ඔන්න අදත් අරන් ආවා ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ කතාංගයක්. දැන්නම් මේක අවසන් වෙන්නත් ළඟයි. තව කතාංග 2යි තියෙන්නේ.
කලින් කතාවේ මොකද වුනේ??
ඒ කතාංගය මටනම් හිතෙන්නේ ෆ්‍රිට්ස් හේබර්ට වෙන්වුනා කියලා. ලෝකය සාගතයෙන් මැරෙන්න ගිය වෙලාවක පොහොර හදන්න නයිට්‍රජන් ඕන නිසා ඒකට ක්‍රමයක් හොයාගත්තු මිනිහෙක්. අනික් අතට මිනිස්සු සමූහයක් මරන්න වායුවක් නිපදවූ මිනිහෙක්. කරපු හොඳ වැඩ වලින් නරක වැඩ මැකෙයිද? උත්තරේ අයින්ස්ටයින් දුන්නනේ. ඕකේ අවසන් ප්‍රතිඵලය දැක්කනේ. බිරිඳ වෙඩි තියාගෙන මැරෙන්නේ. ප්‍රශියන් ඇකඩමිය කස්ටියට ආයුධ හදන්න ආරාධනා කරනවා. ඒත් අයින්ස්ටයින් කැමැති වෙන්නේ නෑනේ. අයින්ස්ටයින්ගෙන් වෙන් වීමට පස්සේ මිලේවාත් අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒ වගේම මිලේවා සෑහෙන්න රෝගාතුර වෙලා කියලත් දකින්න ඇති. මේ හැමදේටම උදව් කරන්නේ අයින්ස්ටයින්ගේ යාළුවා බෙසෝ. ඒවගේම අයින්ස්ටයින්ට කලින් හාදයෙක් සාපේක්ෂතාවාදයේ අන්තිම පේළියේ සමීකරණය විසදනවා. ඒකෙන් අයින්ස්ටයින්ට මාර විදියට අවුල් යනවා. වාසනාවකට ඒ හාදයත් ඒක හදද්දී වැරැද්දක් කරලා. අන්තිමේදී අයින්ස්ටයින්ගේ ලොකුම හීනයක් සැබෑ වෙනවා. සාපේක්ෂතාවාදයේ එඩිංග්ටන් කියලා හාදයෙක් ෆොටෝ අරන් ඔප්පු කරනවා. ඒකෙන් නොබෙල් තෑග්ග හම්බෙන්න යන්නේ. හැබැයි ඒ වැඩේ ලෙනාර්ඩ් ගස්සලා දානවා. නොබෙල් තෑග්ග හම්බුනා නම් ඒක එහෙම්ම මිලේවට දෙනවා දික්කසාද වන්දිය විදියට. ඇත්තටම අයින්ස්ටයින්ගේ නොබෙල් තෑග්ගට උනේ ඒක. ඒවගේම ලෙනාර්ඩ් අයින්ස්ටයින් ප්‍රසිද්ධ යුද්ධය පටන් අරන් තියෙන්නේ කියලත් පේනවා. ලෙනාර්ඩ් සහය ගන්න හිට්ලර්ගේ පක්ෂයටත් බැදෙනවා. එහෙනම් අද කතාව එතැන් සිට…. නරඹලා අදහසක් දක්වලා යන්න. ️️️️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Thanks bro sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
අඩේ පුලුවන්නම් american genius එකෙ job gate එපිය විතරක් හරි දියං
Thanks Machan <3