The Magicians [S02 : E13] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK සහ The Magicians රසිකයන් හැම කෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවන සීසන් එකේ අවසානය එහෙමත් නැත්නම් 13වෙනි කොටස.මේ කොටස නම් වෙන්නෙ We Have Brought You Little Cakes (අපි ඔබට කුඩා කේක් ගෙන ආවෙමු) කියලයි.විකාශය වූ දිනය 2017 අප්‍රේල් 19 .වෙනද වගේම මම අද කොටස ගැන කතාකරන්නෙ නෑ.ගිය කොටස ගැන ටිකක් මතක් කරල ඉන්නම්…
මායාකොව්ස්කිගෙ උදවුවෙන් ඇලිස්ව ආපහු මේ ලොකෙට ගේන්න ක්වින්ටන් සමත්වුණා.හැබැයි ඇය දැන් ක්වින්ටන් එක්ක තරහෙන් ඉන්නෙ එයාව ආපහු මේ ලෝකෙට ගෙනාවට.ජූලියා සහ කේඩිත් තමන්ගේ එකම අරමුණ වුණ රෙනාඩ්ව මරාදැමීමේ ඉලක්කය අසලටම කිට්ටු වුනා.ඒ ගේන්ගේ බලය එක්කර තනාගත් උණ්ඩයකින් රෙනාඩ්ගේ ජීවිතය අවසන් කර දැමීමට තීරණය කිරීමෙන්.නමුත් අවසානයේ දේව මෑණියන් කල ඉල්ලීමකට අනුව ජූලියා රෙනාඩ්ට යන්න දෙනවා.කේඩි කේන්තියෙන් යන්න යනවා.ඔය අතරෙ ෆිලොරියෙන් පිටුවහල් කල එලියට් නැවතත් ෆිලොරියට යන්න ක්‍රමයක් හොයනවා.ඇයි දැන් බොත්තමත් නෑනෙ.මොකද ක්වින්ටන් ඒක මළවුන්ගේ ලෝකෙ දොරටුපාලයා (මකරා) ට දුන්නනෙ.එතනදි ක්වින්ටන් එලියට්ට කියනවා තමන් යේල් සරසවියේ සම්මුඛ පරීක්ෂණයට ගියදා (පළමු සීසන් එකේ) එහිදී තමන්ට චැට්වින් චැට්වින් සහෝදරයින්ගේ ඔරලෝසුව වැනි එකක් දකින්නට ලැබුණ බව.ඔරලෝසුව හරහාත් ෆිලොරියට යන්න පුළුවන් බව ඕගොල්ලො දන්නවනෙ.කොහොමහරි මේ දෙන්න ඔරලෝසුව තියන තැන හොයාගත්තත් එතනදි ඔවුන්ට තවත් කෙනෙක් හමුවුණා ඒ තමයි එම්බර් දෙවියන්ගේ සොහොයුරා අම්බර්ව.අම්බර් මියගිහින් නෑ ඔහු මාටින් හා එකඟතාවයකට ඇවිත් ජීවිතය බේරගෙනයි ඉඳල තියෙන්නෙ.කොහොමහරි අම්බර්ගෙන් ඔරලෝසුව ඉල්ලගත්තත් ඔහු කියන්නේ ෆිලොරිය අත්හැර දමන්න කියලයි.ඔය අතරෙ පෙනී සිල්වියත් එක්කම විෂ කාමරයට යනවා අර පොත හොයන්න නමත් එය කෙලවර වෙන්නෙ පෙනීට සහ සිල්වියාට විෂ ආඝාණය වීමෙන් සිල්වියා මිය යනවා.පෙනී කොහොමහරි ආපහු පෘතුවියට එනවා…
ෆිලොරියේ තත්වෙත් වෙනද වගේමයි හොඳක් ඇත්තෙම නෑ.මහ රජු සහ රැජිණ දෙන්නම දැන් ෆිලොරියේ නැති නිසා ජොෂ් නිරායාසයෙන්ම මහරජතුමා බවට පත්වෙනවා.ලයන් කිංගෙ “වද වෙන්න දෙයක් නෑ” කියන ආදර්ශ පාඨෙට අනුව ජොෂ් රජකම පටන්ගන්නෙම දුමකින්.හැබැයි රජසැප වැඩිවෙලා විඳින්න වෙන්නෙ නෑ ජොෂ්ට.ඒ මාර්ගෝ ඇවිත් තමන්ව සුරඟණ රාජධානියෙන් ගෙන්නගන්න කියල කියපු නිසා.ඒ අතරෙ ලෝරියාවෙ එස් කුමාරය එනව තමන්ගෙ පියා ඉඩ්රිව සොයමින්.ඔහු මාලිගාව අත්පත් කරගන්නවා.ජොෂ් සුරඟන රාජධානිය බලා පිටත් වෙනවා ෆෙන්ව සහ මාර්ගෝව එක්ක එන්න.ඔන්න ඔහොමයි ගිය කොටස අවසන් වුණේ.අද එතැන් සිට.එහෙනම් මේ සීසන් එකේ අවසන් කොටස නරඹන්න කියල ආරාධනා කරනවා හැමෝටම…
ඒ වගේම අපේ ඇඩ්මින්වරුන් මේ කතාව මා හට බාරදෙමින් දැක්වූ විශ්වාසයට මම සාධාරණයක් කලා කියල මං හිතනවා.තව මේ දක්වා කතාව හා එක්වුණ හැමෝටමත් ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටමත් බොහොම ස්තූතියි.මේ කතා මාලාවෙ තෙවෙනි සීසන් එක විකාශය වෙන්න නියමිත ලබන වසරේ.කොහොමවුණත් කතාමාලාවට ලොකු ඉල්ලුමක් නැති නිසා තුන්වෙනි සීසන් එකට උපසිරැසි කරන්න ලොකු බලාපොරොත්තුවක් නෑ.ඇඩ්මින් මඩුල්ල ඉල්ලීමක් කලොත් හෝ ප්‍රේක්ශකයින්ගෙන් සැලකියයුතු ඉල්ලීමක් ලැබුණොත් පමණක් තුන්වෙනි කතාමාලාවට උපසිරැසි කිරීමටයි බලාපොරොත්තුව…එහෙනම් මම ගිහින් එන්නම් ආයිත් දවසක හමුවෙමු!!!
