The Outpost තෙවන දිගහැරුම ::::ඩීමන් වැඩ පටන්ගනී♠:::
සුබ දවසක් වේවා Subzlk වාසින්ට.ඔන්න මේ පාර සබ් එක දෙන්න ටිකක් පරක්කු වුණා.පොඩි පොඩි වැඩ වගයක් යෙදිලා තිබුණා.මේ වෙනකොට හතරවෙනි කොටසත් ඇවිල්ලනේ තියෙන්නේ.ඒකටත් ඉක්මනටම සබ් එක දෙන්නම්.මේ දෙන්නේ මගේ 45 වෙනි නිර්මාණය,මේ වතාවෙනම් කොහොමහරි 50 ට එනවා කියලමයි වැඩ පටන්ගත්තා.මම හිතනවා තව ටික දවසකින් එතැනට යන්න පුළුවන්වෙයි කියලා.හරි එහෙනම් කතා කලා ඇති,අද කොටස පැත්තට යමු…
…කලින් කොටසෙදි මතක ඇති ටැලන් ගේ මායා බලය හින්දා ලු-කියුරි කියලා ඩීමන් කෙනෙක් එලියට එනවා.ඊට පස්සේ ඒ ඩීමන් නඟරය ඇතුලේ හැංගෙනවා.කොහොමහරි ටැලනුයි අර කම්මල්කාරයයි උත්සහ කරන්නේ ලු-කියුරි ව ආපහු හිටපු දිහාවට යවන්නයි.ඒ ගැන කියද්දි මතක් වුනේ අද කොටසේ එක තැනක සඳහන්වෙනවා අළු භූමිය[Ash land] කියලා තැනක් ගැන.කතාවට අනුවනම් අළු භූමිය කියන්නේ අර කලින් කියපු ලු-කියුරි ඩීමන්ලා ටැලන්ගේ මුතුන් මිත්තෝ,ඒ කියන්නේ කළු ලේ ඇති අය කාලේ ලු-කියුරිලා ව පිටුවහල් කරපු තැනටයි.ඒවගේම කළු ලේ ඇති අය කියන්නේ අර ලු-කියුරි ඩීමන්ලගේ රජතුමා නැත්තං පාලකයාගේ ලේ වලින් පැවත එන අය.ඉතින් ඒ හින්දා ලු-කියුරි කෙනෙක්ව අනිවාරෙන්ම පාලනය කරන්න පුළුවන් ඒ ලේ ඇඟේ තියෙන කෙනෙකුට විතරයි.ඒ කියන්නේ දැනට ඉතුරුවෙලා ඉන්න කළු ලේ තියෙන එකම කෙනා “ටැලන්”…පහුගිය කොටසේ අන්තිමේදි දැක්කනේ,ගැරට් ගේ යාළුවා කැල් ප්ලේග්ලින් කෙනෙක් බවට පත්වෙනවා.ඊටපස්සේ ටැලනුයි,ගැරටුයි දෙන්නා කැල් ගේ මිනියත් අරන් යනවා ජැන්සෝ ගාවට. මොකද මේ වගේ දේවල් ගැන දන්න ඒවගේම විශ්වාසවන්තම කෙනත් ජැන්සෝ වීම හින්දා…මුළු කතාවම මෙහෙම කියන්න ගියොත් බලන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑනේ.එහෙනම් තුන්වෙනි කොටසත් බාර කරන ගමන් අදට සමුගන්නවා.තෙරුවන් සරණයි!
*SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු
*ASS උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු
Year : 2018
Rating :
Genre : Fantasy
Actors : Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
Writer : N/A
Director : N/A
Plot : Talon, The Lone Survivor Of The Blackbloods, Sets Off To Track Her Family's Killers, And Discovers Her Supernatural Powers, Which She Must Learn To Harness.

සිංහල උපසිරැස Download කරගන්න 2192 times
thank saho
✍✍✍✍
ස්තූතිය ඔබට.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
super broo……..
Thankzzz bn 4th oni ikmantama…….😘😘😘
නියමයි…සබ් එකට තැන්ක්ස්…සබ් එක දෙනකම් හිටියේ..
thank You…..!!! Gd Lk…. Bro….
thanks saho jaya wewa
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
thanks you for sub
tnx godak
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….