The Outpost සිව් වන දිගහැරුම ::::♣ලු කියුරි ගේ පළිගැනීම♣:::
සුබ දවසක් වේවා Subzlk වාසින්ට.එහෙනම් අද Subzlk අපිට විශේෂ දවසක්.මොකද මේ වෙනකොට අපි මුළු උපසිරැසි සංඛ්‍යාව 1000 ට ඇවිල්ලා තියෙනවා.ඇත්තටම කිව්වොත් ලොකු සතුටක් අපි හැමෝටම මේ ආරංචිය.කවුරු කොහොම,මොනව කිව්වත් ඇතුලේ වැඩ වෙන විදිය දන්නෙ අපි.ඒ හින්දා අවංකවම ගොඩක් සතුටුයි සයිට් එක ගැන.එච්චර වයසක් නැතත්,ලංකාවේ ලොකු තැනක් හදාගත්තු වෙබ් අඩවියක් හින්දා.ඒවගේම හදවතින්ම සතුටුයි මේ වගේ සහෝදරයෝ පිරිසක් එක්ක මේ පහසුකම් එක්ක වැඩ කරන්න ලැබීම ගැන.ඒ වගේම කියන්න ඕනි ලංකාවේ හොඳම කලමණාකරණයක් තියෙන,හොඳම විනයක් තියෙන,සුපිරිම පිලිවෙලකට තියෙන එකම සයිට් එක Subzlk කියලා,ඒත් එක්කම Outpost මේ උපසිරැසිය අපේ වෙබ් අඩවියේ 1001 වෙනි උපසිරැසිය වෙනවා...ඉතින් ඒ සැමරුමත් එක්ක අද යමු එහෙනම් හතරවෙනි කොටස පැත්තට...
ඔන්න එහෙනම් මේ අරන් එන්නේ ද අවුට්පෝස්ට් කතා මාලාවේ හතරවෙනි කොටසයි.මේ කොටස නම්කරලා තියෙන්නේ නමින් Strange Bedfellows [අරුම පුදුම ඇඳ බෙදාගැනීම]කියලා.ඒකට හේතුවත් කතාව බලපුවාම අනිවා තේරෙයි.මුලින්ම කියන්න ඕනි අද කොටස ටිකක් හාස්‍යට බරයි.කොහොම වුනත් මේ කොටස විකාශනය වුනේ පසුගිය 31 දා.වැඩි කතා ඕනි නෑ.යමු අද කොටස පැත්තට...
...ටැලන් ගේ බලයෙන් එලියට ආව ඩීමන් තවත් කෙනෙක්ව මරනවා.ඊටපස්සේ ඒ කෙනාගේ මිනියත් අරන් ඇවිල්ලා ටැලන් නැවතිලා ඉන්න කාමරයට පහලින් පාරේ තැනක දාලා ගිහිල්ලා.ටැලන් මේ දේ දකින්නේ පස්සේ,හැබැයි ඒ වෙනකොටත් පාලක වෙදර්ස් ටැලන්ව හොයාගෙන ඇවිල්ලා.දැන් නම් වෙදර්ස් ට හොඳටම කේන්ති ගිහිල්ලයි තියෙන්නේ.ඇයි ඉතින් ටැලන් මුරපොලට ආව දවසේ ඉඳලා කවුරුහරි කෙනෙක් මැරෙනවා.ඒ හින්දා වෙදර්ස් ටැලන්ට තර්ජනය කරනවා,ටැලන් ටයි ටැලන් මුරපොලට අරන් ආව දේයි අරගෙන ඉක්මනටම පිටවෙලා යන්න කියලා.ඉතින් ටැලන් තීරණය කරනවා ඩීමන් ව හොයාගෙන යන්න.ඒත් ඉතින් ඌව පාලනය කරනවා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි.මොකද ලු කියුරි ඩීමන් ලා ටැලන්ලගේ වර්ගෙත් එක්ක ලොකු තරහකින් ඉන්නේ...ඒ මොකද කිව්වොත් ටැලන්ගේ ආදි මුතුන් මිත්තෝ තමයි ඒ ඩීමන් ලව අර කලින් කොටසෙදි කියපු අළු භූමියට පිටුවහල් කරලා තියෙන්නේ...ඒ වුනත් මේ හැම අවධානමක්ම අරගෙන ඩීමන් ව අල්ලන්න යන ටැලන්ට වෙන්නේ අවාසනාවන්ත දේකට මුහුණ දෙන්න...ඒ මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න.
ඉතින් තවත් මම කතා කර කර ඉන්න කැමති නෑ.ඉස්සරහට ටිකක් කාර්යබහුල වෙන තත්වයක් තමයි තියෙන්නේ.ඒවගේම මතක් කරන්න ඕනි සීරිස් එකේ ඊළඟ කොටස විකාශනය වෙනවා ලබන 7 වෙනිදා.ඉතින් ඒ කොටසත් පුළුවන් ඉක්මනටම ඔයාලා හමුවට අරන් එන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා.තෙරුවන් සරණයි හැමෝටම!
*SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු *ASS උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු





Windows 10Opera 55
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….