Wind River (2017) Sinhala Subtitle

October 17, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් කියල පිළිගන්නවා අදත් හැමදෙනෙක්වම.අදත් මම ඔබ වෙතට අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්.අනුවේදනීය සේම සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය නමින් වින්ඩ් රිවර් (Wind River 2017)…

නීතිය…අපට තනිව විසඳාගැනීමට නොහැකි ගැටලුවක්, කරදරයක් වූ විට අප පතන්නේ නීතියේ පිළිසරණ නමුත්…නීති පද්ධතියේම යම් වැරදි නීතියක් නිසා යම් ජනවර්ගයක් අසාධාරණයට ලක්වන්නේනම්, ඔවුන්ගේ ජීවිතවලට කිසිවකුගේ හව්හරණක් නැතිනම් එය කොතරම් කණගාටුවට කාරණයක්ද?මේ චිත්‍රපටයට පාදක වන්නේත් නීතියේ එවන් වරදක් නිසාවෙන් අදටත් ලොවට හොරෙන් අසාධාරණයට ලක්වන ජන කොටසක්.ඒ තමයි ඇමරිකාවේ ස්වදේශික රතු ඉන්දියානුවන්.සුදු ජාතීන් විසින් තම පාරම්පරික ඉඩකඩම් කොල්ලකාගන්නා තෙක්ම ස්වභාවධර්මයාත් සමගින් සරල දිවිපෙවෙතක් ගත කල ඔවුන්ට ඇමරිකානුවන් කළගුණ සැලකූවේ ඔවුන්ව රතු ඉන්දියානුවන්ටම වෙන්කල ප්‍රදේශවලට ගාල් කිරීමෙන්.එයින් හත්වෙනි විශාලතම ප්‍රදේශය ලෙස සැලකෙන්නේ මේ චිත්‍රපටයට පාදක වෙන වින්ඩ්රිවර් රතු ඉන්දියානු කලාපයයි.එය  නැගෙනහහිර ෂෝෂෝන් (Eastern Shoshone) සහ උතුරු අරපාහෝ (Northern Arapaho Native American) යන රතු ඉන්දියානු ගෝත්‍ර දෙක වෙනුවෙන්ම සැකසූවක්.ඒ ගැන සඳහන් කරල නීතිය ගැන සඳහනක් නොකලොත් ඒක අඩුපාඩුවක්නෙ.එක්සත් ජනපද රජය 1978 වර්ෂයේ සම්මත කරගත් නීතියක් (Oliphant v. Suquamish) අනුව, අධිකරණය විසින් රතු ඉන්දියානු බිමක යම් අපරාධයක් කරන ඉන්දියානු නොවන කිසිවෙක් අත්අඩංගුවට ගැනීමේ අයිතිය රතු ඉන්දියානුවන්ට අහිමි කරනවා.වින්දිතයා හෝ අපරාධකරු යන දෙදෙනාගෙන් ඕනෑම අයකු ඉන්දියානුවෙකු නොවේනම් අත්අඩංගුවට ගැනීම කල යුත්තේ රජයේ නිලධාරියෙක් විසින්.අපරාධකරු ඉන්දියානු නොවන අයෙක් වී වින්දිතයා ගෝත්‍රයේ ලියාපදිංචි සමාජිකයෙක්නම්, අත්අඩංගුවට ගැනීමෙ අයිතිය ඇත්තේ ෆෙඩරල් නියෝජිතයෙකුටම පමණයි.සිදුවී ඇත්තේ ඊට විරුද්ධ අතට නම් රතු ඉන්දියානු පොලිස් නිලධාරියෙකුට අත්අඩංගුවට ගැනීම කල හැකි නමුත් නඩුව යා යුත්තේ ෆෙඩරල් අධකරණයක් හමුවටයි.මේ හේතුව නිසාවෙන් සහ තවත් හේතු නිසාවෙන් මේ වෙන්කල ප්‍රදේශවල අපරාධකල බොහෝ අපරාධකරුවන් නීතියේ රැහැනින් ගැලවී යනවා.මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර  චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ රචක Taylor Sheridan එම පෙදෙසට යන විටත් නොවිසඳුණ කාන්තා මරණ 12ක් තිබුණාලු.

දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට….

