුතා අයින්ස්ටයින් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ. මොකද අයින්ස්ටයින් අසිහියෙන් ඉද්දී අත් වැරැද්දක් නිසා ගේ ගිනිගත්තා කියලා හිතන්නේ. ඒත් ඇත්තම සිද්ධිය ඔයාලා දකින්න ඇතිනේ.
අනෙක් පැත්තෙන් අයින්ස්ටයින් දැන් මහාචාර්යවරයෙක්. දැක්කනේ උගන්නද්දී ළමයිට තේරෙන විදිය.
ඒ වගේම අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය හොයාගෙන පොරක් වෙලා ඉන්නේ. මහාචාර්යවරු අමතන්න සමුළුවකටත් එන්න කියනවා. හැබැයි ඒක තාම අසම්පූර්ණයි. ත්වරණය වෙනකොට සාපේක්ෂතාවාදය බලපෑම කියාගන්න බැරි වෙච්ච එකට. ඒ හින්දම සමුළුවේදී අයින්ස්ටයින්ගේ කපටි මොලේ පාවිච්චි කරලා වෙන මාතෘකාවක් ගැන කියනවා.
ඒවගේම ඒ සමුළුවට එන අතරමග අයින්ස්ටයින්ට අකරතැබ්බයක් වෙනවා. අන්න ඒකෙන් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ අඩුපාඩුව පිරෙන්න අඩිතාලම වැටෙනවා.
ඒවගේම ප්‍රාග් වලින් අයින්ස්ටයින් ඉල්ලුමක් එනවා. උගන්නන්න නැතිව මහාචාර්යකම කරන්න පුලුවන් නිසා කැමැත්තෙන්ම යනවා. ඒත් එහේ මොලේ ඇති උන් අඩු නිසා ආපහු අයින්ස්ටයින් හිටපු තැනටම එනවා.
ඔය ඔක්කොම අස්සේ අයින්ස්ටයින් මිලේවා අතර ප්‍රශ්නත් වැඩි වෙනවා.
ඒ වගේම මාරි කියුරිගේ ආගමනය. මිනිස්සු එයාට කැමැති නෑ. කවුරුත් කතා කරන්නේ කියුරි එක්ක. ඇයි කියලා දකින්න ඇතිනේ. හැබැයි අයින්ස්ටයින්ගේ හොඳ යාළුවෙක් වෙනවා. නැත්නම් උපදේශකයෙක් කියන්නත් පුලුවන්.
ඒ අස්සෙන් අයින්ස්ටයින්ට තාරකා විද්‍යාඥයෙක්වත් ඕන වෙනවා. පරීක්ෂණයක් ඔප්පු කරන්න.
ඔන්න ඔය අස්සේ කොහොම හරි එල්සාව මුන ගැහෙනවා. බලනකොට එල්සා කියන්නේ අයින්ස්ටයින්ගේ මාමා කෙනෙක්ගේ දුවෙක්. ඒ දෙන්නා අතරෙත් හුටපටයක් පටන් ගන්න වගේ යන්නේ.
ඒවගේම මැක්ස් ප්ලාන්ක් ප්‍රශියන් ඇකඩමියට එන්න කියලා ආරාධනාවකුත් අරන් එනවා.
කවදාවත් ජර්මනියට යන්නේ නෑ කිව්ව මිනිහා ආපහු යන්න හිත හදාගන්නවා.
අද කතාවේ අයින්ස්ටයින්ට තීරණාත්මක වෙනවා. අර තාරකා විද්‍යාඥයා හරහා කරන්න හදන පර්යේෂණය සාර්ථක උනොත් නොබෙල් තෑග්ග අතේ. ඒ වගේමයි පවුලෙත් තීරණාත්මක දෙයක් වෙනවා.
එහෙනම් බලන්න අවසරයි.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
sub ekata thanks saho
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
Thanks. Superb TV Series
thankss ubata bn
Thanks Machan <3