Spoiler Warning : Quentin, Eliot, Julia and Margo enact a risky plan to protect Fillory; Penny questions fate, and Kady makes a deal to help him…
දෙවනි සමයටත් වේගයෙන් උපසිරැසි දීලා නිමා කරලා.අනිවාර්යෙන්ම සහෝ කතා මාලාවට සාදාරණයක් ඉටු කරලා තියෙනවා…
ඒ වගේම මටත් තේරුණ දෙයක් තමා මේ කතා මාලාවට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එන්න එන්නම අඩු වීම.ඒකට හේතුව මටත් හිතාගන්න බෑ.ඩවුන්ලෝඩ් ප්‍රමාණයත් තරමක් දුරට පැවතුනේ.මටත් හිතෙන විදිහට නම් තෙවැනි සමයට උපසිරැසි කරන අපරාදයක් වගේ.ඒක ඉතින් හසිත සහෝගේ තීරණයක්…දිගින් දිගටම මේ විදිහට උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…ජය වේවා!!!
බොහොමත්ම ස්තූතියි, කවීෂ..! 🙂 මේ සීරීස් එකට ප්‍රතිචාර අඩුවීම මටත් හිතාගන්න බෑ. මේක එහෙම අවුල් සීරීස් එකක් නෙමෙයි. කොහොමහරි බලමුකො තුන්වෙනි එක ලබන අවුරුද්දෙනෙ ඒ වෙද්දි හිතුණොත් කරනවා.
සහෝ ඩවුන්ලෝඩ් අඩුවෙන්න හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා කතාවෙ මුලින් පටන් ගද්දි තිබුනු කොලිටිය පහු වෙද්දි නැතිවීම. මටත් සමහර තැන් වලදි මේ කතාව බලන එක නවත්වන්නත් හිතුනා. ටිකක් විකාර වැඩි කරලා, නුවමනා විදියට ජෝක් එකක් වගේ වෙනවා වගේ දැනුනා කතාව. ඒත් බැලුවා අපි නම්..
සබ් වල අඩුපාඩුවක් නෙවෙයි.
Alamq bokka last epiyata sub dammata thanxs seson 3 sub akath kohomahari awama gemu kollo alama
බොහොම ස්තූතියි, සුදේශ්. බලමු තුන්වෙනි සීරීස් එක එන්නෙ ලබන අවුරුද්දෙනෙ, ඒ වෙද්දි හිතුණොත් සබ් කරනවා.
අපොයි.. නවත්නවද සහෝ.. ?
මොනවා කරන්නද ඉතින්.. කාටුන්ම (Animation) බල බලා ඉඳලා ආසාවෙන් මේක බලන්න ගත්තෙ. කොහෙද ඉතින් සබ් ගන්න එවුවොත් නිකමට කොමන්ටුවක් වත් කොටන් යන්නෙ නැහැනෙ හිතේ සතුටින් සබ් හදන අයගෙ මහන්සිය ගැන හිතලාවත්..
කොහොම වුනත් සුබ පැතුම් සහෝ.. ස්තුතියි අදත් සබට.. ?
බොහොම ස්තූතියි, හිරාන් 🙂 ! බලමු තව කල් තියනවනෙ, ඒ වෙද්දි හිතුණොත් තුනත් කරල දානවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
බොහොම ස්තූතියි, කුෂානි :-)!
Thanks bokka.kattiya na bn unanduwa comment danna balana unta padui ithin
නියමයි සබ් එකට තැන්ක්ස්…
Well done. Thank a lot for subs.
3 වෙනි එකත් කරන් යන් . මන් හිතන්නේ මඑ සිරියස් එක ගැන වැඩිදේනෙක් දන්නැ
S03 tath sub dennakoo… broo…
Tnks saho.. and season 03 enna patan gaththa. Kemathinam. Karanna. Balan innawa. Blanna. Good luck
Thnx Bro…sub ekta patta
උපසිරැසියට ස්තුතියි….