කෝරි ලැම්බර්ට් (Jeremy Renner) වනජීවී නිලධාරියෙක්.ඔහුගේ රාජකාරිය ගොවිපොළවල් වලට සිදුවන සත්ව ප්‍රහාර වැලැක්වීම.දිනක එවන් ගැටලුවක් විසඳීමට ඔහුට වින්ඩ්රිවර් වෙත යන්නට සිද්ධවෙනවා.එහිදී ඔහු සෙවූ දේ වෙනුවට ඔහුට හමුවෙන්නේ කාන්තා මළසිරුරක්.පෙරකී නීතිය නිසා මේ ගැටලුවටත් ඔවුන් සරණපතන්නේ FBIඑකෙන්.එහෙත් ඔවුන් මෙය විසඳීම සඳහා එවන්නේ ඒතරම් පළපුරුදු කෙනෙක් නෙමෙයි.කොහොමින්හරි කෝරිටත් සිද්ධවෙනවා මේ විමර්ශණයේ කොටස්කරුවෙක් වෙන්න.නමුත් මේ නීතිමය බාධකය මැද්දේ ඒක ඒතරම් ලේසි වෙන්නේ නෑ.එහෙනම් IMDB අඩවියෙන් 7.9ක අගයකුත්,Rotten Tomatoes වෙතින් 87%ක අගයකුත්, ගූගල් පරිශීලකයන් 80%කගේත් ප්‍රසාදය ලබමින් සම්මාන 4කින්ද පිදුම් ලබා ජෙරමි රෙනර්, එලිසබෙත් ඔල්සන්, කෙල්සි ඇස්බිල්, ජූලියා ජෝන්ස් ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් රැසකගේත් රංගනයෙන් හැඩවුණ වින්ඩ් රිවර් නොහොත් හිමේ සැඟවුණ රතු ඉන්දියානු කඳුළු දකින්න ආරාධනා කරමින් මම ගිහින් එන්නම් ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු…ඔබට ජය!!!

  • තොරතුරු ස්තූතිය විකිපීඩියා සහ IMDB අඩවිවලට!!!

Spoiler Warning : Cory Lambert is a wildlife officer who finds the body of an 18-year-old woman on an American Indian reservation in snowy Wyoming. When the autopsy reveals that she was raped, FBI agent Jane Banner arrives to investigate. Teaming up with Lambert as a guide, the duo soon find that their lives are in danger while trying to solve the mystery of the teen’s death…

Available Torrents
720p bluray 782.91 MB
1080p bluray 1.62 GB
2160p bluray 4.86 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (27)
  • Sajith Anthony User
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • hasitha Prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, සජ්ත් 🙂

  • Ravinga Unregistered
    Android 5.1 Chrome 50

    sinhala sub ekata godak thanx broo

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    හසිත .පුද්ගලිකවම ඔයාගෙ උපසිරැසි වලට ඇලුම් කරනව උපසිරැසි ලියන විදිය නම් GREAT . එක අමුතුවෙන් කියන්න ඔනෙ නැ සබ් දිගටම දෙන්න ඔන්න. ඔයා තොරගන්න චිත්‍රපට තමා නියම. The invisible Guest 2016 එව නම් ලොවෙත් නැති ෆිල්ම් . ඔයාට ගොඩක් ස්තුතියි එවගෙ චිත්‍රපටයක් බලන්න සැලැවිමට. තව මොන කතාද මම මෙ සයිඩ් එකෙන් බලපු පලවෙනි උපසිරැසි ය මාර්ශලැන්ඩ් මුවි එක. ලොකු පැහැදිම ඇති උනා ඇත්තටම . නියමයි සහෝදරයා

    • Hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      මං වගේම ස්පැනිෂ් ඒවට නේද ගොඩක්ම කැමති? මාෂ්ලන්ඩ් ගැන කියනවනං මටත් ස්පැනිෂ් පිස්සුව ඇතිවුණේ ඔය ෆිල්ම් එකෙන්. තව ස්පැනිෂ් එකක සබ් එක බාගයක් විතර කරල තියෙන්නෙ ඉවර කරල දෙන්නම් ඉක්මනට. හෘදයාංගම ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.

    • Mithun Unregistered
      Android 6 Chrome 58

      viswasa karan na saho man me google eka baluwa monawa hoda Spanish move thawa thi kiyala . Mn me kalpana kala oya hari apuruwata ewata sb liyanawa .pisdu haduna -the invisible guest ekata nm .ewage daka ,tunak baluwa mara asa hituna. Ma okkama oya sab dunna ewa list ekata danna kiyala inne taraha wanna epa… ewaga move thiya nm danna godak satutin araganna හසිත .

    • Hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      සබ් ලියනව කියල මං විශේෂ දෙයක් කරන්නෙ නෑ ,මිතුන්, කතාකරන සිංහලට පුළුවන්තරම් ලංවෙන්න ලියනව එච්චරයි. ෆිල්ම් හොයද්දි හොඳයි කියල හිතෙන ස්පැනිෂ් ෆිල්ම්ස් එහෙම හම්බවුණොත් මේල් එකක් දාන්න hasithaprasad867@gmail.com

  • Anjana Gunathilaka Unregistered
    Windows 10 Chrome 62

    බොහොම ස්තූතියි. ජය !!!

  • lahiru ishan Unregistered
    Android 5 UC Browser 10.9

    Thanks machan

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    patta bn supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search